පුරවැසි කොලම

සුළු ජාතික ඡන්ද නැතුව සිංහල බෞද්ධ ඡන්ද මත පමණක් මහින්දට දිනන්න බෑ කියන එක බැලූ බැල්මට ඇත්තක් වුණත් ඒක ඇත්තක්ම නෙමෙයි. බැසිලිකාවේ කේවට්ටයන් මේක අතිශයෝක්තියට නගන බව පෙන්නවා. සුළු ජාතික ඡන්ද දිනා නොගත යුතු යැයි අප කියන්නෙත් නෑ. හැකිනම් එය කරන්න. එහෙත් එය කළ යුත්තේ විශ්වාස කරන්න බැරි සුළු ජන ඡන්ද වෙනුවෙන් සිංහල ඡන්ද පදනම නැතිකර ගැනීමෙන් නොවේ. සුළු ජාතික ඡන්ද එක මල්ලට ගැටගැසී ඇත්තේ ජනවර්ගය පදනම් කරගෙන. ඔවුන් ඡන්දය දෙන්නේ පක්ෂවලට නොව ජාතියට. උතුර හැර වතුකරේ ඡන්දත් තොණ්ඩමන් සහ දිගම්බරම් වශයෙන් පුද්ගල බද්ධයි. කුල මල ආදී වෙනත් කාරණා හේතුවෙන් ඉතාම සුළු ඡන්ද ප්‍රතිශතයක් තමයි අනෙක් දේශපාලන පක්ෂවලට ලැබෙන්නේ. අප එයත් නොසලකා හැරිය යුතුයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවෙන් යොදන ශක්තියට වඩා දකුණේ සිංහල ඡන්ද දිනා ගැනීමට යෙදවීම ඊට වඩා ප්‍රයෝගිකයි කියන එකයි.

මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සෑම වසරකම එකතුවන කුලුදුල් ඡන්ද ප්‍රමාණයත් තීරණාත්මක ලෙස බලපානවා. ගියවර එම ඡන්ද දිනාගත්තේත් සිරිසේන. එම නිසා මහින්ද ඇත්තටම පැරදුනේ සුළුජාතික ඡන්ද අහිමිවූ නිසා නොව දකුණේ සිංහල ඡන්ද අහිමිවූ නිසා. යාපනය දිස්ත්‍රීක්කයෙන් මහින්ද රාජපක්ෂට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ලැබුණේ ඡන්ද 44,154 ක් පමණයි. 2015 දී එය 74,454 ක් දක්වා වැඩි වුණා. එය උතුරේ ඡන්ද වලින් සාමාන්‍ය පක්ෂයකට ලැබෙන ඉහළම ප්‍රතිශතයක්. 68 % ක වර්ධනයක්. උතුරෙන් එහෙම වර්ධනයක් වෙද්දී මහින්දට වුණේ දකුණේ ඡන්ද ප්‍රමාණයේ අපගමනයක්.

දැන් අපි 2010 ජනාධිපතිවරණයට වඩා 2015 මැතිවරණයේ දී මහින්දට දකුණෙන් අඩු වූ ඡන්ද ප්‍රමාණය නිදසුන් කිහිපයකින් පැහැදිලි කර ගනිමු. කොළඹින් මහින්දට 2010 ගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 52,126 ක් අඩු වුණා. කළුතරින් 16,672 ක් අඩු වුණා. ගම්පහෙන් 53,869 ක් අඩු වුණා. රත්නපුරෙන් 85,220 අඩු වුණා. කුරුණෑගලින් 25,916 ක් අඩු වුණා. නුවරින් 28,051ක් අඩු වුණා. අනුරාධපුරයෙන් 60,041 ක් අඩු වුණා. පොලොන්නරුවෙන් 39,249 ක් අඩු වුණා. කෑගල්ලෙන් 18,508 ක් අඩු වුණා. ගාල්ලෙන් 9845 ක් අඩු වුණා. මේ දකුණේ සිංහල බෞද්ධ ඡන්ද ඇති ප්‍රදේශවලින් මහින්දට සිංහල ඡන්ද අඩු වූ ආකාරයයි. උතුරු නැගනහිර සුළු ජාතික පක්ෂවල ජාතිවාදී චන්ද පදනම මෛත්‍රීපාල සිරිසේනට ගෙඩිපිටින් ලැබෙන විට දකුණේ දිස්ත‍්‍රික්ක 15 ක විතර මහින්දට අඩු වූ ඡන්ද සංඛ්‍යාව 4,57,550 පමණ වෙනවා. මතක තබාගන්න එය සිරිසේන ජයග්‍රහණය කළ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියි. මෛත්‍රී දිනුවේ ඡන්ද 4,49,072 කින්. ඉන් මහින්ද තවත් ඡන්ද දෙලක්ෂ විසිපන්දාහක් පමණ ලබා ගත්තේ නම් ජයග්‍රාහකයා මහින්දයි. මේ නිසා මහින්ද කළයුත්තේ වැරදි උපදෙස් අනුව විශ්වාසයක් නැති සුළු ජාතික චන්ද පසුපස යාම නොව තමන්ට තිබී දකුණේ අහිමි වූ සිංහල ඡන්ද පදනම දිනා ගැනීමට කටයුතු කිරීමයි.

