විදේශ පුවත්

ලංකාවේ වේලාවෙන් ඊයේ (4) සවස හත වන විට නිකුත්ව තිබූ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර පැවතියේ ඉතා උණුසුම් කරට කර තරගයකි. ඒ වනවිට ගණන් කර තිබූ ඡන්දවලට අනුව බයිඩ්න් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 238 දෙනෙකු දිනාගෙන සිටි අතර ට්‍රම්ප් දිනාගෙන සිටි ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණන 213කි. එම ප්‍රතිඵල දැක්වුණේ අල් ජසීරා සහ ගාඩියන් යන විදෙස් පුවත් සේවාවලය. බී.බී.සී. සහ සී.එන්.එන්. යන පුවත් සේවා වාර්තා කර තිබුණේ බයිඩන් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 224ක් සහ ට්‍රම්ප් 213ක් ඒ වන විට දිනාගෙන සිටි බවය.

තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ඡන්ද විද්‍යාල නියෝජිතයින් සංඛ්‍යා ඉහත සංඛ්‍යාවලට ඇතුළත් නොවීය. එම ප්‍රාන්ත වැඩි ගණනක ඒ වනවිට ට්‍රම්ප් ඉදිරියෙන් සිටි බව පෙනිණි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇති ආකාරයක්ද දිස් විය. නමුත් ඡන්ද සියල්ල ගණන් කළ විට ජයග්‍රාහකයා කව්රුන් වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් විශාල අවිනිශ්චිතතාවක් පැවතිණි. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට පෙනී ගිය කාරණයක් වූයේ අපේක්ෂකයන් දෙදෙනාටම වැදගත් තරග බිම් වූ ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින්, මිචිගන් සහ පෙන්සල්වේනියා ප්‍රාන්තවල කරට කර තරගයක් පැවැති බවය.

මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයක් වන්නේ භාවිත වූ ඡන්ද ප්‍රතිශතය පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි වීමය. එමෙන්ම වේලාසනින්ම තැපැල් ඡන්ද භාවිතා කළ විශාල පිරිසක් සිටීමද විශේෂත්වයකි. ඒ ආකාරයෙන් විශාල පිරිසක් තැපැල් ඡන්ද භාවිතා කළේ කොවිඩ් වසංගත තත්ත්වය නිසාය. ඊයේ සවස් වනවිට ගණන් කිරීමට ඉතිරිව තිබූ ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් මෙම තැපැල් ඡන්දය. මේ ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් බයිඩ්න්ට වාසිදායක වනු ඇති බවටද අදහස් පළ වී තිබිණි. ඒ අනුව ට්‍රම්ප් ඉදිරියෙන් සිටි ප්‍රාන්තවලද අවසන් ප්‍රතිඵලය කුමක් වනු ඇත්දැයි පැහැදිලිව කිව නොහැකි විය. මෙම පසුබිම තුළ ඉතිරි තැපැල් ඡන්ද ගණන් කිරීම වැලැක්වීම සඳහා ට්‍රම්ප් අධිකරණ තීන්දුවක් ගැනීමටද සූදානම් වෙමින් සිටියේය. ඔහු මුල පටන්ම පවසමින් සිටියේ මෙම තැපැල් ඡන්ද හරහා බයිඩ්න්ට වාසි වන ආකාරයේ ඡන්ද දූෂණයක් සිදු වීමට ඉඩ ඇති බවය.

ඡන්ද ගණන් කිරීම අවසන් නොවී තිබිය දී ට්‍රම්ප් තමා ජයග්‍රහණය කර ඇති බවට ප්‍රකාශයක් සිදු කිරීමද විශාල ආන්දෝලනයක් ඇති කළේය. ඔහු එසේ පැවසුවේ ඉහත කී තීරණාත්මක ප්‍රාන්තවල ඒ වනවිට ඔහු ඉදිරියෙන් සිටි තත්ත්වය අනුව බව පෙනිණි. මේ අතර ජෝ බයිඩ්න්ද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ලැබෙන ප්‍රතිඵල අනුව තමන් ජයග්‍රහණයේ මාවතට පිවිස ඇති බවය.

මේ අතර පවතින උණුසුම් තත්ත්වය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගනු ඇතැයි යන සැකය නිසා රට පුරා ආරක්‍ෂාව තර කර තිබේ. සාප්පු සහ වෙනත් ව්‍යාපාරික ස්ථාන ආදියද ඒවායේ හිමිකරුවන් ආරක්‍ෂක පුවරු යොදා ආවරණය කර ඇති ආකාරය දැකිය හැකි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More