විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා වෙනම සේවයක් ස්ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසීය.
සම්මේලනය විසින් පසුගිය 2011 වසරේ ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ලැබීමෙන් පසු මේ වන විට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි කී සභාපතිවරයා එම යෝජනාව අනුමත කරන තත්ත්වයක් මුදල් අමාත්‍යාංශයෙන් පෙනෙන්නට නැතැයි ද කීවේය. දැනට පවතින වැටුප් ප්‍රමාණයන් අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් රඳවා ගැනීම දැඩි ගැටලුවක් වී ඇතැයි ද එම අවදානම වළක්වා ගැනීමට නම් වැටුප් වැඩිකිරීම අවශ්‍ය වන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ සෙසු සේවාවන්ගෙන් පරිබාහිරව විශේෂ සේවයක් ලෙස ස්ථාපිත නොකර ආචාර්යවරුන්ට වැටුප් වැඩි කළ නොහැකි හෙයින් එම විශේෂ සේවය පිහිටුවීම අත්‍යවශ්‍ය බවද සභාපතිවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...