දේශීය පුවත්

අන්ර්ජාලය හරහා පලවන ප‍්‍රවෘත්තිවල පැහැදිලි ලෙසම 75%කට වැඩිය පවතින්නේ අසත්‍ය තොරතුරු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා මහනුවර ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම් සම්බන්දයෙන් සත්‍යයට වඩා අසත්‍ය දේවල් ප‍්‍රචාරය වී ඇති බවද ඒ මහතා කියා සිටී.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව සදහා බි‍්‍රතාන්‍යයට පැමිණ සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.

මහනුවර ඇති වූ සිදුවීමෙන් පැය කිහිපයක් තුල සමාජ වෙබ් අඩවි වසා දමන්නට හැකි වූ බවත් ඊට තානාපතිවරුන් මෙන්ම විවිධ පුද්ගලයන් ඊට දැඩි විරෝධයක් එල්ල කල බවත් ඔහු සදහන් කලේය.

ඒ කිසිවකට නොසැලි නොබියව ගතයුතු තීන්දුව ගත් බවත් එනිසා රටක් ලෙස සිදුවන්නට ගිය විශාල විනාශයක් වලක්වා ගත හැකි වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඇමරිකාවටවත් බැරි වූ සමාජ වෙබ් අඩවි වාරණය කිරීම ශ‍්‍රී ලංකාව සිදු කලේ යයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කර තිබූ බවද ජාත්‍යන්තර සංවාධාන සියල්ලම තම රජය තීරණය නිවැරදි යයි කියූ බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ සහභාගී වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More