පුරවැසි කොලම

“වංචා සහ දුෂණ”, “විවුර්ත සහ විනිවිදභාවය”, “යහ පාලනය”, “මානව හිමිකම්” ……………… පිළිබඳව බණ කියමින් “මහා සම්මත” රාජ්‍යයක් ලෙස “රඟපාමින්” මුලු ලොවේම ස්වාධීන රාජ්‍යයන් දුබල කරමින් එම රටවල සම්පත් සුරාකෑමට කැසකවන ඇමරිකාවේ සැබෑ “නිරුවත” ජෝ බයිඩන්ගේ පුතා හන්ටර් බයිඩන්ගේ පරිගණකයෙන් හෙළිවේ.

ඕනෑම ආධුනික “හැකර්” කෙනෙකුට පහසුවෙමන් සොයාගත හැකි “Hunter02” ලෙස හන්ටර් බයිඩන්ගේ අත්හැර දමන ලද “MacBook Pro” පරිගණකයේ රහස් අංකය යොදා තිබීමෙන් ඔහුගේ පරිගණකය හරහා හෙළිදරව්වූ අතිශය රහස් තොරතුරු නිසා ඇමරිකාවේ “මහා සම්මත නිරුවත” ලොවටම හෙළිදරව්වෙමින් පවතින බව එක්සත් රාජධානියේ “Daily Mail” පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, “හන්ටර් බයිඩන්” විසින් පාවිච්චිකරන ලද මෙම පරණ පරිගණකය 2019 අප්‍රේල් 12 වන දින, ඇමරිකාවේ Delaware ප්‍රාන්තයේ Welington හි පිහිටි Maclsaac නැමැත්තෙකුට අයත් පරිගණක අලුත්වැඩියා කරන කඩයකට අලුත්වැඩියාව සඳහා බාරදී ඇති අතර ඉන්පසු එය රැගෙන යෑමට හන්ටර් බයිඩන් පැමිණ නැත. ඇමරිකානු නීතිය අනුව දින 90 කට පසු එනම් 2019 ජුලි 11 ට පසුව එය Maclsaac ට අයත් වී ඇත. එම පරිගණකයේ 2011 වර්ෂයේ සිට, ගිගාබයිට් 11ක (11 GB) රහසිගත දත්ත ඇතුලත්ව තිබී ඇත. කෙසේ වුවද මේ වනවිට ජෝ බයිඩන් අනුගාමිකයින්ගේ තර්ජන තමන්ට එල්ල වෙමින් පවතින බව Maclsaac පවසන අතර එම පරිගණකය 2019 දෙසැම්බර් 23 දින රැගෙන ගිය FBI නිලධාරීන්ට ඒ බව දැනටමත් දන්වා ඇත. මේ සිද්ධිය හේතුකොටගෙන තම ව්‍යාපාරය වසා දැමීමට තමාට සිදු වන බව ද ඔහු පවසා ඇත.

මෙම තොරතුරු අතර, ජෝ බයිඩන් ඔබාමාගේ උප ජනාධිපති ලෙස සිටියදී ඔහුගේ අතිශය රහසිගත ජංගම දුරකථන අංක, ඊ මේල් ලිපිණයන් 3ක් මෙන්ම ඔහුගේ රහසිගත ආරක්ෂක නිළධාරීන්ගේ නම් හෙළිදරව් වී ඇත. තවද, බිල් ක්ලින්ටන්ගේ, හිලරි ක්ලින්ටන්ගේ, ඔබාමාගේ සියලුම කැබිනට් සාමාජිකයින්ගේ, හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ හිටපු FBI ප්‍රධානී Louis Freeh ගේ සහ ඇමරිකාවේ ඉහලම ඇවරියේ 1500 කගේ ජංගම දුරකථන අංක මෙහි තිබී ඇත. මෙම බොහෝ තොරතුරු ඉතා සංවේදී ආරක්ෂක තොරතුරු බව විශ්ලේෂකයින් පවසයි.

