සහල් සඳහා දේශීය වෙළෙඳපොළ පාලන මිලක් නියම කිරීම සඳහා 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පණතේ 20 (5) වැනි වගන්තිය යටතේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි 2020 නොවැම්බර් මස 04 වන දින පාරිභෝගික කටයුතු අධිකාරියේ අණ පරිදි එහි අභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක (විශ‍්‍රාමික) මහතා විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත. එම ගැසට් පත‍්‍රයට අනුව සුදු හා රතු තම්බපු සම්බා (සූදුරු සම්බා හැර) සහල් කිලෝවක මිල රු.94.00 කි. සුදු සහ රතු සම්බා කැකුළු සහල් කිලෝවක මිල ද රු.94.00 කි. සුදු හා රතු තම්බපු නාඩු සහල් කිලෝවක මිල රු.92.00 ක් සේම සුදු සහ රතු කැකුළු නාඩු සහල් කිලෝවක මිල රු.89/- ක් විය යුතු බවට නිවේදනයක් නිකුත් කර ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ වගකීම හා කාර්යභාරය පාරිභෝගිකයා ආරක්ෂා කිරීමය. රටක අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල උච්චාවචනය පිළිබඳව නියාමනය කිරීමේ වගකීම මෙම ආයතනයට ඇත්තේය. අප රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා වගකීම ඇති මෙම ආයතනය හුදෙක් සැලකිල්ලට ගත යුත්තේ බඩු මිල පාලනය පමණක්ද?
අපි දන්නා ඉතිහාසය තුළ වැඩි වූ භාණ්ඩයක මිල අඩුවීමක් අසා නැත. සාමාන්‍යයෙන් සරල ආර්ථික විද්‍යාවේ න්‍යායට අනුව ඉල්ලූම හා සැපයුම මත මිල න්‍යාය හැඩගැසෙන බව ප‍්‍රායෝගික සත්‍යකි. මින් පරිභාහිරව වෙළෙ`දපොළේ මිල ඉහළ පහළ යෑමක් සිදුනොවිය හැක.
වෙළෙ`දපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින විටදී කෘතීමව මිල පාලනය කිරීමක් කළද එය තාවකාලිකව පාරිභෝගිකයා ආරක්ෂා කිරීමක් මිස නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවා ස්වාභාවික ක‍්‍රමවේදයන් මත සිදුවන්නක් නොවේ. රජයක් විසින් තම වෙළෙ`ද ප‍්‍රතිපත්තිය මෙන්ම භාණ්ඩ නිෂ්පාදන ප‍්‍රතිපත්තියක්ද ක‍්‍රියාවට නැංවීය යුත්තේය. එසේ නොවන්නේ නම් මිල අඩුකිරීමේ ක‍්‍රියාවලිය හුදු එදාවේල පිරිමැසීමේ ජනප‍්‍රිය තේමා පාඨයකට පමණක් සීමා වනු ඇත. එය යළි යළි`දු රජයන් මගින් සිදුකරන මාධ්‍ය නාඩගමක් වනු ඇත්තේය.
ඒ ස`දහා වගකිවයුතු රජයක් විදියට යුහුසුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ රට තුළ නිෂ්පාදන ක‍්‍රියාන්විතයක් ඇරඹිය යුත්තේය. ඒ වෙනුවෙන් කෙටිකාලීන හා මධ්‍යකාලීනවත් නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවාලීමට පියවර ගත යුතුවා සේම දේශීය ගොවියාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරගැනීම උදෙසා විධිමත් ආරක්ෂණ ක‍්‍රමවේදයක් (ආනයනික සීමා හා බදු ප‍්‍රතිපත්තියක් මත,) සැකසිය යුත්තේය.
