(2020 නොවැම්බර් 13 දිනට යෙදුන රෝහණ විජේවීරයන්ගේ 31 වන සමරුව වෙනුවෙනි.)
‘‘අප මරා දැමුවද අප නැගූ හ`ඩ සදා නොමියෙනු ඇත’’ මෙම කියමන පළමු වරට රැුව්දෙන්නේ 1887 අවුරුද්දේ නොවැම්බර් 11 වන දාය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ වදක භූමියකිනි. පැය අටක වැඩ දිනයක් ඉල්ලා කළ ඓතිහාසික අරගලයෙන් අනතුරුව කම්කරු නායකයින් හතර දෙනෙක් මරණ දණ්ඩනයට යටත් කෙරෙන අතර, තම මරණය අභියස කම්කරු නායක ඔගස්ටස් ස්පයිස්ගේ මුවින් මෙම උදාන වාඛ්‍ය නිකුත්ව ලොව පුරා රැුවුපිළිරැුවු දීමට ගනී.
අපට, ශ‍්‍රී ලාංකිකයින්ට, අප මවුබිමේ මිනිසුන්ට එම අභීත වාඛ්‍ය පළමුවරට අසන්නට ලැබෙන්නේ කුප‍්‍රකට 71 මහ නඩුව අතරතුරයි. ඒ, එම නඩුවේදී තමා වෙනුවෙන් තමන්ම පෙනී සිටි එහි 13 වන විත්තිකරු වූ පටබැ`දිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීරයන්ගේ මුවින් නිකුත්වූවක් ලෙසය. නඩුව විමසෙන්නේ මහා බි‍්‍රතාන්‍යයේ මහ රැුජිනගේ ආන්ඩුව පෙරලීමට ගත් උත්සාහයක් සොයා බැලීම වෙනුවෙනි. නඩු විභාගය අවසන මහ රැුජිනගේ ආන්ඩුව පෙරලීමට තැත්කළ වරදට 13 වන විත්තිකරු, රෝහණ විජේවීරයන් ඇතුළු පස් දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරගෙදරට නියමකෙරින.
මෙම මස 13 වන දිනට රෝහණ සහෝදරයා අපෙන් උදුරාගෙන වසර 31 ක් සම්පූර්ණ විය. මෙම වසර තිස්එක පුරාම, නොවැම්බරය විශේෂ කොටගෙන ගෙවී යන සෑම නිමේශයකම ඔහු අප හදවත් තුළ ජීවත් වන බවත්, අනවරතව සැමරෙන බවත් මෙහිදී සිහිපත් කළ යුතුමය. දහනවවන සියවසේදී ඔගස්ටස් ස්පයිස්ගේ හ`ඩිනුත්, විසිිවන සියවසේදී රෝහණ විජේවීරයන්ගේ හ`ඩිනුත් රැුව්දුන් මෙම වාඛ්‍ය ඛන්ඩයේ තේරුම විනිවි`ද යාම හරහා රෝහණ විජේවීරයන් යනු කවුදැයි අද අපට කියවා ගත හැකිවනු ඇත.
‘‘අප නැගූ හ`ඩ ’’ ඒ කුමක් වෙනුවෙන් නැගූ හ`ඩක්ද ? කුමණ උවමනාවක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නැගූ හඩක්ද ? ඈත වහල් යුගයේ ස්පාටකස්ගේ පටන් ඉතිහාසය පුරා රැුව්දුන් ඒ හඩ කුමක් දිනාගැනීම වෙනුවෙන් නැගුන හඩක්ද ?
නිසැකවම ඒ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නැ`ගුණ හඩකි. මිනිසකුට මිනිස් වටිනාකම් සහිතව ජීවත් වීමට ඇති අයිතිය ඉල්ලා නැගුණ හ`ඩකි. රෝහණ විජේවීරයන්ගේ අවුරුදු 46 ක කෙටි ජීවිත කාලයම ගෙවී යන්නේ ඒ අරගලය වෙනුවෙනි.
1943 ජූලි මස 14 වන දින මාතර කෝට්ටෙගොඩ උපන් ඔහුගේ ළමා කාලය ගෙවෙනුයේ එවක කොමියුනිස්ට් පක්ෂයේ ක‍්‍රියාකාරිකයන්ගේ කතා බහට මැදිවෙමිනි. ඒ ඔහුගේ පියා දොන් අන්ද්‍රියෙස් විජේවීර කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රභල කි‍්‍රයාකාරිකයකු වීම හේතුවෙනි. පන්ති විෂමතාව, සූරාකෑම, අධිරාජ්‍යවාදය, නිදහස ආදී සංකල්ප වෙත ඔහුගේ මනස යොමුවන්නේ ඔහුගේ නව යොවුන්වියේදීමය. එකල අන්ද්‍රියස් විජේවීරගේ තරුණ පුත‍්‍රයා නන්දසිරි කොමියුනිස්ට් පක්ෂ වේදිකාවේ චතුර කථිකයකු විය. එමෙන්ම ඔහු දක්ෂතා දැක්වූ ශිෂ්‍යකුද විය.ඈත ගිරුවාපත්තුවේ හිත හො`ද මිනිහකු වූ අන්ද්‍රියස් විජේවීරයන්ගේ පුත‍්‍රයාට අවුරුදු දාහතේදී සෝවියට් දේශයේ ලූමුම්බා මිත‍්‍රත්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේද මෙම දක්ෂතා හා පැවති කොමියුනිස්ට් පක්ෂ සබදතා හේතුවෙනි. අ.පො.ස. සාමාන්‍ය පෙල විද්‍යා විෂය ධාරාවෙන් ඉහලින්ම සමත්වන රෝහණ විජේවීරයන් 1960 වසරේ ලූමුම්බා සරසවිය බලා යන්නේ වෛද්‍යවරයකු ලෙස නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තු ඇතිවය. ඔහුගේ සමකාලීන සරසවි මිතුරන් කරන ස`දහන් වලට අනුව මෙරටින් ශිෂ්‍යත්ව ලාභීන් ලෙස පිටත්වූ බොහෝ ශිෂ්‍යන් සෝවියට් දේශයේදී ලංකාවේ සමාජවාදය වෙනුවෙන් වැඩකරන බවට ප‍්‍රකාශ කළද විජේවීර ශිෂ්‍යයා පවසා තිබුනේ වෛද්‍ය වරයකු ලෙස පෙරලා ගොස් ලංකාවේ ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන්නේය යනුවෙන් බවයි.
