තුර්කියේ පටන් බංග්ලාදේශය දක්වාත්,ජෝර්දානයේ පටන් මැලේසියාව දක්වාත් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් දැවැන්ත මහජන රැළි පැතිරයමින් පවතී. ”ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලදී” යන දැන්වීම ඇතුළත් කිසිදු භාණ්ඩයක් එවැනි බොහෝ රටවල වෙළෙඳසල්වල රාක්කවලින් අතුරුදහන්ව ගියේය. ”BoycottFrenchProducts” වැනි හෑෂ්ටෑග් සහිත ප්‍රකාශන සමාජමාධ්‍ය ජාලයේ සතියක් ඇතුළත හුවමාරු වෙමින් තිබුණේ ලක්ෂ ගණනිනි.
මෙවර කතන්දරය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය. මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ”අදහස් ප්‍රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇති අතර, මෙහි මුලින් කී මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය.
”ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ” ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි.පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ 2006 වසරේ දී ‘චාර්ලී හෙබ්ඩෝ’ (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාවේ පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි. එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි.
පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ”තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්‍රකාශනයේ නිදහස අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය. මේ අතර දකුණු ප්‍රංශයේ ‘නීස්’ නගරයේ දේවස්ථානයේ දී තිදෙනෙකු මරාදමන ලද අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජනාධිපති මැක්‍රෝන් එය විග්‍රහ කරන ලද්දේ ”ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙසිනි.
එම ‘නීස්’ ප්‍රහාරයට පෙර බීබීසී සේවය විසින් තිදෙනෙකුගේ අදහස් විමසන ලද අවස්ථාවේ ඔවුන් කියා සිටියේ ”තමන් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමට තීන්දුකර ” ඇති බවය.
මේ අතර ජනාධිපති මැක්‍රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවෙමින් ඇති අතර පසුගිය සතියේ බදාදා බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි .
පාකිස්තාන් සිනමා නිලියක්
”මම ප්‍රංශ සුවඳ විලවුන් පාවිච්චි කළා. විශේෂයෙන් ම ‘ L’Oréal’ නිෂ්පාදන. ඒවා ඉතාම පහසුවෙන් පාකිස්තානයෙන් මිලට ගන්න තියෙනව. ඒත් දැන් මම මිලට ගන්න හැම භාන්ඩයක් ම නිෂ්පාදනය කරලා තියෙන්නේ කොහෙද? කියල සැලකිලිමත් වෙනවා. මම ලේබල් පරීක්ෂා කරලා බලනවා. මම මිලදී ගන්න භාණ්ඩ ”ප්‍රංශයේ නිෂ්පාදනය කරලා නැති බව” මට සහතික කරගන්න අවශ්‍යයි”
මම සමාජමාධ්‍ය ජාලය යොදාගෙන ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීමේ මතවාදය ගෙන යමින් ඉන්නේ. මගේ හෘදය සාක්ෂිය පැහැදිලියි. මම නිරතවෙලා ඉන්නේ ඉස්ලාම් ධර්මය රැකගැනීමේ ප්‍රයත්නයක.
”අපේ ආගමේ සහ නබිතුමාගේ සතුට සඳහා ප්‍රමාණවත් ජනතාවක් අපට ඉන්නවා. ඇති කියන්නේ ඇති! ඉස්ලාම් දහමට අවමන් කරපු අයට අපි සමාව දෙනවා. නමුත් දැන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනව”
“මට හිතෙන හැටියට මැක්‍රෝන් සිතාමතාම අපට රිදවීමට උත්සාහ කරනවා. ඒක හරියට කවුරුන්හරි කොනිත්තල – ඒයි උඹට වේදනාවක් හෙම දැනෙනවද? කියල අහනවා වගෙයි.”
”ඔහු ජනතාව කුපිත කරනව -බෙදනවා”
“ඔහු දුෂ්ටයි.ඔහුගේ ප්‍රකාශය මගින් ඉස්ලාම්භීතිකාවක් අවුස්සන්න පුළුවන්.රටක ජනාධිපතිකෙනෙක් කියන කතාවක් ඔහුගේ ජනතාව මත බලපෑමක් ඇතිකරනවා.”
“‘Charlie Hebdo’ කාටූන් දැක්ක පළමු දවසේ මට කතාකරගන්න බැරි වුණා. මම ඒවා දෙස බැලීමෙන් වැළකුණා. එම දර්ශනය මට කම්පාවක්. මම ඇඬුවා.මම දෙවියන්ගෙන් ඇහුවා – මට ඒ වගේ දර්ශනයක් දකින්න සැලැස්සුවේ කුමක් නිසාද? කියල”
ලතීෆා ඔෂ්ඩීමෙර්- ශිෂ්‍යාවක් (ඉස්තාන්බුල් -තුර්කිය)
“Lancôme, Garnier සහ BIC මම දිනපතාම පාවිච්චියට ගන්නා විලවුන් වර්ගයි. ඒත් ප්‍රංශයේ සිදුවීම්වලින් පස්සේ මම ඒවා තවත් මිලදී ගන්නේ නැහැ.
“මම ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරනවා.මොකද? අපි ඒවා පිළිනොගන්නා බවට ලෝකයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ප්‍රංශයේ පවතින ”ඉස්ලාම්භීතිකාවට” එරෙහිව හඬක් නගන්න මට අවශ්‍ය කරනවා”
අපි අපේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬක් නැගීම වැදගත්. මොකද ?අපි ගොඩාක් කාලයක් නිහඬවයි සිටියේ. දැනට අපට කරන්න පුළුවන් වෙන්නේ ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීම විතරයි.”
BBC
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...