දේශීය පුවත්

වසර තිහක් තිස්සේ යුද්ධ කර ලබා ගන්න බැරි වූ දේ කොළ කෑල්ලක අස්සන් කරලා ලබා දෙනවා නම් එයට ඉඩ දීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේදී පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පොළොන්නරුව, දියබෙදුම, පැරකුම්ගම ශ්‍රී ඥානෝද්‍යාරාම විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමිනි. විහාරාධිපති තලංපිටියේ විජිතවංශ හිමියන්ගේ අනුශාසනා හා මඟපෙන්වීම යටතේ මෙම හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබූ අතර හිස තෙල් ගෑමෙන් අනතුරුව ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“අපේ සිංහල සංස්කෘතිය අනුව සිංහල අලුත් අවුරුද්ද සමරලා නැකැත් වේලාවට හිස තෙල් ගෑම අද ඉටු කරනවා. මේ සංස්කෘතික බැඳීම, සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙන යෑම අනාගත පරම්පරාවට දුවා දරුවන්ට මේ සිරිත් විරිත් පිළිබඳව අවබෝධයක් ලබාදීම සහ එය මතුවටත් ගෙන යෑමේ වගකීම ඔවුන්ට භාර දීමත් අපේ යුතුකමක් හා වගකීමක්. තමුන්නාන්සේලා දන්නවා මේ යුගය පිළිබඳව. මම ස්තුතිවන්ත වෙනවා ඔබට. මේ ආසනය මේ දිස්ත්‍රික්කය හැම අවස්ථාවකම ප්‍රගතිශීලීව හිතට එකඟව රට, ජාතිය ගැන හිතලා කටයුතු කරපු පිරිසක්. අපි පොළොන්නරුවේ ජයග්‍රහණය කළා. ඒක වැදගත් අවස්ථාවක් සහ පොළොන්නරුවේ ජනතාවගේ හැඟීම් පිළිබඳව ලෝකයාට දන්වන පණිවුඩයක් ඒ තුළින් ගෙනාවයි කියලා මම විශ්වාස කරන්නේ. අපි නිදහස් කර ගත්ත රට ත්‍රස්තවාදීන්ට ලබා දෙන්න පුළුවන්කමක් නෑ. ඔවුන් අවුරුදු 30ක් තිස්සේ යුද්ධයකින් ගන්නට බැරි වෙච්ච දේ කොළ කෑල්ලක අස්සන් කරලා ලබා ගන්නවා නම් ඒකට ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. සියලු ජාතීන් එකට ජීවත් වෙන්න ඕන. මේ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මේ රටේ සියලු ජාතීන්, ආගම් භේදයෙන් තොරව මුළුමහත් ජනතාවම සුඛිත මුදිත කරන සෞභාග්‍යවත් නව වසරක් වෙන්න කියලා මම හැම කෙනකුටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතාම ඉක්මනින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ කිහිපදෙනෙක්ම එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More