පුරවැසි කොලම

පාන් කෑවම වෙන දේ දන්නවාද???

November 6, 2020 7:15 pm | Lanka Lead News

අද අපේ මිනිසුන්ගේ ජනප්‍රියතම ආහාරය බවට පත් වී තිබෙන්නේ පාන්ය. මැතිවරණ වේදිකාවලදී පාන් ගෙඩිය තීරණාත්මක සාධකයක් බවට පත් වන්නේ එම නිසාය. පාන්වලට එම තත්ත්වය හිමි වී තිබෙන්නේ එහි ඇති පෝෂණ ගුණය නිසා නොවේ. පාන්, පහසුවෙන් ලබාගත හැකි සහ පහසුවෙන් ක්ෂණිකව සකසාගත හැකි ආහාරයක් වන නිසා ය.

පාන් සාදා ගන්නේ තිරිඟු පිටිවලිනි. තිරිඟු පිටි සකස් කරගන්නේ තිරුඟු ධාන්‍යයෙනි. තිරිඟු ශක්තිජනක ආහාරයකි. විටමින් බී වර්ග සහ අයන වර්ග තිරිඟුවල අඩංගුය. විශේෂයෙන් තයමින්, රයිබොෆ්ලේවින්, නියැසින් වැනි ‍පෝෂක සංඝටක අඩංගුය.
තිරුඟු ඇටයක කොටස් 2ක් පවතී. එනම් පිටත පොත්ත සහ ඇතුළත එන්ඩොස්පර්මය යනුවෙනි. තිරිඟු කෙටීමේදී පිටත පොත්ත සහ ඇලියුරොන් ලේයරයේ කොටසක් ඉවත් වේ. නිස්සාරණය ලෙස හැඳින්වෙන්නේ එයයි. එම ඇලියුරොන් ලේයරයේ ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂණ සංඝටක විශාල ප්‍රමාණයක් අඩංගුය.

එබැවින් තිරිඟු ඇට නිස්සාරණයේදී විශාල පෝෂණ සංඝටක ප්‍රමාණයක් ඉවත් වී යයි. පාන් පිටි සකස් කිරීමේදී ලැබෙන පිටි පෝෂණ ගුණයෙන් හීන වන්නේ එම නිසාය. අප ආහාරයට ගන්නා පාන් පිටි සියයට 70 ක් නිස්සාරණය කරන ලද පිටිය. පාන් පිටි ගුණයෙන් අඩු වන අතර විවිධ සංකූලතා ඇති කරයි.
තිරිඟුවල අඩංගු ග්ලූටන් ප්‍රෝටීනය ශරීරයට අහිතකරය. විවිධ රෝග ඇති කරන බව විවිධ පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. දිගු කාලයක් පුරා පාන් ආහාරයට ගන්නා අය බෝනොවන රෝගවලට ගොදුරු වී ඇති බව සොයාගෙන ඇත.

තිරිඟු ඇට සම්පූර්ණයෙන්ම පිටි බවට පත් වන්නේ නම් සම්පූර්ණ පෝෂණ ගුණය ලැබේ. ආටා පිටි යනුවෙන් හැඳින්වෙන්නේ තිරිඟු ඇට සම්පූර්ණයෙන්ම පිටි බවට පත් කර ලබාගන්නා පිටිය.
මෙහිදී පිටත පොත්ත, ඇලියුරොන් ස්තරය ඇතුළු සියලුම පෝෂණ කොටස් ආටා පිටිවලට එකතු වේ. තිරිඟු ඇට සියයට 70-80 ක් සියයට 90 ක් ලෙස නිස්සාරණය වන අතර වැඩිපුර නිස්සාරණය වූ තරමට වැඩි පෝෂණ සංඝටක ප්‍රමාණයක් ඉවත් වෙයි. ආටා පිටි ඉන්දියාවේ වැඩි වශයෙන් පරිභෝජනය කළත් ශ්‍රී ලංකාවේ එතරම් පරිභෝජනය කෙරෙන්නේ නැත. රුලං යනුවෙන් හැඳින්වෙන්නේ ද තිරිඟුවලින් වෙන් කර ගන්නා කොටසකි.

