දේශීය පුවත්

අද මහජන මතය කාසියේ වාසියට යටවෙලා. ප්‍රාදේශීය සභාවල සභාපතිවරු තෝරන්න කාසියේ වාසිය බලන තත්ත්වයට පත්වෙලා. ජනතාවගේ කැමැත්ත අද සතේ කාසිය තරම් වත් ගණන් ගන්නේ නැති තත්ත්වයට බාල්දු වෙලා” හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවැසුවේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මහජන සේවා ආරම්භ කිරීමේ උත්සවයට ඊයේ එක්‌වෙමිනි.

එහිදී තවදුරටත් කතා කරමින් ඒ මහතා මෙසේ ද පැවැසීය.

තම ගෞරවය රැකෙන පරිදි හොඳ විනයකින් යුතුව මහජන සේවය කළ යුතුයි. සෑම ගමක්‌ම නියෝජනය වන මන්ත්‍රීවරයෙක්‌ ඉන්නවා. ඒ අය මහජන ප්‍රශ්න විසඳීමේදී ප්‍රදේශයේ රජයේ කාර්යාල සමඟ හොඳ සම්බන්ධයක්‌ තබා ගත යුතුයි. විශේෂයෙන් පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයන් නැති කාලයේ ප්‍රදේශයේ විවිධ ප්‍රශ්න ගොඩගැසී තිබෙනවා. ඒවා හඳුනාගෙන විසඳීමට එකාවන්ම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මගේ පියා දේශපාලනය ආරම්භ කළේත් මා මගේ දේශපාලන ගමන ආරම්භ කළේත් මේ බෙලිඅත්තේ නිසා බෙලිඅත්ත ඉතා හොඳින් සංවර්ධනය කිරීමට මේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ මන්ත්‍රීවරු කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නව සභාපති සිරිල් මුණසිංහ මහතා, මට දේශපාලන භේදයක්‌ නැහැ. අදින් පසු මට කවුරුත් එක හා සමානයි. ඉකුත් කාලයේ ප්‍රදේශයේ ගැටලු වැඩිවී තිබෙනවා. අපි ප්‍රාදේශීය සභා බලය අත්හරින විට බෙලිඅත්ත ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වුණේ නැහැ. අද එය වර්ධනය වී තිබෙනවා. නීති විරෝධී මත්පැන් වලින් බෙලිඅත්ත ප්‍රදේශය මුදා ගැනීමට පොලිසිය හා එක්‌ව එදා අපි කටයුතු කරමින් බෙලිඅත්තේ කසිප්පු නැති කළා. මේ ප්‍රාදේශීය සභාව විසින් ගනු ලබන තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක වීම තුළ එක්‌ එක්‌ අයට තනි කැමැත්තට වැඩ කිsරීමට ඉඩක්‌ නැහැ. රජය වෙනත් පක්‍ෂයක වුණත් ප්‍රාදේශීය සභාවෙන් කළ හැකි උපරිමය බෙලිඅත්තේ ජනතාවට අපි ලබා දෙනවා.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ප්‍රබෝජිත් ධර්මදේව, දයාරත්න ගුණවර්ධන යන අය ද කථා කළහ. බෙලිඅත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. බී. එච්. එම්. වික්‍රමසිංහ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සී. ජයසේකර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායක යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More