විදේශ පුවත්

පසුගිය නොවැම්බර් 03 වෙනිදා පැවැත්වූ අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ජනාධිපතිවරණයෙන් ජයගත්තේ ජෝ බයිඩන් මහතා බව අමෙරිකානු සහ ජාත්‍යයන්තර මාධ්‍යය විසින් ප්‍රචාරයට පත් කළ සැනින් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්ස්ටන්, ප්‍රංශ අගමැති එම්මැනුවෙල් මැක්‍රේන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වැනි ලෝකයේ ප්‍රභල රාජ්‍යයවල නායකයන් ජෝ බයිඩන් මහතාට සුභ පැතීමට කටයුතු කළහ.

එහෙත් රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා මේ දක්වා ජෝ බයිඩන් මහතාට සුභ පැතීමට කටයුතු කර නැත. නමුත් ජාත්‍යන්තර මාධ්‍යය පෙන්වා දෙන්නේ 2016 ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කළ බව මාධ්‍යය මගින් ප්‍රකාශයට පත් කළ විගසම රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සුභ පැතීමට කටයුතු කළ බවයි.

මේ සම්බන්ධව ලෝක ජනයා අතර වන වික්ෂිප්තභාවය තුරන් කරමින් රුසියානු රාජ්‍යයේ අමෙරිකානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වන ස්ථාවරය පැහැදිළි කරනු ලැබීය.ඒ අනුව මාධ්‍යය වෙත කරුණු පහැදිළි කළ ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි ප්‍රෙස්කොව් මහතා ” 2016 වර්ෂයේ පැවැති අමෙරිකානු ජනාධිවරණයේ ප්‍රතිඵල නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රතිවාදිනිය වන හිලරි ක්ලින්ටන් මැතිණිය විසින් තමාගේ පරාජය නිළ වශයෙන් භාර ගනු ලැබු බව ප්‍රකාශයට පත් කළා.ඇගේ පරාජය පිළිගැනීම සැළකිල්ලට ගෙන රුසියානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් එදා සුභ පැතුවා. නමුත් අද අමෙරිකාවේ 46 ජනාධිපතිවරයා බවට පත්වීමට ජනාධිපතිවරණ ඡන්දයෙන් දිනාගැනීමට අවශ්‍යය වන ඡන්ද විද්‍යාල 270ක බලය අත්පත් කර ගැනීමට ජෝ බයිඩන් මහතා සමත්ව ඇති බව මාධ්‍යය මගින් ප්‍රකාශයට පත් කළද ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා මාධ්‍යය මගින් ප්‍රකාශයට පත් කළ ප්‍රතිඵලය අභියෝගයට ලක් කර අමෙරිකානු අධිකරණයේ පිහිට පැතීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව නිළ වශයෙන් අමෙරිකාව අභිනව ජනාධිපතිවරයා පත් කළ විගස පත්වන කවුරුන් හෝ වන ජනාධිපතිවරයාට සුභාශිංෂන පිරිනැමීමටත් එලෙස පත්වන අභිනව අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමටත් රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා පැකිලෙන්නේ නැහැ.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More