ආදායම් බලපත්‍ර අඛණ්‌ඩව වසර 05 ක් ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවැසීය.
වසර 05 ක් අඛණ්‌ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් පළාත් සභා මට්‌ටමින් වාර්තා කැඳවීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා කීවේය.
එම වාර්තා ලැබීමෙන් පසු වාහනයේ හිමිකරු වෙත ලියාපදිංචි නොකිරීමට හේතු දක්‌වන ලෙස ලිපි මගින් දැනුවත් කර ඊට නිසි ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් එම වාහන අවලංගු කිරීමට කටයුතු කරන බවද චන්ද්‍රසිරි මහතා කීය.
යම් වාහනයක් අලුත්වැඩියා කිරීමට යොමුකර ඇත්නම් පළාත් කාර්යාලයෙන් ඊට අදාළ කාර්මික සහතිකයක් ලබා ගත හැකි බවද පැවසූ ඒ මහතා අධිකරණ කටයුතුවලට වාහනය යොමු වී ඇත්නම් ඒ බවද නෛතිකව දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...