විශේෂයෙන්ම ගොවියා ආරක්ෂා කරගැනීම මූලික කොටගත් ඔවුන්ට වගා කිරීමේ තදබල ආශාවක් හා ප‍්‍රවර්ධනයක් උදෙසා කටයුතු කිරීම අදාළ ඒ ඒ අමාත්‍යාංශයෙන් වගකීමක් ද වන්නේය. තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර නිෂ්පාදන භවභෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඒ ස`දහා කෘෂි ආර්ථික හා පරිභෝජන සංගණනයක් සැලකිල්ලට ගැනීමෙන් නිෂ්පාදන ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම වඩාත් ඵලදායි වේ. එම ක‍්‍රියාවලිය වෙනුවෙන් ප‍්‍රායෝගික හා විධිමත් වැඩපිළිවෙළක් ජාතික න්‍යාය පත‍්‍රයකට යටත් කොට ආරම්භ කළ යුත්තේ ය. මා දන්නා තරමින් ඒ ඒ අමාත්‍යාංශයන් සතු බිමේ පැළ නොකරන ලද සද්ධාන්ත වැඩපිළිවෙළවල් පිළිබඳ ලේඛණ හා වාර්තා ඞීමෝ බට්ටා ලොරියක පිරවිය හැක්කේය. සෑම රජයක්ම බලයට පත්වන මුල් වකවානුවල එකිනෙකාගේ පුද්ගල න්‍යාය පත‍්‍රයට අනුගතව න්‍යය පත‍්‍රයන් සැකසෙන්නේ ය. එවැනි න්‍යාය පත‍්‍රයන් හුදෙක් රටට ඵලදායී ජනතාවට වැඩදායී ඒවා නොවේ.
edifea2එනිසාම අප රටක් විධියටත්, ජාතියක් විධියටත්, බරපතළ ණය උගුලක සිරකර ඇත්තේ රටට ඔරොත්තු නොදෙන ආනයන මාෆියාව නිසාය. එදා මෙදා තුර අපගේ ආනයන ක්ෂේත‍්‍රය සැලකිල්ලට ගෙන බැලූ විට පෙනී යන්නේ වසර 72ක් තුළ අප රටේ සුලභව නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදන පවා දැන් දැන් මෙරටට ගෙන්වන බවයි. පහුගිය කාලවකවානුවල ණය ලබාගෙන සේවා ආර්ථිකය ඉහළ නංවාලීමට විශාල වැඩපිළිවෙළක් සමඟ මහා පරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ලද්දේ ය. මෙහි ප‍්‍රතිලාභ සැලකිල්ලට ගත්විට පෙනීයන්නේ රටේ සමස්ත ණය ප‍්‍රමාණයේ පොලී වාරිකයවත් ගෙවා දැමීමට තරම් ආදායම් උත්පාදනය ප‍්‍රමාණවත් නොමැති බවය. අප රටේ සමස්ථ ණය පොලී වාරිකය මාසිකව ඩොලර් මිලියන 400කි. සමස්ථ ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 14කට ආසන්නය. මේ සා විශාල ණය කන්දක් නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ අප වැනි රටකට කෙසේ දරාගත හැකිද? 1948 අප නිදහස ලබන විට ආසියාවේ දෙවෙනි ආර්ථිකයට හිමිකම් කියා පෑවේ නිෂ්පාදන කෘෂි ආර්ථිකය ඉතාමත්ම ප‍්‍රබල මට්ටමක පැවති නිසාවෙනි. අප රට තුළ කිසිදු මහා පරිමාණ මූල්‍ය ප‍්‍රාග්ධනයන් නොමැතිව නිෂ්පාදනය කළ හැකි කෘෂි නිෂ්පාදන මෙන්ම ප‍්‍රාථමික කර්මාන්ත නිෂ්පාදන බොහෝය. ආනයන වියදම් පාලනය කර අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් රජය විසින් ක‍්‍රියාවට නැංවිය යුත්තේය. ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ රටේ යැපුම් හා වාණිජ කෘෂිකර්මාන්තය නංවාලීමටය. මේ රටේ 80%ක් ම කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත වක‍්‍ර හා සෘජු නිෂ්පාදන ක‍්‍රියාවලියේ නිරතව සිටින බව වටහා ගත යුත්තේය. ඔවුන්ගේ අස්වනු නෙළන කාලසීමාවේ වී ඇතුළු බී ලූනු, අර්තාපල්, එළවළු විකුණාගත නොහැකිව ලතවෙති. සාමාන්‍යයෙන් වගා කොට අස්වනු නෙළන්නට මාස 3 – 4 ක