ගෝඨාභය ජාතිය ඇමතීමට සූදානම් වෙයි!!!
ගෝඨා ට වසරකි. නිකම් වසරක් නොව අසීරුම වසරකි. ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම අසීරු වසරකි.
නමුත් අවාසනාවට අද ගෝඨා පිරිවරාගෙන සිටින්නන්ගෙන් වැඩි පිරිසක් අමනයන් සහ පිම්පියන්ය.
අවුරුද්දකින් ගෝඨා පාස් ද? ෆේල් ද? කියා සොයන්නේ කවුද ?
2015 සිට 2019 දක්වා ෆේල් වුණු හරීන්ලාය. මහ බැංකුව ෆේල් කළ හරීන්ලාය. හම්බන්තොට වරාය ෆේල් කළ හරීන්ලාය. මත්තල ගුවන් තොටුපල ෆේල් කළ හරීන්ලාය. ජිනීවා ගොස් රටේ ආරක්ෂක හමුදාව ෆේල් කළ හරීන්ලාය. පාස්කු ප්‍රහාරය වන්නට ඉඩ දී බලා සිට රටේ ආරක්ෂාව ෆේල් කළ හරීන්ලාය. තාත්තා නොකියන්නට තම ජීවිතය ද ෆේල් වන්නට ඉඩ තිබූ හරීන්ලාය.
එබැවින් පාස් ෆේල් හොයන්නට හරීන්ලාට අයිතියක් නැත.
ගෝඨා පාස් ද ? ෆේල් ද ? යන්න තීරණය කිරීම ජනතාව සතු කාර්යභාරයකි. ඊට තව කල් තිබේ.
ගෝඨාභය ජනාධිපතිතුමනි,
පහත දැක්වෙන්නේ පාස්වීමට අදාළ කාරණා ය. එබැවින් ජාතිය ඇමතීමට පෙර මේ කාරණා ගැන අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.
අද ඔබතුමාට ළං වී සිටින බහුතරයක් බිස්නස් වෙනුවෙන් ද, රට වෙනුවෙන් ද යන්න පළමුව සොයා බැලිය යුතුය. ඥාතී දරුවන් ඔබතුමාගේ නම විකුණා බිස්නස් කරනවාද යන්න විමර්ශනය කළ යුතුය. ඔබතුමා ගේ නමින් කප්පම් ගන්නා බිස්නස්කාරයන් වෙත් දැයි සොයාබැලීම වටී. රජයේ සේවකයින් සිටින්නේ සතුටින් දැයි සොයා බැලීම කාර්යක්ෂම රාජ්‍ය සේවයක පළමු පියවර වනු ඇත. පසුගිය වසරක කාලය තුල රජයේ කාර්යාල, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ අපායන් බවට පත් කළ යමපල්ලන් ගැන වහා පරීක්ෂණ කළ යුතුය.
මේ කොරෝනා කාල සීමාවේ විශ්‍රාම ගිය රජයේ සේවකයින් කී දාහක් විශ්‍රාම වැටුප් නොමැතිව, අතේ සතයක් නොමැතිව ජීවත් වනවා දැයි සොයා බැලිය යුතුය. අවුරුදු 40 ක් රජයට කඹුරා විශ්‍රාම ගිය රජයේ සේවකයා කඩේ යවන, මියගිය රජයේ සේවකයාගේ බිරිඳට හිමි විශ්‍රාම වැටුප් ගෙවීමට මාස 7-8 ක් තිස්සේ විවාහ සහතික චෙක් කරන, අගෝස්තු මාසයේ විශ්‍රාම ගිය ගුරුවරයා ගේ චර්යා සටහන් තවමත් ලියන මේ ජඩ ක්‍රමය වෙනස් කළ යුතුය.
විශ්‍රාම වැටුප් ගෙවීමට වඩා නොගෙවීම තම රාජකාරිය කරගත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන ඔබතුමා දැන සිටියේද?
එක නීතියක් රටට ස්ථාපිත කළ යුතුය.
එහෙත් වර්තමාන අධිකරණ ඇමැතිවරයා වැළපෙන්නේ වැළලීම ගැනය. ඔහුගේ මේ වැළලීමේ න්‍යායයෙන් වැළලෙන්නේ 69 ලක්ෂයක් ජනතාව ඔබතුමා වෙත තැබූ බලාපොරොත්තු බව අමතක නොකළ යුතුය.
ජනතාව ඔබතුමාට බලය පැවරුවේ කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන නායකයකු රටට අවශ්‍ය වූ නිසාය.
එසේ නොවී නම් රනිල් – මෛත්‍රී දියාරු සෙට් එකම දිගටම තියාගත හැකිව තිබුණි. රට පාලනය කිරීමේ පළමු පියවර කැබිනට් මණ්ඩලය පාලනය කිරීමයි. කැබිනට් මණ්ඩලයේ හඬ එකක් විය යුතුය.
චමල්ට එක මතයකුත්, විමල්ට තව මතයකුත්, ඩලස්ට මතයක් නොමැතිවත් කැබිනට් එකක් පවත්වාගෙන යා නොහැකිය.
ඡන්දයට පෙර කතා කළේ සිස්ටම් චේන්ජ් එකක් ගැනය. රටකට සිස්ටම් එකක් අවශ්‍යය. කොරෝනා තිබුනත් නැතත් එහි වෙනසක් නැත.
කොරෝනා පළමු රැල්ල එද්දී රටට සිස්ටම් එකක් විය. එය එකමුතුකමේ සිස්ටම් එකයි.
