විශ්වාසභංග යෝජනාවේදී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරීම තබා විපක්ෂයේ අසුන් ගැනීමටවත් සදාචාරාත්මක අයිතියක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පැවසීය.
විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය ඇත්තේ රනිල් වික්‍රමසිංහට කඩේ යන පක්ෂ නායකයන්ට නොව තුන් වසරක් තිස්සේ වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව සටන් කරන ඒකාබද්ධ විපක්ෂයට බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කෙළේ මිනුවන්ගොඩ පැවැති ජන හමුවකදීය.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මේ වතාවේ උදා වෙලා තියෙන්නේ ජනතාවට කිරිබතක්වත් උයා ගන්න බැරි වුණු අවුරුද්දක්. පොල් ගෙඩිය රුපියල් සීයට ගිහින්. හාල් කිලෝව එකසිය විස්සට ගියාම කොහොමද මිනිස්සු කිරිබත් උයන්නේ කියලා මේ ආණ්ඩුවට කල්පනා වෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කිසිම නායකයකුට ජනතාව කන බොන විදියෙන් වැඩක් නැති නිසයි.
අගමැතිව, ආණ්ඩුව රකින්න විපක්ෂ නායකවරයා රෙදි නැතිව කඩේ යන එකම රට ලංකාව වෙන්න ඇති. අගමැතිගේ පදයට නටන විපක්ෂ නායක ඊට වඩා හොඳයි ආණ්ඩුවට ගිහින් ඇමැතිකමක් ගත්තා නම්, මේ විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට මිසක් ආණ්ඩුව රකින්න රෙදි නැතිව කඩේ යන දෙමළ ජාතික සන්ධානයට නෙවෙයි.
පසුගිය අවුරුදු තුන පුරාම මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව සටන් කළේ ඒකාබද්ධ විපක්ෂය පමණයි. ඒ හින්දයි ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහයෝගය දැක් වූ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන්නේ. මේ රටේ සැබෑ විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය කියන එක දැන් රටටවත් ලෝකයටවත් රහසක් නෙවෙයි.
අද නිදහස් පක්ෂය තුනට කැඩිලා ඉවරයි. ඒකේ ඉන්නවා ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන මන්ත්‍රිවරුන් පිරිසක්. එයාලා තමයි මෛත්‍රි පිල. ඊළඟට ඉන්නවා රනිල්ට සහයෝගය පළ කරන මන්ත්‍රිවරුන් කණ්ඩායමක්. විශ්වාසභංගයට සහයෝගය නොදී ගෙවල්වල ඇඳන් යට රිංගපු සමහර ලේකම්ලා එහෙම අයිති වෙන්නේ නිදහස් පක්ෂයේ මේ නිල් පිලටයි.
ඊළඟට ඉන්නවා නිදහස් පක්ෂයේ වැඩිම පිරිසක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද පිල. රට වෙනුවෙන් කතා කරන, රට වෙනුවෙන් පෙනී සිටින සැබෑ මහජන නියෝජිතයන් ඉන්නේ මේ මහින්ද පිලෙයි. අපි අනෙක් මන්ත්‍රිවරුන්ටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි ඔය රනිල්ගේ කටු ලොවින අයව නම් අපි භාරගන්න සූදානම් නැහැ.
මොකද මහ ලොකු ඇමැතිකම් දැරුවත් ඒ අය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ අය දැන් දේශපාලනමය වශයෙන් අවලංගු කාසි. අපේ පැත්තේ ඉන්න දේශප්‍රේමී මන්ත්‍රිවරුන් එක්ක හැරෙන්නවත් ඔය රනිල්ගේ දේශද්‍රෝහී නඟුටන්ට ඉඩක් නැහැ. පක්ෂයට මේ ඉරණම අත්කළේ වර්තමාන ජනාධිපතිවරයයි, සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ වත්මන් ලේකම්වරුන් දෙන්නයි.
ඒ අය එකතු වෙලා තමයි නිදහස් පක්ෂයේ ගෙල සිර කළේ. ඒ අය එකතු වෙලා තමයි පක්ෂයේ ජේයෂ්ඨයන් එළවලා දාලා බබා දේශපාලනඥයන්ට ප්‍රධාන තනතුරු දීලා පක්ෂය විනාශ කළේ. මේ සාපයෙන් ගැලවෙන්න එයාලට කවදාවත් බැහැ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...