පාන්වල අඩංගු ග්ලූටන් නිසා ඇලෙන සුලු බවක් ඇති වේ. ආහාරවල ස්පොන්ජ් ගතිය ඇති කරනු ලබන්නේ ග්ලූටන් වලිනි. ග්ලූටන් ධාන්‍ය කුලයේ අනෙකුත් ප්‍රෝටීනවලට සාපේක්ෂව දිරවීමට අපහසු ප්‍රෝටිනයකි. ග්ලූටන් ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටලවල ඇලීම නිසා ශ්ලේෂ්මල ස්‍රාවය වැඩිවේ.
මේ නිසා ආහාර මාර්ගයේ අවහිරතා ඇති වේ. මෙය සාමාන්‍යයෙන් ආහාර මාර්ගයේ මැද කොටස තුළ බහුලය.
මේ නිසා පෝෂණ සංඝටක අවශෝෂණය දුර්වල වේ. පෝෂණ ඌනතා ඇති වේ. ග්ලූටන් නිසා ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
එනම් ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ සිටීමෙන් ආහාර මාර්ගයේ ආහාර ජීර්ණය හොඳින් සිදු වී ශක්තිජනක කොටස් තැන්පත් කිරීම, පරිවහනය කිරීම, ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ පටක ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වැනි කාර්යයන් රැසක් සිදු වේ.
එහෙත් හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ අසමතුලිත වීමෙන් පෝෂණ ඌනතා මෙන්ම රෝගී තත්ත්වයන් ඇති වේ. පාන්වල ඇති ග්ලූටන් ආහාර මාර්ගයේ පී.එච්. අගය අඩු කර ආම්ලිකතාව වැඩි කිරීම නිසා ගැස්ට්‍රයිටිස් ඇතිවේ.

පාන්වල ඇති කාබෝහයිඩ්‍රේට් ඉතා ඉක්මනින් ආහාර මාර්ගය තුළ අවශෝෂණය කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ නිසා ඉන්සියුලින් ස්‍රාවය වීම වේගවත් වේ. මෙය කාල‍යක් මුළුල්ලේ සිදු වන විට අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවය දුර්වල වී දියවැඩියාව ඇති‍ වේ.
අද බොහෝ දෙනකු පාන් නිෂ්පාදනයේදී සීනි එකතු කරයි. එය දියවැඩියාව හටගැනීමට හේතු වේ. එහෙත් අනෙකුත් ධාන්‍ය ආහාරයට ගන්නා අයගේ ක‍ාබෝහයිඩ්‍රේට්, ආහාර මාර්ගය තුළ සෙමෙන් සෙමෙන් අවශෝෂණය වීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ නැත.

පාන් පිටි ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ. එම නිසා හෘදයාබාධ, අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ. ස්ථුලතාව ඇති වේ.
තිරිඟු පිටිවල ඇති ෆයිටික් අම්ලය නිසා ආහාර මාර්ගය තුළ යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් අවශෝෂණය දුර්වල වේ. ෆයිටික් අම්ල සැම විටම පෝෂණ සංඝටක අවශෝෂණයට බාධා ඇති කරයි. වැඩිපුර පාන් ආහාරයට ගන්නා අයට ලේ හිඟවීම ඇති වන්නේ එබැවිනි.

නිතරම පාන් ආහාරයට ගන්නා අයට බඩේ පිපුම හා බඩ දැවිල්ල ඇති වේ. ඒ පාන්වල ඇති ග්ලුටන් නිසාය. ග්ලුටන් ආහාර මාර්ගයට හානි කිරීමට අමතරව ස්නායු පද්ධතියට ද හානිදායකය. දිගු කාලයක් මුළුල්ලේ පාන් ආහාරයට ගන්නා අයගේ මතක ශක්තිය අඩු වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම ඇති වන්නේ එබැවිනි.
පාන් පිටිවල සුදුපාට වැඩි කිරීම සඳහා යොදා ගන්නා ක්ලෝරීන් ඔක්සයිඩ ශරීරයට කිසි සේත් හිතකර නැත.
සමේ තුවාල ඇති කිරීම, ශ්වසන ආබාධ, තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීම ක්ලෝරීන් නිසා අත් වන අහිතකර ප්‍රතිඵල කීපයකි. ක්ලෝරින් සහ අයඩින් එකම කාණ්ඩයට අයත් වීම නිසා අයන විස්ථාපනය වීමෙන් තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු වීමට හෝ වැඩි වීමට බලපායි.
ඊට අමතරව පාන්වලට එකතු කරන මාගරින් නිසා අසංතෘප්ත මේදය නිපදවීමෙන් විවිධ සංකූලතා හට ගත හැකිය. තිරිඟු පිටිවල ගැටලු ඇති කරන තවත් ප්‍රෝටීන 2ක් මෑතකදී සොයා ගෙන තිබේ. ඒ wheat Germ Agglutinin සහ Tripsin Inhibitor යනුවෙනි.
මේවා ද ඉහත දැක්වූ පරිදි ආහාර මාර්ගයේ සංකූලතා ඇති කරන බව සොයා ගෙන ඇත. පාන් ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරයක් බව මේ අනුව පැහැදිලි වේ.

අන් අයගේ දැනගැනීමට හැකිනම් shere කරන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More