චීනය සහ යුක්රේනය සමඟ තිබූ හන්ටර් බයිඩන්ගේ ආන්දෝලනාත්මක ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව ද මෙම තොරතුරු අතර තිබී ඇත. මෙම ගනුදෙනු වලට ජෝ බයිඩන්ගේ සම්බන්ධතාවයක් ඇත්දැයි තවමත් තහවුරු වී නැති අතර කිසිදු විදේශ මුලාශ්‍රයකින් කිසි දිනක සතයක් වත් ලබාගෙන නැති බව ජෝ බයිඩන් ප්‍රකාශ කරයි. කෙසේ වුවද අසාර්ථක වූ එක් චීන ව්‍යාපාරික ගනුදෙනුවක් පිලිබඳ ඊ මේල් පණිවිඩයකට අනුව ඉහලම පුද්ගලයා (‘the Big Guy’) ට 10%ක් ගෙවිය යුතු බව සඳහන් වේ.

එමෙන්ම, හන්ටර් බයිඩන් මත්ද්‍රව්‍ය වලට මෙන්ම කාමුක වීඩියෝ දර්ශණ නැරඹීමට තදින් ඇබ්බැහි වූවකු බව මෙම තොරතුරු හරහා අනාවරණය වී ඇත. නිරුවත් සමාජ ශාලාවකදී ඇමරිකන් ඩොලර් 14,000/=ක් එක් රාත්‍රියක් තුලදී ඔහු විසින් වියදම් කර ඇති බව එම වාර්තාවේ දැක්වෙන අතර කාමුක වීඩියෝ දර්ශණ සඳහා ප්‍රචලිත jasmin.com නමැති වෙබ් අඩවියෙන් ඔහු ඉල්ලා ඇති US $ 21,000/=ක ණය පහසුකමක් ප්‍රතික්ෂේප වී ඇත. කෙසේ වුවද ළමයින් සමඟ කාම සේවනයේ යෙදීමට කැමැත්තක් දැක්වූවකු ලෙස ඔහු වඩා ප්‍රසිද්ධ බව වාර්තාවේ.

කෙසේ වුවද, FBI ආයතනය විසින් මෙම තොරතුරැ සම්බන්ධයෙන් හන්ටර් බයිඩන්ගේ ප්‍රධාන ව්‍යාපාරික සගයෙකු වන Tony Bobulinski ගෙන්, ඔක්තෝබර් 23 දින දීර්ඝව ප්‍රශ්ණ කර ඇත. ඔහු මේ පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් FBI ආයතනය වෙත හෙළිදරව් කර ඇති බව New York Post පුවත්පත වාර්තා කරයි.

මේ අතර ට්‍රම්ප්ගේ නීතිවේදියා වන නිව් යෝර්ක් හිටපු නගරාධිපති Rudi Giuliani පවසන්නේ මෙම තොරතුරු අතර ඇති ඊ මේල් සහ SMS පණිවිඩ 80,000ක් හරහා ජෝ බයිඩන් විසින් සිදු කර ඇති අල්ලස් හා දූෂණ, ඔත්තු බැලීම් සහ මුදල් විශුද්ධිකරණය පිලිබඳ තොරතුරු රාශියක් හෙළිදරව් වී ඇති බවයි. ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍ය වලින් 80%ක්ම බයිඩන්ට පක්ෂපාතිව කටයුතු කිරීම නිසා මෙම තොරතුරැ හෙළිදරව් කිරීම ඔවුන් හිතාමතාම වැළැක්වූ බවට චෝදනා කරනා ඔහු Covid 19 වසංගත තත්වයන් යටතේ වුව ද ඇමරිකානු ආර්ථිකය බිඳ නොවැටී ඉදිරියට ගෙනයෑමට ට්‍රම්ප් සමත් වූ බවයි.

මෙම මැතිවරණය, ජෝ බයිඩන්ගේ “තණ්හාව” වෙනුවෙන් දේශප්‍රේමය සහ “ක්‍රෝදය” වෙනුවෙන් රටේ යහපත උගස් කිරීම පදනම් කරගත් එකක් වූ බව ඔහු පවසයි. බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරය පිටුපස, උග්‍ර ධනපතියන් වන “වංක මාධ්‍ය” සහ “ඖෂධ” මාෆියාව ක්‍රියාත්මක වූ බව ද ඔහු පවසයි.

බයිඩන්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වන අපකීර්තිමත් ජෝජ් සෝරෝස් විසින් ප්‍රාන්තවල නගරාධිපතිවරුන්ට සහ යම් අධිකරණ නිළධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට ද Rudi Giuliani චෝදනා කරයි.