කාලයක් ගන්නේය. පරිභෝජන භාණ්ඩ හිඟතාවයක් ඇතිවන්නේය. අස්වනු නෙළීමට මාස දෙකකට පෙරාතුව සිටය. ඒ වකවානුවේ වෙළෙඳපොළ භාණ්ඩ කීපයක් ඇතිවන්නේ නිෂ්පාදන ධාරිතාවය රට තුළ හිඟ වීම නිසාවෙනි. එවිට වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු ආයතනයට ඇති එකම විකල්පය පාරිභෝගිකයා ආරක්ෂාකර ගත යුතුය. අප රටේ ප‍්‍රධාන ආහාරය බත් වන අතර ඒ ස`දහා අවශ්‍ය දෛනික සහල් ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් ලක්ෂ තිහක් වැනි ප‍්‍රමාණයකි. රට තුළ ප‍්‍රමාණවත් වී නිෂ්පාදන සිදුවන්නේ ය. නමුදු සහල් නිෂ්පාදන ධාරිතාවය ප‍්‍රමාණවත් නැති නිසාම වෙළෙ`දපොළ තුළ සහල් හිඟයක් ඇතිවීම ස්වාභාවික සංසිද්ධියක් මිස අදෘශ්‍යමාන ක‍්‍රියාවිතයක් නොවන බව වගකිව යුතු ඉහළ නිලධාරීන් වටහාගත යුතුව ඇත. කළයුත්තේ සහල් ආනයනය වෙනුවට සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය මෙරට තුළ පුළුල් කිරීමේ මෙහෙයුමකි. මෙය රාජ්‍ය හා පුද්ගලික මැදිහත්වීමෙන් කළ හැකි අතර අවශ්‍ය වන්නේ සෘජු වැඩපිළිවෙළක් පමණි.
සහල් මිල පාලන ගැසට්ටුව ඇත්තෙන්ම ප‍්‍රායෝගිකද? පාලන මිලක් මඟින් නියම කරන ලද සහල් මිල ඇත්තෙන්ම සාධාරණීකරණය කළ හැකිද යන්න අප විසින් මැදහත් සිතින් සලකා බැලිය යුත්තේය. මේ ගැසට්ටුවේ සඳහන් කෘත‍්‍රිම මිල පාලනය ඇතුළත වී ගොවියාත් දේශීය සහල් නිෂ්පාදකයාත් වළපල්ලට යැවීමේ කුමන්ත‍්‍රණයක් සෘජු හා වක‍්‍රව සිද්ධ වන බව පෙනේ. සහල් නිෂ්පාදකයන් විශාල ලෙස ලාභ උපයයි යැයි උපකල්පනය කරන සීත කාමර නිලධාරීන්ට සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වන අවම පිරිවැය පිළිබඳව මුල සිටම පාඩම් කියා දිය යුතුව ඇත. බත් කන නිලධාරීන් නම් මුල සිටම මේ පිළිබඳව විචක්ෂණශීලීව ක‍්‍රියා කරනු ඇත. සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා අවම වශයෙන් වී කිලෝ 1.6ක ප‍්‍රමාණයක් අවශ්‍යව ඇත. මෙවර වී කිලෝවක් වෙළෙඳපළේ සාමාන්‍යයෙන් රු.45/- ත් 55/- ත් අතර විය. එය නාඩු සහ සම්බා වී වර්ග අනුව වෙනස් අගයක් ගනී.
සාමාන්‍යයෙන් හාල් කිලෝවක් නිෂ්පාදනය කරන්න වී කිලෝ 1.6 ක ප‍්‍රමාණයක් ඕන. සාමාන්‍යයෙන් අපි හිතමු වී කිලෝවක් රු.45/- කට මිලදී ගත්තා කියලා ගොවියන්ගෙන්. එතකොට හාල් කිලෝවක් ස`දහා වී කිලෝ 1.6ක් කියන්නේ රු.70/- කුත් ශත 40ක වියදමක්. එම වියදමට ප‍්‍රවාහන වියදම, වියළි බර, ගබඩා වියදම් ඇතුළු බහුවිධ වියදම් ප‍්‍රමාණයක් අන්තර්ගතව නැහැ. ඒ සියල්ල එකතු වුණාම අඩුම ගාණේ රු.80 – 83 ත් අතර මුදලක් යනවා. එය සහල් බවට පරිවර්තනය කිරීමේදී යන්ත‍්‍ර සූත‍්‍ර වියදම්, ඇසුරුම් වියදම්, සේවක පඩි නඩි ද ඇතුළත් විය යුතුය. ඊට අමතරව වෙළෙ`දපොළට යැවීමේදී ප‍්‍රවාහන වියදම් ද ඇතුළත් විය යුතුවා සේම සහල් නිෂ්පාදකයාගේ මෙන්ම වෙළෙන්දාගේ ද ලාභය මීට ඇතුළත් විය යුතු නොවේද? එහෙම බලපුවාම සහල් කිලෝවක් වෙළෙ`දපොළට නිකුත් කිරීමේදී විතරක් දළ වශයෙන් රු.90 – 95 ත් අතර වේ. වෙළෙ`දපොළේ බොහෝ විට අලෙවි වන්නේ රු.5/-ක් වැනි ලාභයකටය.
