රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ මන්දගාමී වැඩපිළිවෙළ නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පත්වීම්, උසස්වීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු ගණනාවක් ප්‍රමාද වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේයෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කෙළේය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශේෂයෙන් ජාතික පාසල් විදුහල්පතින්, ගුරුවරුන් ඇතුළු නිලධාරීන් ගණනාවකට එරෙහිව විනය ක්‍රියාමාර්ග පවා ප්‍රමාද වන්නේ අධ්‍යාපන සේවා කමිටුවේ නිර්දේශ කලට වේලාවට නොලැබීම නිසා බවද හෙතෙම කීය.
ජාතික පාසල් ගණනාවක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත්, කලට වේලාවට ගුරු මාරු හා උසස්වීම් ලබාදීමටත් නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත්තේද අධ්‍යාපන සේවා කමිටුවේ මන්දගාමී වැඩපිළිවෙළ හේතුවෙන් බවද ඔහු කීය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පත්වීම්, මාරුකිරීම් සහ උස්වීම් හා විනය ක්‍රියාමාර්ගවලදී අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන බැවින් ඒ සෑම කටයුත්තකටම අනුමැතිය ඉල්ලා යවන ලිපිගොනුවලට ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නේ නම් මේ ගැටලු නොවන බවද එම නිලධාරියා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...