රසායනික අවි කම්හලක් යෑයි පවසමින් ඇමරිකාව ප්රමුඛ මිශ්‍ර රටවල් තුනක් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියාවේ ඖෂධ නිපදවන කම්හලකට බව හෙළි වී ඇත.
මේ බව අරාබි වාර්තාකරුවකු හෙළි කර තිබේ. මහල් තුනකින් යුත් මෙම ඖෂධ නිෂ්පාදන කම්හලට ටොම්හෝර්ත් මිසයිල ද එල්ලවී ඇත. සිරියාවේ බර්සාන් ප්‍රදේශයේ පිහිටි මෙම ඖෂධ නිෂ්පාදන කම්හල මුළුමනින්ම විනාශ වී තිබේ.
ඇමරිකාව – බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන රටවල්වල ප්‍රහාරක යානා මේ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වී ඇත.
මෙය ජාත්‍යන්තර මානුෂිය නීතිය උල්ලංඝනය කිරීමක් බව සිරියානු රජය කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...