මෙරට කොවිඩ් මර්දනය මුල් වටයේදී අතිශය සාර්ථක ලෙස සිදු වූ බව පිළිගත හැකි ය. ඒ අනුව ඉතා ඉක්මනින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඔස්සේ ප්‍රථම රැල්ල අභිබවා සාමාන්‍ය ජනජීවිතය කෙටි කාලයකින් ස්ථාපිත කිරීමට හැකි වූ බව දනිමු. එය කොපමණ සාර්ථක වූවා ද යත්, දෙවැනි රැල්ල ආරම්භ වෙමින් තිබුණු අවස්ථාව වන විට, රට තිබුණේ සාමාන්‍යකරණය වීමේ උපරිමයට ළඟාවෙමිනි.
කෙසේ වෙතත්, එකී සියලු සාර්ථක ප්‍රතිඵල අනපේක්ෂිත ලෙස පරාජය කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිත ව පැන නැඟුණු දෙවැනි කොවිඩ් රැල්ල, ක්ෂණයකින් රටපුරා පැතිරුණි. එය මර්දනය කර ගැනීම අපහසු වූයේ දෙවැනි රැල්ල ආරම්භ වන විටත්, එය සෑහෙන ප්‍රදේශ ගණනකට සහ පුද්ගලයන් සංඛ්‍යාවකට පැතිරී තිබුණු නිසා ය.
මෙහි සුවිශේෂත්වය වන්නේ මුල් රැල්ලට එරෙහි ව විධිමත් ලෙස කටයුතු කළ සෞඛ්‍ය අංශය, දෙවැනි රැල්ල හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්, එයට නිදහසේ පැතිරෙන්නට අවකාශ සලසා දුන් බවක් පොදු ජනතාවට ඒත්තු යන්නට වූ නිසා ය. මේ පිළිබඳ ව බොහෝ මැසිවිලි නැඟුණු අතර, සෞඛ්‍ය අංශයේ වගකිය යුතු කිසිවෙකු ඊට නිසි ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට නො තිබුණි. සැබැවින් ම දෙවැනි රැල්ල පිළිබඳ ව සමාජය තුළ ප්‍රචලිත වුණු අසතුටුදායක පුවත්වලට එරෙහි ව යම් ක්‍රියාකාරී ලැබුණේ කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ වැන්නන් දෛනික ව මාධ්‍යයේ පෙනී සිටිමින් සිදුකළ සක්‍රිය මැදිහත්වීම නිසා ය. ඒ අතරේ සොඛ්‍ය අංශයේ බහුතරය අතිශය දුෂ්කර ලෙස කටයුතු කරමින්, දෙවැනි රැල්ලට එරෙහි ව සේවා සපයනු දැකිය හැකි විණි.
දෙවැනි රැල්ල ආරම්භක සමයේ ආණ්ඩුව ද, රජය ද නිහඬ ව සිටි බව යථාර්ථයකි. ඒ පිළිබඳ ව සමාජ මාධ්‍යවල බොහෝ ප්‍රතිචාර සටහන් කර තිබිණි. එහෙත් දෛනික ව ආසාදිතයන් ගණන සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, පෑලියගොඩ මාලු වෙළෙඳසල කේන්ද්‍ර කර ගනිමින් ඇතිවුණු ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, දෙවැනි රැල්ල භයානක ලෙස රටපුරා පැතීරී ගියේ, කිසිවෙකුට ඊට එරෙහි ව කිසිවක් කරකියා ගත නො හැකි අවස්ථා නිර්මාණය කරමිනි.
ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබිණි.
දෛනික PCR පරීක්ෂණ ක්‍රමයෙන් ඉහළ යමින් තිබිණි. එහෙත් නිසි පියවර ගන්නා බවක් තවදුරටත් නො පෙනිණි.
මේ අතරේ රෝහල් සංඛ්‍යාව සහ නිරෝධායන මධ්‍යස්ථාන වර්ධනය කර ගැනීම, කඩිනමින් සිදු වී තිබෙන බව ද පිළිගත හැකි ය. එහෙත් කේන්ද්‍රීය ගැටලුව හෙවත් ආසාදිතයන් පිළිබඳ පරීක්ෂණ කෙරෙහි ලබා දිය යුතු අවධානයේ මඳකමක් දිගින් දිගට ම ප්‍රකට විණි. එය කොපමණ ද යත් ‘ආණ්ඩුව මේ සැරේ වැඩේ අතෑරලා‘ වැනි අදහස් සමාජයේ සෑම තැනක ම ප්‍රචලිත වෙමින් තිබිණි.
