මේ දිනවල ජනාධිපතිගේ ඉටුකම අරමුදල ගැන සෑම මාධ්‍යකම විකාශය වන දැන්වීමක් ගැන මගේ අදසහක් මෙසේ සටහන් කරන්නට සිතුවෙමි.
එහි ජනාධිපති රටේ ජනතාවට දැඩි ලෙස දොස් නගමින් කතා කරයි. ජනතාවගේ වැරදි නිසා කොවිට් 19 දෙවන රැල්ලක් පැමිණි බව ඔහු එහිදී කියමින් ජනතාවට නිවරදි පණිවිඩ ලබා දෙන ලෙස නිලධාරින්ට කියයි. එයින්ම පෙනෙන්නේ කාගේ වරදද කියාය. එයටත් වඩා මෙහි ඇති අයහපත් ප්‍රතිඵලයක් ඇති බව මට හැගේ. ජනතාව කොතරම් වැරදි වුවද ජනාධිපතිට හෝ කිසිදු නායකයෙකුට ජනතාව පිට වැරද්ද පටවා දොස් නැගිය නොහැක. එය ජනාධිපතිට හෝ කිසිදු පාලකයෙකුට යුක්තියුක්ත නැත. පලකයන් අතින් හා නිලධාරීන් ද සියල්ල නිවැරදිව කොට ඇතැයි ද මා ද විශ්වාස නොකරමි.මෙවැනි ආපදා තත්වයක එසේ සියල්ල වෙයි කියාද මා මෙන්ම ජනතාව ද විශ්වාස නොකරමි. එසේ තිබියදී ජනතාවට බැන වදින මෙවැනි දැන්වීමකින් බලාපොරොත්තු වෙන දේ වියත්මගේ නොවියත්තුන්වත් දුටුවේ නොවේද? එසේ නොවී නම් ඔවුන්ද මේ කුමන්ත්‍රණයේ කොටස් කරුවන් වී දැයි නිශ්චිත නැත.
මේ දැන්වීමෙන් ජනාධිපති කෙරෙහි අප්‍රසාදයක් සියුම්ව ජනතාව අතර ගොඩනැගේ. ජනාධිපතිවරයා පත්කර ගැනීමට දරදිය ඇද්ද කඳවුරේද අප්‍රසාදයට යම් යම් කරුණු නැතිවාම නොව. එවැනි තත්වයක් හමුවේ පුද්ගල චරිත දියවන්නාවට ගෙන්වා ගෙන සුජාත භාවයක් දීමටද ජනතා ප්‍රසාදය ඔහු වෙත ලබා ගැනීමටද මෙය අවශ්‍යතාවයක් මෙන්ම න්‍යායාත්මක වන බව අප නොදන්නේ නමුදු ඔවුන් හොදින් දනී.
කෙසේ නමුත් ක්‍රමයෙන් ජනාධිපති ජනතාවගේ අප්‍රසාදයට ලක් වන බව මහා සංඝ රත්නයේ බසටද අවනත නොවී යම් යම් දේ කිරීමෙන් තහවුරු වේ.ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන්ද ජනාධිපති පත් කිරීමට දායක වීම. තම කළ මෝඩ වැඩක් යැයි දැන් ප්‍රසිද්ධ මාධ්‍යවල ද කියති. ඒ සිතුවිල්ලට දරන්නට මා එකඟ නැත. විකල්පයක් වෙනුවෙන් කළ විකල්ප ක්‍රියාවක් ලෙස මා එය දකී. මේ සියල්ලෙන් පෙනෙන්නේ ජනපති ඇතුළු වත්මන් ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ අරමුණක් ආණ්ඩුව ඇතුලේම පවතින බව නොවේද? යම් යම් පුද්ගල චටිතවල ඉදිරි රටට හතුරු දේශපාලන න්‍යායන් ක්‍රියාත්මක කිරීමට ගනු ලබන ක්‍රමවේදයන්ගේ එක් පියවරක් ලෙස මා මෙය අනුමාන කරමි.
සමහර විට මෙය මගේ හිතලුවක් විය හැක ඒත් අනතුරක් තියෙන බව දැක දැක බලාසිටීම ද යුක්තියුක්ත නොවන බව මගේ හිත කියයි.
තෙරුවන් සරණයි.
Ven. Dehipe Chandawimala Himi
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...