මේ ආකාරයට සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා වන පිරිවැය සැලකිල්ලට ගන්නට මෙම ගැසට්ටුවේ සඳහන් මිල ගණන් කෘත‍්‍රිම මිල පාලනයක් සේම එය පාරිභෝගික වෙළෙඳපොළ යථාර්ථයක්ද නොවේ. පාරිභෝගික සේවා අධිකාරියේ සීත කාමර නිලධාරීන්ගේ අංක ගණිත විජ්ජාවන් පාරිභෝගිකයන් නොමඟ යවන මේ මෑතකදී පල කළ ගැසට් පත‍්‍ර සියල්ලම පාහේ කිසිසේත්ම ක‍්‍රියාත්මක කළ නොහැකි ඒවා සේම කිසියම් නිෂ්පාදන කණ්ඩායම්වලින් ඇරියස් පිරිමැහීමේ මුවා හේන කාපුවාම මුව හමට තඩිබාන පන්නයේ මිල සූත‍්‍රයන්ය. එසේම මේ මිල ගණන්වලට කිසිසේත්ම සහල් අලෙවි කිරීමේ ක‍්‍රියාවලියක් කිසිසේත්ම කළ නොහැකිය. මේ කෘත‍්‍රීම මිල සූත‍්‍රය නිසාවෙන් සිදුවන්නේ සෘජුවම වී ගොවියාක්, දේශීය සහල් නිෂ්පාදකයාත් නන්නත්තාර කර සහල් ආනයන ජාවාරම්කරුවන්ට දොරගුළු විවර කිරීමේ සැහැසි ක‍්‍රමෝපායයි. මෙම ආනයන ජාවාරම නිසාවෙන් පසුගිය රජයේ වෙළෙඳ අමාත්‍යවරයාට සහල් ආතයනයේදී විශාල කොමිස් මුදල් ලැබුණු බව කවුරුත් දන්නා රහසකි. එනිසා රජයට අත් වූ පාඩුව රු. මිලියන 4000 – 6000ත් අතර සුවිශාල ධනස්කන්දයකි. ඊනියා සහල් මිල පාලන පසුබිම අනිවාර්යෙන්ම දේශීය සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය මුළුමණින්ම බිඳවැටේ. දැනටමත් කුඩා පරිමාණ මෝල් 2000 – 3000 ක් පමණ වැසී ගොස්ය. මහා පරිමාණ මෝල් හිමියන්ගේ සමස්ථ සහල් නිෂ්පාදන ධාරිතාව 70% – 30% ක ප‍්‍රමාණයකි. කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් විසින් 70% – 80% ක සහල් ධාරිතාවයක් වෙළෙඳපොළට නිකුත් කරයි. කුඩා මෝල් හිමියන් තව තවත් අසරණ කරමින් වළපල්ලට යැවීම තුළ සිදුවන්නේ හුදෙක් ඔවුන් කර්මාන්ත මුළුමණින්ම කඩා වැටීමයි. මෙය වී ගොවියා වී මිලදී ගැනීමේ ක‍්‍රියාවලියට සෘජුව බලපාන අතර වී විකුණාගත නොහැකිව වී ගොවියා සියදිවි හානි කර ගන්නා තැනට පත්වනු නොඅනුමානය. වගකිවයුතු ජාතිකවාදී ජාතිකත්වය සහිත රජයක් සහ රජයේ ඇතැම් මේ නිලධාරීන්ගේ නොමනා අත්තනෝමතික අඥාන ක‍්‍රියාමාර්ගයන් නිසා වඩාත්ම අසීරුතාවයට පත්වන්නේ ජනාධිපති හෝ ඔහුගේ රාජ්‍ය කාර්යයන්ය. රටේ ප‍්‍රධාන ජීවනාලිය වූ වී ගොවියාට මෙන්ම සහල් නිෂ්පාදකයාට සියතින්ම ගෙල සිර කරගන්න බලකරන ආර්ථික ඝාතක නිලධාරීන් ආනයන ජාවාරම්කරුවන් හෝ ආනයනයට සුවිසල් ගතමනාව නියමත් වක‍්‍රාකාරයෙන් බහුජාතික තිරිඟු පිටි සමාගම්වලට බදු සහන දෙන්නද පිඹුරුපත් සකසා ක‍්‍රියාවට නැංවීමට රජයට උපදෙස් දෙන්නේය. තිරිඟුපිටි