මේ පිළිබඳ ව පැවසීමට අතීත කතා දෙකක් තිබේ.
කොවිඩ් ප්‍රථම රැල්ල අවස්ථාවේ වැඩි දියුණු කරන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමේ කටයුත්තකට මගේ මිත්‍රයෙක් මුල පුරමින් සිටියේ ය. එය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු විසින් එංගලන්තයේදී වැඩි දියුණු කරන ලද්දකි. ඒ පිළිබඳ තොරතුරු මා හට දැන්වුණු අතර මම එය සෞඛ්‍ය බලධාරීන්ට දන්වා සම්මුඛ සාකච්ඡාවක් ලබා ගතිමි. එකී සාකච්ඡාවට එවකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ ඇතුළු ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීහු කිහිප දෙනෙක් සහභාගි වූ හ. එකී පරීක්ෂණ කට්ටලයෙන් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් සෘජු ව කොවිඩ් ආසාදනය පිළිබඳ තොරතුරු සහතික කළ හැකි ය. එය වැඩි මිළක් නැත. එකී සාකච්ඡාවෙන් පසු අදාළ පරීක්ෂණ කට්ටලයට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, සෞඛ්‍ය අංශයේ දැඩි උනන්දුවක් ඇති වී තිබිණි. ඒ අනුව නැවත නැවත තොරතුරු විමසමින් ඔවුහු මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට යන බවක් පෙන්වූ හ. එහෙත් ක්‍රමයෙන් පළමු කොවිඩ් රැල්ල මර්දනය වන විට එකී කටයුතු සියල්ල අඩපණ වී අවසානයේ කිසිදු පියවරක් නො ගැනෙන තැනට වැඩ සිද්ධ වූ බවක් පෙනිණි. ඒ අනුව මගේ හිතවතා ඇතුළු අපි ද අකර්මන්‍ය වූයෙමු.
දෙවැනි කතාව ආයුර්වේද වෛද්‍ය විශේෂඥයෙකු සම්බන්ධ ව ය. එතුමා ද මාගේ හිතවතෙකි. වරක් ඔහු මා සමඟ පවසා සිටියේ කොවිඩ් වසංගතයට එරෙහි ව විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය ක්ෂණික ව වර්ධනය කළ හැකි දේශීය ඖෂධ සංයෝගයක් පිළිබඳ සාර්ථක පරීක්ෂණයක් සිදුකර තිබෙන බව ය. මේ පිළිබඳ එක් සාර්ථක අත්හදා බැලීමක් ලෙස අමෙරිකාවේ සිටි අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට මේ ඖෂධය ලබා දී සුව වි තිබේ. එකී සාක්ෂි ඔහු සතු ය.
ඒ අනුව මම ඔහු සමඟ මුලින් ම රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු මුණ ගැසුණෙමි. දෙවැනි ව පෞද්ගලික ප්‍රසිද්ධ දේශීය ඖෂධ පිළිබඳ ව කටයුතු කරන මගේ හිතවත් සමාගමක ප්‍රධානීන් මුණගැසුණෙමි. ඒ අවස්ථාවල තාක්ෂණික ගැටලු උද්ගත විණි. පසුව රජයේ සෞඛ්‍ය බලධාරින් ගේ අවධානය ඔස්සේ SPMC ආයතනය ලවා සාම්පල නිෂ්පාදනයක් සකස් කර ගත්තෙමු.
සියල්ල අවසානයේ දැන් එකී වෛද්‍යවරයා කොළඹින් බැහැර ප්‍රදේශයකට අහේතුක ව මාරු කර යවා තිබේ. අදාළ වැඩ කටයුුතු ද දැන් ඇණහිට ගොසිනි.
දෙවැනි රැල්ල ආරම්භ වූයේ මේ අතරවාරයේ ය.
මා සෞඛ්‍ය විශේෂඥයෙකු නො වෙතත්, මා ගේ වැටහෙන නුවණට තේරෙන දේ නම්, යම් හෙයකින් ඉහත අප විසින් මුලින් පෙන්වා දෙන ලද ආකාරයේ පරීක්ෂණ කට්ටලයක් අප රට තුළ භාවිතයට ගැනෙමින් තිබුණා නම්, බ්‍රැන්ඩික්ස් රැල්ල ඉතා පහසුවෙන් මර්දනය කර ගැනීමට හැකියාව තිබුණු බව ය.
නමුත් සිදුවූයේ වෙනත් දෙයකි.
බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ ආකාරය අදටත් අපභ්‍රංෂයකි. වරක් එය යුක්රේන ගුවන් සේවයක් සහ මෙරට හෝටලයක් පදනම් කර ගනිමින් ව්‍යාප්ත වූ බවක් ප්‍රකාශ කෙරිණි. එහෙත් නීතිපතිවරයා ගේ නියෝගයෙන් කැඳවන ලද පරීක්ෂණය මේ වන තුරුත් සිදුකර නොමැත. ඊට බාධා තිබෙන බව පරීක්ෂක කණ්ඩායම් පවසති. දැන් ඇති වන ගැටලුව වන්නේ, නීතිපතිවරයා ගේ පරීක්ෂණයට බාධා එල්ල වන්නේ නම්, යුක්රේන සිදුවීම අසත්‍යයක් ද යන්න ය. මේවා විසඳෙන ලකුණක් නැත.
කෙසේ වෙතත් මේ අතර දෛනික PCR පරීක්ෂණ පිළිබඳ ව බොහෝ ගැටලු ඉස්මතු විණි.
# ඇතැම් බලධාරින් විසින් පෞද්ගලික රෝහල් වෙත අදාළ පරීක්ෂණ භාර දෙන ලද බවක් ප්‍රසිද්ධ විණි.
# වසංගත රෝග සම්බන්ධ සෞඛ්‍ය බලධාරියෙකු ගේ සහෝදරයෙකු PCR පරීක්ෂණයට අදාළ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමේ ඒජන්සිය ලබාගෙන ඇතැයි තවත් පුවතක් ප්‍රචලිත වෙමින් තිබිණි.
# PCR කට්ටලකින් යම්කිසි මුදලක් සෞඛ්‍ය බලධාරින්ට හිමිවන ආකාරයේ තොරතුරක් ද පැතිරුණි.
# IDH රෝහලේ PCR පරීක්ෂණ කට්ටල 15000ක් යල්පැන ගිය කතාවක් තිබිණි.
# කටුනායක ගුවන් තොටුපළේ තවත් PCR කට්ටල 15000ක් හිර වී ඇති බවට පුවතක් පළවිණි.
# IDH රෝහලේ ප්‍රධාන PCR යන්ත්‍රය අකර්මන්‍ය වූ බව දැන්විණි.
# කොළඹ ජාතික රෝහලට එවන ලද PCR යන්ත්‍රය එක් විශේෂඥ වෛද්‍යවරියක විසින් ප්‍රතික්ෂේප කරන ලද බවක් කියැවිණි. පසුව එය ජ‘පුර විශ්වවිද්‍යාලයට ගෙනගොස් තිබිණි.
මෙවැනි බියකරු තොරතුරු පැතිර යන අතරවාරයේ PCR පරීක්ෂණ දස දහස් ගණනක් දින ගණන් ගොඩගැසෙනු දක්නට ලැබිණි. ඒ අනුව PCR පරීක්ෂණ දෛනික ව ප්‍රමාද විණි. අදාළ තොරතුරු real time තත්ත්වයෙන් බැහැර විණි. අද ලැබෙන තොරතුරු සතියකට පෙර ඒවා බව පත්විණි. දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් තිබිණි.
මේ අතර ‘තවමත් කොවිඩ් වසංගතය සමාජගත වී නැති බව‘ වසංගත රෝග විද්‍යා අංශය විසින් පැයෙන් පැයට දන්වා සිටින ලදී.
PCRපරීක්ෂණ ප්‍රමාදයට එරෙහි ව කිසියම් යහපත් ප්‍රවණතාවක් දිස්වන්නට වූයේ දෙවැනි රැල්ල ඇති වී මාසයක් පමණ ගත වූ පසු ව ය. වෙනෙකක් තබා අනිල් ජාසිංහ විශේෂඥ වෛද්‍යවරයා ගේ නික්ම යෑමෙන් පුරප්පාඩු වී තිබුණු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට නව පුද්ගලයෙකු පත් කෙරුණේ ද මෙකල ය.
ඒ වන විට කොවිඩ් ආසාදනය කිලිනොච්චිය දක්වා පැතිරි දිස්ත්‍රික්ක 25ම ගොදුරු වී තිබිණි.
සැබැවින් ම සිදුවිය යුතු සියල්ල සිදු වී තිබිණි.
අද සමාජය මුහුණ දී තිබෙන තත්ත්වය කවර තත්ත්වයක් යටතේ වුව සුබදායක නැත. දැන් කොවිඩ් 19 වෛරසය සමාජගත වී හමාර ය.