කොරෝනා පළමු රැල්ල මඬින්නට බන්ධුල, ඩලස්, විමල්, උදය, ටිරාන් අලස් සමග සියලුම රජයේ හා පෞද්ගලික විද්‍යුත් නාලිකාවන්හි ප්‍රධානීහු එක් වූහ. චරිත හේරත් වැනි මූණ පෙන්වා මාරු වී ගිය පුද්ගලයන් ද නොසිටියා නොවේ.
සමස්තයක් වශයෙන් ගත් කල සියල්ලෝම රට වෙනුවෙන් එක පෙළට සිට ගති.
කොරෝනා දෙවැනි රැල්ල හමුවේ ඒ එකමුතුකම ගසාගෙන ගියේ කෙසේද ?
කොරෝනා දෙවැනි රැල්ල හමුවේ ජන ජීවිතය බිඳී ගියේය. වෙනදා මෙන් බඩු ලොරි ආවේ නැත. ටී වී එකෙක් ඔන්ලයින් ඕඩර් කරපන් යැයි කියා මොර දුන්නාට එදා වේල හොයාගෙන කන මිනිහා ඔන්ලයින් ඕඩර් කරන්නේ කෙසේදැයි කිසිවෙකු සිතුවේ නැත.
අපකීර්තිය එක් වූයේ ඔබතුමාගේ නමටය.
ඔබතුමාට කල් ඉකුත්ව ගොස් නැත. රට හදන්න තවමත් කාලය තිබේ.
එහෙත් ජාවාරම්කරුවන්ට බදු සහන ලබාදී කප්පම් ලෙස රොලෙක්ස් අත් ඔරලෝසු ගෙන පළදින පී.බී. ජයසුන්දරලාට නටන්න දී එසේ කළ නොහැකිය .
අද සිටිනුයේ දිවුරුම් දෙන දවසේ නෝනා ට සාරියක් අන්දවා ගෙන පැමිණි අලි සබ්රි නොවන බව රටටම පැහැදිලිය. ඒ බැව් ඔබතුමාට පැහැදිලිවීමට තවත් ජාතිවාදී කෝලාහලයක් ඇතිවන තුරු සිටිය යුතු නොවේ.
ඔබතුමා ගේ නම විනාශ කරන පළමු පුද්ගලයා බවට මේ වන විට අලි සබ්රි පෙරමුණේ සිටියි.
ඔබතුමා මේ රටේ විධායක ජනාධිපති ය.
ඒ බලතල හරි අතට පාවිච්චි කරන්නට කාගෙන්වත් බාධාවක් නැත.
මේ රටේ වෙසෙන සිංහලයාටත්, දමිළ ජාතිකයාටත්, මුස්ලිම් මිනිසාටත් එක නීතියකින් සලකන රටක් සැදිය යුතුය.
මේ කුප්පීදු මනාප ජන්ද පොරයට ඔබතුමාගේ කාලයේදීම අවසන් තිත තැබිය යුතුය.
එක පාන් ගෙඩියට එක සිලි සිලි බෑග් එක බැගින් දවස ගානේ විනාශ කරන ක්‍රමය නතර විය යුතුය. කසල කළමනාකරණය දෙක වසරේ සිට පාසල් පෙළ පොතට එක් විය යුතුය.
දරුවන්ට වස විස ගිල්ලවන අජිනනොමොටෝ ඇතුළු සියලු රසකාරක, වර්ණකවලට දැඩි සීමා පැනවිය යුතුය.
බහුජාතික සමාගම් විසින් ගෙන්වා ප්‍රචාරය කරන විදේශීය වෙළෙඳ දැන්වීම් සඳහා අයකරන බද්ද රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නැංවිය යුතුය.
එසේ නොමැතිව දේශීය කලාකරුවන්වත්, දේශීය නිෂ්පාදකයාවත් රැකගත නොහැකිය .
තවමත් ජනතාව සිටින්නේ විනයගරුක රටක බලාපොරොත්තුවෙනි.
ඊයේ (15) ප්‍රබල පොලිස් නිලධාරියකුගේ ලයිසන් නැති දියණිය නන්දා ඉන්වෙස්මන්ට් ආයතනය තුලට මෝටර් රථයක් පදවා කළ හපන්කම ඔබතුමා තුමාට ආරංචි වන්නට ඇත.
ඔබතුමා මෙහිදී අමුතුවෙන් මුකුත් කළ යුතු නැත. චම්පික රණවක සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම කටයුතු කළා නම් ප්‍රමාණවත් ය.
රටට භාණ්ඩ ආනයනය කිරීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසිය යුතුය. රටට අත්‍යවශ්‍ය මොනවාද අනවශ්‍ය මොනවාද යන්න සොයා බලා ආනයන නීති දැඩි කළ යුතුය.
කොරෝනා කියා දුන් පළමු පාඩම එයයි.
2015 පරාජයට මූලිකව බලපෑවේ පුතුන් ය.
2025 දී බෑනාවරුන් නිසා ඒ දේ සිදු නොවීමට ඔබතුමා දැන්ම තියා වගබලා ගත යුතුය.
මේ කරුණු ගැන ඉදිරියේදි අවධානය යොමු කරමු. මේ කරුණු ගැන ඉදිරියේදි කතා කරමු. මේ කරුණු ඉදිරියේදි ක්‍රියාත්මක කරමු.
ගරු ජනාධිපතිතුමනි,
අන්න එදිනට ” ගෝඨා පාස්” කියා ඉරාජ් වීරරත්නට නිශ්ශංක සේනාධිපතිගේ සාක්කුවෙන් සල්ලි ගෙවා කැම්පේන් කිරීමට අවශ්‍ය නොවනු ඇත.
එවැනි දවසක මුළු මහත් රටවැසියාම එක හඬින් නැඟී සිට මෙසේ කියනු ඇත.
” ගෝඨා පාස් “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...