මෙම සිද්ධිදාමය හෙළිදරව් කිරීම “පමා කිරීම” පිටුපස ඇමරිකාවේ ඉහලම ධනපති පංතිය සිටින බවට චෝදනා කරන ට්‍රම්ප් එම පංතියේ බලපෑම මත ප්‍රධාන පුවත්පත් මෙන්ම ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලා ද ක්‍රියාත්මක ව ඇති බවට ද චෝදනා කරයි.

ජෝ බයිඩන්ගේ ආධාර කරුවන් ප්‍රකාශ කරන්නේ මෙය ජෝ බයිඩන් බලයට පත්වීම වැලක්වීමට චීනය සහ රුසියාව දියත් කරන කුමන්ත්‍රණයක් බවය.

මෙම New York Post ප්‍රවුර්තිය යටගැසීමට කටයුතු කිරීම පිළිබඳව සෙනේට් සභාව විසින්, Twitter ප්‍රධාන විධායක Jack Dorsey ගෙන් ප්‍රශ්ණ කර ඇත. විශේෂයෙන්ම ටෙක්ස්සාස් සෙනේට් සභික Ted Cruz විසින් මේ පිළිබඳව දැඩි ලෙසම ප්‍රශ්ණ කර ඇති අතර Jack Dorsey එහිදී ඒ පිළිබඳව තම ආයතනයෙන් වූ වරදට සමාව භජනය කර ඇත.

ඇමරිකාව “මහා සම්මත” රාජ්‍යයක් ලෙස රඟපාමින් ලොව පුරා පැතිරීමට උත්සාහ කරන “නව ලිබරල් වාදයේ” සැබෑ නිරුවත මෙම සිද්ධිදාමය හරහා “නිරුවත් වෙමින්” පවතී. මොවුන් ද “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” කණ්ඩායමක්ම පමණක් බව හෙලිදරව් වෙමින් පවතී.

ඇමරිකාවේ වත්මන් දේශපාලන තත්වයේ අස්ථාවර බවක් පෙන්වමින් කතානායිකා Nancy Pelosi සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අනුව ජෝ බයිඩන් ජයග්‍රහණය කලද ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකින් අනතුරුව ඉන්දියානු-අප්‍රිකානු මිශ්‍ර සම්භවයක් ඇති කමලා හැරිස් ජනාධිපති කරවීමේ සැලැස්මක් ඇති බවක් ද පෙනී යයි. මේ අනුව ජෝ බයිඩන් ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ද ඔහුට ජනාධිපති පුටුවේ වැඩි කලක් සිටිය නොහැකි බවක් ද පෙන්නුම් කරයි.

ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් “ඩිමොක්‍රටික් පක්ෂය” ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ විට වඩා මානව හිතවාදී පාලනයක් ඇමරිකාවේ ඇතිවනු ඇතැයි ද එය ලෝක සාමයට මෙන්ම වඩා යහපත් ලොවක් බිහි කිරීම සඳහා හේතු වේයැයි දෑස් දල්වා බලා සිටින ඇමරිකානුවන්ට මෙන්ම අන්‍ය ලෝ වාසීන්ට ද අවසානයේදී සිදු වී ඇත්තේ තමන් තවත් වටයකින් කබලෙන් ලිපට වැටීමක් පමණක් බව ඉක්මනින්ම අවබෝධ වනු ඇත.

අවසානයේදී ජයග්‍රහණය කර ඇත්තේ ජෝ බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂය, ඇමරිකානු සමාජවාදය හෝ ඇමරිකානුවන් සහ අන් ලෝවාසින් දෑස් දල්වා බලා සිටින වඩා මානවවාදී පාලනයක් නොව, Black Lives Matter, George Soros Foundation, Rockefeller Foundation වැනි සංවිධාන සඳහා මුල්‍ය දායකත්වය දෙන, Klaus Schwab, Prince Charles, Bill & Milinda Gates, George Soros, Michael Ryan ප්‍රමුඛ ප්‍රධාන ව්‍යාපාර 269ක හාම්පුතුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් Antonio Guterres, ලෝක සෞඛ්‍ය සංවිධානයේ Tedros Adhanom Ghebreyesus බව පමා වී හෝ සියලු දෙනාම තේරුම් ගන්නවා ඇත.

