ඉන්ධන සඳහා මිල සූත්‍රය හඳුන්වාදීමත් සමග මැයි මාසයේ සිට තෙල් මිල ඉහළ ගොස් ජනතාව දරාගත නොහැකි අති විශාල මිල පීඩනයකට ලක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (17 දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා-
අද වන විට ආර්ථිකය මළ මිනියක් බවට පත්වෙලා. ආණ්ඩුව ඒ මළ මිනිය ගෙදර තියාගෙන දාදු කෙළින තත්ත්වයට පත්වෙලා. අද සමාජ සංස්කෘතික දේහයම මිය ගිහින්. දේශපාලන භූමිය දාදු පිටියක් බවට පත්වෙලා. විශාල දේශපාලන අස්ථාවරත්වයකට රට මුහුණදී තිබෙනවා. තවදුරටත් වත්මන් සභාග ආණ්ඩුව පවතිනවාද නැද්ද යන්න අවිනිශ්චිත තත්ත්වයක් තිබෙන්නේ. රට පරදුවට තබා තමන්ගේ බල අරගලයේ යෙදෙන ස්වභාවයක් තුළින් රටේ විශාල ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වන බව විද්‍යාමාන වෙනවා.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසාවෙන් දොa පාර්ලිමේන්තු සභා වාරයත් කල් දමා තිබෙනවා. කොහොම වුණත් නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් එම මන්ත්‍රීවරු 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය සමග හෝ විපක්ෂයේ සිට කටයුතු කරයි. ඒ සමගම ඉතාම කෙටි කාලයකදී ආණ්ඩුවට 2/3 බලය අහිමිවන තත්ත්වයක් නිර්මාණය වෙනවා.
ඒ නිසා ඉතා බරපතළ දේශපාලන අස්ථාවරත්වයක් තුළ ස්ථාවර ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අසීරු වෙනවා. පැලැස්තරවාදී විසඳුම් වලින් අවුරුදු තුනක් කඩා වැටී තිබෙන රට ගොඩගත නොහැකියි. ආණ්ඩුව අත්සන් කර තිබෙන රටට අහිතකර ගිවිසුම් හේතුවෙන් ලැබූ නව වසර රටට ජනතාවට අහිතකර වසරක් බවට පත්වෙනවා.
ඛණිජ තෙල්, ගෑස් මිල, පොහොර, රසායනික ද්‍රව්‍ය මිල හා අනෙකුත් ආනයනික භාණ්ඩ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යැමේ ප්‍රවණතාවක් ඇති වෙනවා. ආනයන භාණ්ඩ මිල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට පුළුවන් කමක් නැහැ. ඊට ප්‍රධාන හේතුව රුපියල දරුණු ලෙස කඩා වැටීමයි.
2005 වසරේදි මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්නා විට ඩොලරයකට ගෙව්වේ රුපියල් 101 ක්. අවුරුදු 10 ක් රට පාලනය කර භාර දෙන විට 131 යි. ඒ අනුව ඩොලරයකට වැඩිපුර ගෙවීමට වුණේ රුපියල් 30 යි. නමුත් අද වන විට ඩොලරයට රුපියල් 158 ක් ගෙවිය යුතු වෙනවා. ඒ අනුව ඉතා වේගයෙන් මේ වසර තුන තුළදී රුපියල බාල්දුකර තිබෙනවා.
රුපියල අවප්‍රමාණය වීමත් සමග සහල්, පිටි, සීනි, කරවල, පරිප්පු, මුංඇටවල සිට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩවල මිල ඉහළ යනවා. 2015 ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල පහත වැටීමෙන් ආනයනය වාසියක් මේ රජයට ලැබුණා. ලෝකයේ මෑත ඉතිහාසයේ සමස්ත මිල කඩා වැටීම වාර්තා කළ වර්ෂය 2015 වසරයි.
මේ ආණ්ඩුවට තරම් වාසිදායක ආර්ථික වාතාවරණයක් වෙන කිසිම රජයකට තිබුණේ නැහැ. එකට එකක් තෙල්, ගෑස්, කිරිපිටි මිල අඩුවෙලා එවැනි කිසිම රජයකට නොලැබුණු වාසියක් මේ රජයට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා ලෝකයේ නැවත වරක් මිල ඉහළ යැමේ ප්‍රවණතාවය ඇතිවෙලා.
වැට් බද්ද අසාමාන්‍ය ලෙස මේ රජය ඉහළ දැම්මා. රුපියල දිගින් දිගටම කඩා වැටීම විදේශයන්හි භාණ්ඩ මිල ඉහළ යැම අධික ලෙස භාණ්ඩ මත බදු පැනවීම යන මෙම කරුණු තුන හේතුවෙන් ඉදිරි වර්ෂයේදී ඉතා විශාල මිල පීඩනයක් ජනතාවට දරා ගැනීමට සිදුවෙනවා. එම මිල පීඩනය දරා ගැනීමට සිදුවනුයේ රජයේ ඉතා අකාර්යක්ෂම කළමනාකරණය නිසයි.
