දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කඩි මුඩියේම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ බලවත් කිරීම සඳහා යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ චෝදනා කරන්නේය.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂයද එකඟ නමුත් එම ධුරය අවසන් කළ යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇවෑමෙන් බවය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (18) උදේ පැවැති මාධ්‍ය හමුවකදී නානායක්කාර මහතා මේ බව අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේ ජවිපෙ ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළා. නමුත් ජවිපෙ එජාපය සමග තිබෙන රහස් සම්බන්ධය අතහැර නෑ.

රනිල් වික්‍රමසිංහගේ දුර්වල පාලනය ජනතාව ප්‍රතික්ෂේප කර තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් බලපවත්වන්නේ එජාපයේ නායකයායි. ඒ නිසා විධායක ජනපති ක්‍රමය මේ කඩිමුඩියේ සම්මත කර ගන්න හදන්නේ එජාප වුවමනාවට කියලයි මම විශ්වාස කරන්නේ.

මේ නිසා ජවිපෙ යෝජනාවට අපේ පක්ෂයේ යෝජනා දෙකක් තිබෙනවා. එකක් ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි මේ යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ.

අනෙක තමයි අද අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි. ඒ කරුණුත් ජවිපෙ යෝජනාවට ඇතුළත් වුණොත් අපි ඊට පක්ෂව ඡන්දය දෙන්න සූදානම් යැයිද නානායක්කාර මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More