එම හාම්පුතුන්ගේ ව්‍යාපාරික අභිප්‍රාය වන, ඔවුනට අවශ්‍ය පරිදි “ලෝක ආර්ථික සමුළුවේ” (World Economic Forum) නියෝග සුවචව, කීකරුව පිළිපදින රාජ්‍යයන් ලොව පුරා බිහි කර ගැනීම සඳහා උපරිම උත්සාහය ඔවුන් විසින් නිරන්තරයෙන්ම දරනවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද උපරිම අනුග්‍රහය ඇතිව, Covid 19 සඳහා යයි කියමින් “නැනෝ චිපයන් අඩංගු එන්නත්” ලොව පුරාම ලබා දෙනු ඇත. ඒ හරහා සමස්ත පෘතුවිය පුරාම සිටිනා සියලු මනුෂ්‍යයන්ගේ දත්ත 5G ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලබා ගනු ඇත. ඉදිරියේදී ලොව පුරා සිවිල් යුද්ධයන් වඩ වඩාත් විමධ්‍යගත කරනවා ඇත. ඒ සඳහා දැනටමත් ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය මෙන්ම ඇමරිකාව ද ඇතුළු රටවල් කිහිපයකම කුඩා කණ්ඩායම් වලට අවි පුහුණුව දීම අරඹා ඇත. දින කිහිපයකට පෙර ඔස්ට්‍රියාවේදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මේ බව මනාව තහවුරු වේ.

අවසානයේදී සමාජවාදී රතු ඇඳුමෙන් සැරසී පැමිණ ඇත්තේ ද ඇමරිකාවේ “උග්‍ර ධනපති පන්තියම (Elite Class) වඩාත් බලවත් වෙමින්” බව ඉක්මනින්ම වැටහී යනු නොඅනුමානය.

1987 දී ප්‍රකාශිත Sidney Sheldonගේ Windmills of the Gods කෘතිය කියවා ඇති අයෙකුට මෙම සන්ධර්භය (context) තේරුම් ගැනීම පහසු වනු ඇත. එමෙන්ම ඔහුගේ Stars Shine Down කෘතිය කියවා ඇති අයෙකුට නව ලිබරල් වාදයේ තවත් ප්‍රභල ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන “දේපළ සංවර්ධනයේ” (Real State Development) නාමයෙන් සිදුකරණ වංචා සහ ඔවුන් තවත් එක් මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ නිසි අවබෝධයක් ලබා ගත හැක.

මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයින් වන අප; මෙම නව ප්‍රවණතාවයන් වඩා මුහුකුරා ගිය නුවණකින් අවබෝධ කර ගෙන, අපගේ දේශීයත්වය මුල් කරගත් වැඩ පිළිවෙලක් ශ්‍රී ලාංකීය පොලවේ ස්ථාපිත කිරීම සඳහා යුහුසුලුවම කටයුතු කිරීම ඉතා ගුණදායක වනු ඇත.

ඒ සඳහා අපගේ අහසට, අපගේ පොලවට සහ අපගේ මුහුදට වඩාත්ම සුදුසු ලෙස ගැලපෙන, සංකීර්ණ “ජාතික ප්‍රතිපත්ති” සහිත “නිර්ව්‍යාජ මහා සම්මත” වැඩ පිළිවෙලක් සකසා ගත යුතුය. ඒ වෙනුවෙන් “රාජ්‍ය පාලනයේ” ප්‍රධාන කුලුණු හතර වන විධායකය (Executive), ව්‍යවස්ථාදායකය (Legislature), අධිකරණය (Judiciary), සමස්ථ ජන මාධ්‍යය (Media) පමණක් නොව “රාජ්‍ය පරිපාලනයේ” (Public Service) නිළධාරීන් සමඟ සමස්ථ ජන සමාජයම ජාති, ආගම්, කුළමල සියලු භේදයන් දුරලා, රටේ සැබෑ සාමය සහ සැබෑ සංහිදියාව පදනම් කරගත් රටේ අභිවුර්ධිය ගැනම පමණක් සිතා එක පෙලට සිට ගත යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More