එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත.
මෙම කමිටුව අද (19) රැස්වෙන්නේ දෙවැනි වතාවටය. ඒ අනුව පක්ෂයේ තනතුරු අද වෙනස් කෙරෙන අතර, එම තීරණය ලබන මැයි මස 06 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැලියේදී දැනුම්දීමට දේශපාලන මණ්ඩලය රැස්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය.
පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වෙනස් කෙරෙන පූර්ණ ප්රතිසංවිධානයක් සඳහා මෙම කමිටුව පත් කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...