බදු සහනය නිසා වාර්ෂිකව රජයට අසීමිතව බදු අදායම රු. මිලියන 80000කි. ඒ බදු සහනයෙන්ම ඇත්තෙන්ම පාරිභෝගිකයාට වාසියක් වූයේද නැත. තාමත් පාන් රාත්තලක් රු.60/- මයි. පාන් පිටි ආශ‍්‍රිත කෙටි කෑම වල මිල අඩුවීමකුත් නෑනේ. අතින් එක තමා පාන් රාත්තල 60කට තිබියදී පෙති කපලා රු.100/- කට දෙනවා. පාන් රාත්තලක් කන්න පුළුවන් දෙදෙනකුටයි. ඒත් සහල් කිලෝවකින් 8 දෙනකුට ප‍්‍රමාණවත්. ඒ කියන්නේ වේලකට රු.12.50 ක් වගේ. හැබැයි පාන් වේලකට රු.30/-ක් වැය කරනවා වගේ වගක් නැතුව. බැරි වෙලාවත් හාල් කිලෝවක් රු.5/-කින් රු.10/- කින් වැඩි වුණොත් මරාගෙන මැරෙන්න ලෑස්ති වෙනවා. මේ රටේ ගොවියා අපි රකිමු කියන ආකල්පය අපේ රටේ නැහැ. මෙකී තත්ත්වය ආර්ථික ඝාතක නිලධාරීන් ඇති කරපු මාෆියාවක්.
ගොවියන්ගේ වී නිෂ්පාදන වෙනුවෙන් වී කිලෝවක් අවම වශයෙන් රුපියල් හැටක්වත් විය යුතුවා සේ ම සහල් කිලෝවක් රු.110/- ක් වත් වීම සාධාරණය. නිෂ්පාදන වියදම් අඩු කිරීමට රජය මැදිහත් වී ක‍්‍රියා කරන්නේ නම් වී මිල ඇතුළු සහල් මිල අඩු කර ගත හැකිය. හැටපන් ලක්ෂයක නිසැක අභිලාෂය මෙවැනි ක‍්‍රියාමාර්ගයන් හරහා ඉටුවන්නේ නැත. වගකිව යුතු ජනතාවාදී රජයක් විදියට කළ යුත්තේ වී ගොවියාද, සහල් නිෂ්පාදකයාද,
පාරිභෝගිකයාද ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකසා එය දීර්ඝ කාලීනව ක‍්‍රියාවට නැංවීමය. කුඩා, මධ්‍යම හා මහා පරිමාණ මෝල් හිමියන්ට යම් යම් බදු සහන හෝ දිරිමත් සහන ක‍්‍රමවේදයක් ලබා දී සහල් නිෂ්පාදනය පුළුල් කිරීමට අවැසි පියවර තාවකාලිකව ගන්න පුළුවන්. එමගින් ඔවුන් මෙරටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරාවි. එමගින් පිටරටට යන සුවිසල් මුදල් කන්දරාව රටේ ඉතිරි කර ගන්නත් පුළුවන්. එසේම මෙය වී ගොවියාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වී වී වගාව කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ද ඇති වේ. එසේම සහල් නිෂ්පාදකයා ද ආරක්ෂා වී, නව ව්‍යවසායකයන් මෙන්ම පාරිභෝගිකයන් ද ආරක්ෂා වේ. විශේෂයෙන් නැවත සහල් පරිභෝජනය වර්ධනය කළ යුතුය. පාන් පිටි නිසා ඇති වන සමාජමය සෞඛ්‍යමය අර්බුදය සමනය කළ හැක්කේ රටේ වී ගොවියා ආරක්ෂා කර ගනිමින් සහල් නිෂ්පාදනය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අවශ්‍ය විධිමත් යාන්ත‍්‍රණයක් ක‍්‍රියාවට නැංවීම තුළිනි.
අනුරාධ තෙන්නකෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...