කමලා හැරිස් ගැන ලෝකයම කතා කරයි. ඒ ඇය ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු දකුණු ආසියානු ඇමරිකානුවා හා කළු ජාතික කාන්තාව වීම නිසාය. 55 හැවිරිදි කමලා හැරිස් පළමුව ඩිමොක‍්‍රටික් පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකත්වයට තර`ග කළාය. ඉන් පසුව උප ජනාධිපති අපේක්‍ෂකත්වයට ඇගේ නම යෝජනා විය. සෙනෙට් සභික කමලා කැලිෆෝනියා ප‍්‍රාන්තයේ නීතිපතිවරියකි. තමිල්නාඩුවේ උපන් හින්දු භක්තික ශ්‍යාමලා ගෝපාලන් හැරිස් යනු කමලාගේ මවයි. ඇය දැන් ජීවතුන් අතර නැතත් තමිල්නාඩු වැසියෝ කමලාගේ ජයග‍්‍රහණය ගැන උදම් අනති. ඒ දෙමළ අම්මාගේ දුව උපන් භූමිය වීම නිසාය. කමලා දුව ඉදිරියේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරනුයේ කවර ආකාරයෙන්ද යන්න විශේෂ විමසීමකට ලක්විය යුතුය.
ඩිමොක‍්‍රටික් පක්‍ෂයට බලය ඇති සමයේ එනම් හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් සමයේ සැමවිටම උත්සහ කරනු ලැබුවේ ලංකාව මානව හිමිකම් උගුලේ සිර කිරීමටය. 2012 දී හිලරි ප‍්‍රකාශ කළේ උතුර මිලිටරිකරණයෙන් මුදාගත යුතු බවයි. එසේම සිවිල් සංවිධානවලට මානව හිමිකම් ක‍්‍රියාකාරින්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව ලංකාවට දැනුම් දුන්නේ දැඩි ස්වරයෙනි. ජෝ බයිඩන්ගේ ජයග‍්‍රහණයත් සමග යළිත් හිලරි කරළියට ඒම වැළැක්විය නොහැකිය. එවිට කමලා හැරිස්ට උපදෙස් ලබා දෙනු ඇත්තේ හිලරිය. කමලාගේ ඇති දෙමළ සම්භවයත් සමග ඇය යළිත් ලංකාව මානව හිමිකම් උගුලක සිරකරන්නට මාන බලයිද? මේ ගැන ලක්වැසි බහුතරය තුළ යම් සැකයක් මතුව ඇත. කමලා හැරිස් දකුණු ආසියානු මූලයක් ඇති දෙමළ කාන්තාවක් වුවද ඇමරිකාවේ උප ජනාධිපති පදවියට පත්වූ පසු ඇය ක‍්‍රියාත්මක කරන්නේ ඇමරිකානු දේශපාලනයේ වුවමනාවන්ය. ඇයට හිතුවක්කාරව ක‍්‍රියාකළ නොහැකිය. කෙසේ නමුත් දෙමළ ඩයස්පෝරාවද බලා සිටියේ ට‍්‍රම්ප් පරාජය වන තෙක්ය. ජනපති ට‍්‍රම්ප් හිතුවක්කාරී පුද්ගලයෙකු වුවද මානව හිමිකම් වෙනුවෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රටවල් ආක‍්‍රමණය කරන්නට ගියේ නැත. මානව හිමිකම් කවුන්සිලය තඹයකට ගණන් ගත්තේද නැත. එමෙන්ම ලංකා රාජ්‍යය මානව හිමිකම් උගුලක සිරකරන්නට උත්සහ ගත්තේ ද නැත. නමුත් දැන් ට‍්‍රම්ප් පාලනය ඉතිහාසයට එක්ව තිබේ.
මෙරට සිටින සමහර දේශපාලන විචාරකයන්, පවසනුයේ ජෝ බයිඩන්ගේ ජයග‍්‍රහණය නිසා වත්මන් පාලනය යම් අපහසුතාවකට පත්වනු ඇති බවයි. ඔවුන් පවසන්නේ බයිඩන් ආගමනය හරහා ඇමරිකානු වසන්තය උදාවූ බවයි.
ඇමරිකාවට වසන්තය උදාවූවාට අපට කම් නැත. නමුත් ඒ හරහා ලංකාවට අමාවක උදාවිය යුතු නැත. කමලා හැරිස් උප ජනාධිපතිනියගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියා වන්නේද දෙමළ කතකි. රෝහිණී රවීන්ද්‍රන් නම් ඇයගේ දෙමාපියන් 1983 දී ලංකාව හැර ගොස් ඇමරිකාවේ පදිංචි වූවෝ වෙති. මොවුන් ලංකාව ගැන දක්වන ආකල්පය සුබදායක ද නැද්ද යන්න ඉතා ඉක්මනින්ම දැනගත හැකිවනු ඇත. ට‍්‍රම්ප් පරාජය හරහා මෙරට රාජ්‍යත්ව පාලනයට යම් අවාසියක් වනු ඇතැයි සමහර සිවිල් කි‍්‍රයාකාරීහු කල්පනා කරති. එසේ සිතීම පවා කාලකන්නි සිතුවිල්ලක් බව කිව යුතුය.
එම සිවිල් ක‍්‍රියාකාරීහු කමලා හැරිස්ගේ ජය නිසා ප‍්‍රමෝදයට පත්ව සිටිති. මොවුන් සියලූ දෙනාම ලංකා හමුදාවට එරෙහිව ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් ඉදිරිපත් කළ අයවලූන්ය.
මොවුන් දැන් බලා සිටින්නේ කමලා හා රෝහිණී හරහා යළි රටට එරෙහි කුමන්ත‍්‍රණ ආරම්භ කිරීමටය. මේ නව ලෝක දේශපාලන තත්ත්වය ගැන වත්මන් ආණ්ඩුව වඩා හොඳ නිරීක්‍ෂණයක සිටීම ඉතා වැදගත්ය.
ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගය හා වගවීම ගැන අපට කාගෙන්වත් පාඩම් උගත යුතු නැත. දශක තුනක් තිස්සේ ඇදී ගිය පැසිස්ට්වාදී ප‍්‍රභාකරන් විසින් නිර්මාණය කරන ලද වර්ගවාදී යුද්ධය නිමා කර මෙරටට සාමය උදාකරනු ලැබූයේ අපගේ වීරෝදාර හමුදාව විසිනි. ඔවුන් කළේ අතිශය මානුෂික මෙහෙයුමකි. අපමණ කැපවීම් කළ වීරෝදාර හමුදාවන්ගේ මැදිහත් වීම නිසා ප‍්‍රභාකරන්ගේ අණසකට යටත්ව සිටි දෙමළ වැසියෝ පවා අද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස භුක්ති විඳිමින් සිටිති. එම තත්ත්වය හමුවේ අප රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගය, වගවීම් ගැන පාඩම් උගන්වන්නට කමලා හැරිස්ට හෝ රෝහිණී රවීන්ද්‍රන් අවශ්‍ය නැත.
ප‍්‍රභාකරන්ගෙන් මේ රට නිදහස් කර ගන්නා සටනේදී ප‍්‍රභාකරන් බේරා ගැනීමට බටහිර බලවේග කි‍්‍රයාත්මක වූ බව නොරහසකි. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කර ගනිමින් අප රට තිස් අවුරුදු යුද සාපයෙන් මුදාගත් පරිණත දේශපාලන නායකත්වයකට කුමන අභියෝග පැමිණියත් එය ජයගත හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...