ජාතිය මත ගැටගැසී ඇති සුළු ජාතික ඡන්ද ගැන විශ්වාසයක් තබන්න බැරි හේතු තිබෙනවා.එකක් තමයි ඒ ඡන්ද ගන්න නම් ඔවුන්ට කප්පම් දෙන්න වෙනවා.ඒත් ඔවුන් සුවර් නැති බව ඔවුන්ගේ දේශපාලන භාවිතයෙන්ම ඔප්පු කර තිබෙනවා. නිදසුනකට මුස්ලිම් කොංග්‍රසයේ අවස්ථාවාදී දේශපාලනය බලන්න. රවුෆ් හකීම් 2005 දී මහින්ද පරාජය කරන්න රනිල්ට සහය දුන්නා. රනිල් පැරදුනාම ඔහු අතෑරලා මහින්ද ළගට ඇවිත් ඇමතිධුරයකුත් ගත්තා.ඒ වුණත් 2010 දී නැවත මහින්ද පරද්දන්න ආණ්ඩුවෙන් ඉවත්ව ෆොන්සේකාට එකතු වුණා. වෙලාවට ෆොන්සේකා පැරදුනා. ඒ ගමන නැවත මහින්ද ළගට ආවා. ඒ පාර මහින්ද සැලකුවේ අධිකරණ ඇමති ධුරය පිරි නැමීමෙන්. 2003 සිට 2009 දක්වා වසර 07 ටම නීති විද්‍යාල ප්‍රවේශය සමත් වී ඇත්තේ මුස්ලිම් සිසුන් 50 ක් වුවද හකීම්ගේ අධිකණ ඇමැති කාලේ මුස්ලිම් සුසුන් 138 ක් ඇතුල් කරගත්තා. මේ අය හැමදාම කලේ බලයට එන හැම ආණ්ඩුවකටම එකතු වෙලා තමාගේ වර්ගයට සලකන අවස්ථාවාදී දේශපාලනයක්.මහින්දට බලය අරන් දෙන්න කවදාවත් උදව් නොකළ ඔවුන් මහින්ද කෙසේ හෝ බලය ගත්පසු නම් ආණ්ඩුවට ඒත්තු වෙලා ඇමතිකම් අරන් ඔවුන්ගේ ජනතාවට සැලකුවා.ඒ ඡන්ද පදාසය මහින්දට අත්‍යවශ්‍ය වෙන්නේ බලය ගන්න මිසක් දිනුවට පස්සේ නෙමෙයි. ඒ නිසා මහින්දට ඡන්ද අවශ්‍ය දිනන්නයි. ඒ සදහා කවදත් තමන්ට තිබුණ සිංහල බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කරගෙන එය වර්ධනය කරගැනීම තමයි පළමුව කළ යුත්තේ. දෙවනුව කළ යුත්තේ සුළු ජන ඡන්ද ප්‍රමාණයක් දිනා ගතහැකි නම් ඒ සදහා අවධානය යොමු කිරීමයි.නමුත් මහින්දගේ පරාජයට පවා හේතු වෙන්නේ ඊට වෙනස් ප්‍රවේශයක් ගෙන තමන්ට එදා ඉදන් පිහිටට හිටි ජාතිකවාදී කොටස් අතෑරලා පසුව ළඟා වූ අය පිනවන්නට යාමයි. බැසිල් බදියුර්දීන් ප්‍රේමය පවා මහින්දට සිංහල ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වීමට හේතුවක් වූ බව කිව යුතුයි. එහෙත් මහින්දට දකුණේ අහිමිවූ සිංහල බෞද්ධ ඡන්ද යළි දිනා ගැනීමක් හෝ ඒවා තමන්ට අහිමිවූයේ ඇයි දැයි ආපසු හැරී බලන තත්වයක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට බැසිලිකාවෙන් කෙරෙන්නේ ස්මාර්ට් ජාතිකවාදයක් ගැන කතා කරමින් දැනට ඉන්න අයත් පිටමං කරවන ව්‍යාපෘතියක් . අපේ නම් අදහස තීරණාත්මක මොහොතක නොලැබෙන සුළු ජන ඡන්දයක් හඹා යානවට වඩා මහසොහොන් ආදී විවිධ බලසේනාවල ඉන්න තරුණ තරුණියන් දිනා ගැනීමට වැඩපිළිවෙලක් දියත් කිරීම අරට වඩා ප්‍රායෝගික බවයි. ඒවාට යන එන සහය දෙන බිම්මට්ටමේ හැමෝම රට ජාතිය කෙරෙහි සැබෑ ඇල්මක් ඇති අය විනා කුමන්ත්‍රණකරුවන් නොවේ. ඊළගට මෛත්‍රීට වැටුණ 13% ප්‍රතිශතයෙන් අඩක් දිනා ගත හැකි නම් සුළු පක්ෂවල හෙට්ටු කිරීම්වලට යට නොවී ජයග්‍රහණයක් ලැබීම අසීරු නොවේ. මහින්ද කලයුත්තේ සුළු ජන ඡන්ද බලාගෙන දකුණ යළි මගහැර ගැනීම නොව වඩ වඩා ජාතිකත්වයට නැඹුරුව සිංහල ඡන්ද වැඩිකර ගැනීමයි. එහෙත් බසිලිකානු ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ නිර්මාල්ලාගේ ඡන්දය වැටෙන තෙක් නලින් ද සිල්වාගේ ,අමරසේකරගේ, පටු ජාතිකත්වයේ සිට විමල් , උදය,දිනේෂ් වැන්නන්ද මහින්ද කදවුරෙන් විසිවීම දක්වා කදවුර ස්මාර්ට් කිරීමයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More