මහරගම අපේක්ෂා රෝහලේ ( පිළිකා රෝහල) අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව වාර්තා වේ. මේ නිසා අපේකසා රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව රෝගීන් කිහිපදෙනෙකුගේම ඥාතීහු පැවසුහ.
මේ අනුව අධික මිළ ගණන් ගෙවා පෞද්ගලිකව එම එන්නත් මිලදී ගැනීමට සිදු වී තිබෙන බවද එම රෝගීන්ගේ ඥාතීහු පෙන්වා දෙති.
මාර්තු අග ප්‍රේල් මුල සිට මෙම තත්ත්වය පවතින බවත් මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිංහ මහතාගෙන් කරනලද විමසීමකදී ඒ මහතා සදහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ආනයනය කරනු ලබන ඖෂධ කිහිපයක යම් හිඟයක් පවතින බවයි. අවුරුදු නිවාඩු කාලය මීට හේතු වී තිබෙන බවත් මෙම සතිය ඇතුළත මෙම ගැටලුව විසදීමට හැකි බවත් ඒමහතා සදහන් කළේය.
කිසිම රෝගියෙකුට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් අපේකෂා රෝහල උපරිම කැපවීමෙන් සියලු ප්‍රතිකාර සිදුකරන බවද එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...