අප ගේ ප්‍රශ්නය වන්නේ රට මෙපමණ තැනකට වැටෙන තුරු, පරීක්ෂණ කටයුතු තත්ත්වාරයෙන් සිදුකර ගැනීමට අවශ්‍ය තින්දු තීරණ ප්‍රමාද වූයේ ඇයි? යන්න ය. ඒවා අවභාවිත වන ආකාරයක් පෙනෙන්නට තිබුණේ ඇයි? යන්න ය.
සාමාන්‍යයෙන් එක් PCR පරීක්ෂණයක් රු.5000-7500ක් පමණ වන බව ප්‍රකට ය. දැන් Ag-T (Antigen Test) පරීක්ෂණ ආරම්භ කර තිබේ. එකී එක් පරීක්ෂණයකට වැය වන මුදල රු.1200-1500ක් පමණ ය.
අප දන්නා තරමින් PCR පරීක්ෂණයට දිනක්, දෙකක් පමණ ගත වේ. Ag-T පරීක්ෂණයට ගත වන කාලය විනාඩි 15කි.
මේ වන විට Ag-T පරීක්ෂණ කට්ටල මිලියනයක් ආනයනය කිරීමට කටයුතු කර තිබේ. මුලින් ලැබෙන මිලියනය වෙළෙඳ කලාපවලට වෙන්කර තිබේ. ඒ අනුව තවත් Ag-T පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් ආනයනය කෙරෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. ඒවා කොපමණ කාලයක් ගතවන තෙක් සිදුවන්නේ දැයි නො දනිමු.
දැන්, සාමාන්‍ය ජනතාව වන අපට ගැටලු කිහිපයක් පැන නඟී.
# Ag-T පරීක්ෂණ කට්ටල මිලියන ගණන ආනයනය කිරීමට තීරණය කරන ලද්දේ කවර කාලයක ද? මෑතකදී ද? එසේ නම් මිලියන ගණනක් අවශ්‍ය වන තෙක් මේවා ආනයනය නො කළේ ඇයි?
# Ag-T පරීක්ෂණ කට්ටල මිලියන ගණන ආනයනය කිරීමට තීරණය කරන ලද්දේ මීට කලකට ඉහතදී නම්, ඒවා මිලියන ගණනක් අවශ්‍ය වන බව දුර සිට වැටහෙන දුර දක්නා නුවණ කාගේ ද?
# මුලින් Ag-T කට්ටල ආනයනය නො කෙරුණේ ඇයි?
# සාමාන්‍ය ආසාදිතයන් ගණනක් සිටිද්දී වැඩි මුදලක් සහිත PCR පරීක්ෂණ කට්ටලත්, වැඩි ආසාදිතයන් ගණනක් සිටිද්දී අඩු මුදලක් සහිත Ag-T පරීක්ෂණ කට්ටලත් ආදි වශයෙන් ‘වියදම් සම කර ගැනීමේ‘ විශේෂඥ ගණිත දැනුම කාගේ ද?
# රජයේ ඖෂධ පාලන අධිකාරිය (NMRA) කොවිඩ් පරීක්ෂණ කට්ටල ආනයනය කිරිමේදී අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය යන රටවලින් පමණක් ඒවා ආනයනය කළ යුතු බවට නිර්ණායකයක් ඉදිරිපත් කර තිබේ. මේ කාගේ තීරණ ද? මේවා පිටුපස ඖෂධ ජාවාරම්කරුවෝ සිටිත් ද?
ඇතැම් පුවත්පත් සහ ජනමාධ්‍ය ද වරින් වරි මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය – GMOA පවා විවිධ ඉඟි ලබා දී තිබේ.
එහෙත් ගැටලු එසේ ම ය.
(මේවා කිසිවකු ඉලක්ක කර එල්ල කෙරෙන මඩ නො වේ. රටේ යහපත පිළිබඳ ව උනන්දු වන අප වැනි පෘතග්ජනයන් ගේ ඔලුවලට වද දෙන දෛනික ප්‍රශ්න පමණි. ඇතැම් පුද්ගල නාම සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම් තහවුරු කිරිමට විනා ඔවුන් චූදිතයන් කිරීමට නො වන බව ද කරුණාවෙන් සලකන්න. එවැනි තොරුතුරු අප සතු ව නොමැති අතර, එවැනි අරමුණක් ද අපට නැත. අනෙක, ඔවුන් මේවාට වගකිය යුතුයැයි ද නො කියමු. අප මේ ගැටලු ඉස්මතු කර තිබෙන්නේ අදාළ සමස්ත පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳ අපැහැදිලිතාවක් තිබෙන නිසා පමණි.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...