මහින්ද රාජපක්ෂ යුගයේදී වර්ෂයකට තෙල් ආනයනය කිරීමට ගිය වියදම (2014 දී) ඇමරිකානු ඩොලර් මිලියන 4997 යි. 2015 දී මේ රජය බලයට පත්වූ පසු තෙල් මිල ඇමරිකානු ඩොලර් මිලියන 2700 ට අඩු වුණා. 2016 වසරේදී එය ඩොලර් මිලියන 2418 ට අඩු වුණා. දැන් වසන්තය නිමාවී 2017 වසරේදී මිලියන 3428 ට වැඩි වුණා. මෙයයි ලංකාවේ ප්‍රධානම ආනයන වියදම. තාමත් මහින්ද රාජපක්ෂ යුගයට වඩා තෙල් ගෙන්වීමට වර්ෂයකට යන වියදම ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා අඩුවෙන් තියෙන්නේ. මේ පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ අනුව මහින්ද රාජපක්ෂ යුගයේදී මොන තරම් අමාරු අදියරකද ආර්ථිකය කළමනාකරණය කර තිබෙන්නේ. ප්‍රධාන ආනයන ද්‍රව්‍ය වන තෙල් සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 4997 ක් තිබුණු රටක අද ඒ සඳහා වැය වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 3428 ක් පමණයි.
මෙම මිල අඩුවීම තුළ 2015 සිට 2017 දක්වා වසර තුන තුළ රටට ඉතුරුවී තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 6045 ක මුදලක්. හම්බන්තොට වරාය විකුණා ලැබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 යි. අවුරුදු 5 කට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සියලු කොන්දේසිවලට යටවෙලා අරගෙන තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 යි. නමුත් තෙල්වලින් ඉතුරුවී තිබෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 6 ක්. මේ ඩොලර් බිලියන 6 ට මොකද වුණේ. තෙල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබුණාද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය ලබා ගැනීමට හෙට අනිද්දා වන විට තෙල් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට යනවා. ඒ අනුව මැයි මාසයේ 1 වැනිදා වන විට මිල සූත්‍රය ගැලපුවම පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ යයි. ගෑස් ඇතුළු බලශක්ති මිල ගණන් ඉහළ යනවා. පොහොර රසායන ද්‍රව්‍ය ඇතුළු ඛනිජ තෙල් අඟුරු නිෂ්පාදනයන්ගේ මිල ඉහළ යනවා.
රට ආපස්සට ගිය තත්ත්වය නිවැරදි කිරීමට ගොඩනැඟිය හැකි ජාතික ආර්ථික වැඩපිළිවෙළක් සමග නව අගමැතිවරයෙක්, නව කැබිනට් මණ්ඩලයක්, නව පාර්ලිමේන්තුවක් ඇතිවෙන ලෙස වහාම මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමයි ඒකාබද්ධ විපක්ෂයේ මතය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මගින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබුණා. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට දැනුම් දුන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවේ කොටසක් ලෙස එය සම්මත වන දිනයේම පාර්ලිමේන්තුවද විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් ගෙන එන්නේනම් ඔවුන්ගේ යෝජනාවට සහයෝගය ලබාදෙන බවට.
වැටී තිබෙන අගාධයෙන් රට ගොඩනැඟිය හැක්කේ මහ මැතිවරණයක් පවත්වා අලුත් පාර්ලිමේන්තුවක් පත් කිරීමෙන් පමණි. ආණ්ඩුවේ කොටසක් විපක්ෂයට එක්වීමෙන් විපක්ෂය මේ විදියට බලවත් වන විට විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීම, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස බල කිරීම වැනි උද්ඝෝෂණ ඇති වෙයි.
මූල්‍ය අපරාධ කොට්ඨාස නීති විරෝධී එකක් බව අප මුල සිටම ප්‍රකාශ කර තිබෙනවා. දැන් පෙරේදා පොලිස් රාජ්‍ය සංකල්පය ප්‍රදර්ශනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. පොලිස් රාජ්‍ය සංකල්පය කෙතරම් බරපතළ ලෙස ක්‍රියාත්මක කළාද කිව්වොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් ඇතුළුවීමට ඉඩ දුන්නේ නෑ. පොලිස් බලඇනි වටේටම යොදවලා තිබුණේ දැන් ආණ්ඩුව රණවිරු දඩයමට අමතරව මන්ත්‍රීවරු දඩයම් කිරීමත් ආරම්භ කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...