පුරවැසි කොලම

මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, ……. සියලු ආගම් වල මූළික චින්තනය සහ විශ්වාසය එකය. එම සියලු ආගම් වල පදනම මැවුම්වාදයයි.

ලොව පුරාම මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි උදවිය සාම්ප්‍රදායයක් ලෙස මළසිරුරු භූමදානය කරයි. ලොව පුරා හින්දූන් සහ බෞද්ධයන් බොහෝ විට මළසිරුරු ආදාහනය කරයි. භූමදානය කරන අවස්ථා ද නැත්තේ නොවේ.
නමුත්, කොරෝනා වසංගතයෙන් මෙම සම්ප්‍රදායයන් සියල්ල නැවත ප්‍රශ්ණ කළ යුතු තැනකට අපව ඇද දමා ඇත.

ශ්‍රී ලංකාව තුල මෙම ගැටලුව උද්ගත වන්නේ කොරෝනා ආසාදිත සියලු මළසිරුරු ආදාහනයට කිරීමට “නියෝග” නිකුත් කිරීමත් සමගය.

එය කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ ප්‍රජාවන් නිහතමානීව පිළිගන්නා නමුත් මුස්ලිම් ප්‍රජාව තුලින් විරෝධයක් එල්ල වෙමින් පවතී. මෙම “නියෝගයට” යම්කිසි “විද්යාත්මක පදනමක්” ඇති බව කවුරුත් දන්නා නමුත් “විරෝධයට” හේතුවී තිබෙන්නේ “ආගමික සාම්ප්‍රදායයක්” පමණි.

තම දේශපාලනයේ ජන පදනම කුමන ක්‍රමයකින් හෝ වැඩි කර ගැනීමට දඟලන මුස්ලිම් දේශපාලුවන්ට මෙය හොඳම තුරුම්පුවක් වී තිබේ. මෙම නාටකයේ අලුත්ම තිර රචනය ලිවීම පටන්ගෙන තිබෙන්නේ ඡන්දයට පෙර “එකම රටක්, එකම නීතියක්” වෙනුවෙන් කැපවෙන බවටත් තමා කිසි විටෙකත් ජාතිවාදීව, ආගම්වාදීව කටයුතු නොකරන බවටත් ජනතාවට සපථ කළ අලි සබ්‍රී විසින් වීම විහිලුකාරී මෙන්ම ගැටලුකාරීය. කොටින්ම කියනවා නම් අලි සබ්‍රී විසින් තම තොප්පිය ඉතා සූක්ෂ්ම සහ ක්‍රමාණුකූල ලෙස භූමදානය පැත්තට හරවමින් සිටී.

එයට අමතරව, මුදළට කහිනා සමහර N.G.O. කාක්කන්ද මුස්ලිම් මළ සිරුරු භූමදානයට අවසර දිය යුතුයැයි කිඹුල් කඳුලු හෙලනා හැටි ද දැකිය හැකිය. ඔවුන් එදා සිටම කළේ තම තොප්පියට වැටෙන මුදළේ ප්‍රමාණයට සරිලන ලෙස කිඹුල් කඳුලු හෙලීම බව දැන් ප්‍රසිද්ධ රහසක් වී හමාරය.

කතෝලික, ක්‍රිස්තියානි අයත් සාම්ප්‍රදායිකව කරන්නේ මළ සිරුරු භූමදානය කිරීමය. නමුත් මේ අවස්ථාවේදී ඒ අය තත්වය තේරුම්ගෙන ඇති අතර; ආදාහනයට විරෝධයක් දක්වා වැළලෙන්න, මැරෙන්න හදන්නේ නැත.

නමුත් මුස්ළිම් අයගෙ තියෙන මේ ආගමික උන්මාදය මොකක්ද? “එකම රටක්, එකම නීතියක්” කියා ජනතාවට පොරොන්දු දී බළයට පැමිණි අයත්, මුස්ළිම් ඡන්ද මල්ලට ඇති කෑදර කමට, බයේ ඇඹරෙන හැටි දැක්කම දුකේ බැරිය.

ඡන්ද මලුවල ගැටලුව කුමක් වුවද, අපගේ ජල මූළාශ්‍ර වලට සහ භූගත ජලයට වයිරසය කාන්දු වුවහොත් ඇතිවන විනාශය නැවත හැරවිය නොහැක. එවිට වයිරසයෙන් මුස්ලිම් ජනතාව වුවද ආරක්ෂාකිරීමට “අල්ලාහ්” දෙවියන්ටද නොහැකි වනවා ඇත. මක්නිසාද යත්, එවිට “අල්ලාහ්” දෙවියන්ට ද අල්ලා ගත නොහැකි ලෙස පෙරහැර ගොස් හමාර වන නිසාය.

මෙම ගැටලුවට විසඳුම අපගේ පොලවට සුදුසු ආකාරයට විනා පිටරැටියන්ගේ අනුමාන, උපමාන අනුව ගැනීමෙන් අපට ඇති අවදානම කිසි ලෙසකින්වත් අඩු වන්නේ නැත.

මෙම ගැටලුව තවත් තොරොම්බල් කරමින් නොසිට ඡන්දයට පෙර රටට පොරොන්දු වූ අකාරයට මෙය “එකම නීතියක් ඇති එකම රටක්” බව ජනතාවට සහ ලෝකයටම පෙනෙන්නට සෘජු තීන්දුවක් එඩිතරව ගත යුතුය.

ජනතාව විසින් බළයට ගෙනා, ගෝඨා ඇතුලු රජය “ෆේල්” නොව “පාස්” බව ජනතාව තීරණය කරන්නේ එවිට පමණය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More