හො`ද වෛද්‍ය වරයකුලෙස මවුබිමට පෙරලා පැමිණ දුගී දුප්පත් ජනතාවට සේවය කිරීමට වූ තරුණ විජේවීරයන්ගේ මනස ටිකෙන් ටික දේශපාලනය කෙරේම නැඹුරු වීමට සොවියට් දේශයේදී ඔහු ලබන අත්දැකීම් ගණනාවක් හේතු කාරණා වේ. ආධුනික ශිෂ්‍යයකු ලෙස ඔහු රුසියානු භාෂා අධ්‍යන පාඨමාලාව සාර්ථකව නිමකරන්නේ නියමිත කාලයට අඩු කාලයකිනි. මේ හේතුව නිසාම ඔහුට සොවියට් දේශයේ ග‍්‍රාමීයව සංචාරය කිරීමටත් එහිදී සමූහ ගොවිපලවල් වල ප‍්‍රායෝගික අත්දැකීම් ලැබීමටත් අවස්ථාව උදාවිය. සමුහ ගොවිපල අත්දැකීම් වෙත ඔහු අනුරාගිකව බැෙ`දන්න්නට ලංකාවේ එවක පැවති එක් සුවිශේෂ තත්ත්වයක්ද ඉවහල් වී තිබූ බව නියතය. ඒ වනවිට මෙරට අ`ද ගොවි ගැටළුව ගොවියන් පෙලූ මූලිකම ප‍්‍රශ්නයක් ලෙස පැවතිණිි. ගිරුවා පත්තුවේ කෘෂි පරිසරයකින් සෝවියට් දේශය බලා ගිය විජේවීරයන්ට සමූහගොවිපල තුළ සෝවියට් ගොවියා අත්පත් කරගනිමින් සිටින ජයග‍්‍රහණ ආස්චර්යයක් වීම අරුමයක් නොවේ. එමෙන්ම ඔහුගේ සමකාලීන විදෙස් මිතුරන් වූයේ ලොව සතර අත අධිරාජ්‍ය විරෝධී කටයුතුවල නියැලි තරුණ පිරිස්ය. ගුරුවරුන්ගෙන් සමහරක් ලෙනින්ගේ සමකාලීනයෝ වූහ. ඔහුගේ රුසියන් භාෂා දැනුමත් සමග රුසියානු විප්ලවයේ සටහන් එම බසින්ම කියවීමේ අවස්ථාවද ඔහු උදාකරගෙන තිබිණි.
මේ සියල්ලට අමතරව තවත් සුපැහැදිලි කරුණක් වීය.ඒ ඔහු කිසිවිටකත් මවුබිමේ පෙකනිවැල සි`දගෙන නොතිබීමයි. ඔහු අනවරතව ලංකාවේ දේශපාලනය පිළිබ`ද අවදියෙන් සිටි සිසුවකු වීය. දේශපාලන මිතුරන්, හිතවතුන් අතින් ලද ලියුම් ඇසුරින් ඔහු මවුබිමේ සමකාලීන තත්ත්වය අඛන්ඩව කියවමින් සිටියේය.මෙම යුගයේ ලෝක දේශපාලනයේ ප‍්‍රධාන බල අරගලයට අමතරව තවත් අතුරු බල අරගලයක් මතුවෙමින් තිබිණ. ඒ සමාජවාදී ක`දවුර තුළම වූ චීන සෝවියට් මතබේදයයි. න්‍යායික සංවාද තුළ වන අරගලයක් වූ මෙහිදී විජේවීරයන්ගේ නැඹුරුව ගමන්කරමින් තිබුනේ චීනයට බර වෙමිනි. ඔහුගේ අත්දැකීම් හා කියවීම් තුළ ඔහු පසක්කරගනිමින් සිටියේ කොමියුනිස්ට් උවමනාවන් අරබයා වඩා නිවැරදි වන්නේ චීන පිලිවෙත් බවයි.
සිය දේශපාලන ජීවිතයේ රෝහණ විජේවීරයන්ගේ ප‍්‍රතිපත්ති ගරුක සෘජු පළමු මැදිහත්වීම අපට ප‍්‍රදර්ශනය වන්නේද මෙම චීන සෝවියට් මතබේදය තුළමය. සෝවියට් දේශයේ ශිෂ්‍යත්වයක් මත සෝවියට් දේශය තුළම ජීවත්වෙමින් විජේවීරයන් සෝවියට් ස්ථාවරයට එරෙහි තම අදහස් නිර්භයව ඉදිරිපත් කරන්නට, ලියන්නට ගනී. එහිදී තමනට සෝවියට් දේශයෙන් නොමිලේ ලැබෙන වෛද්‍ය අධ්‍යාපනය ඔහු කිසි විටකත් තම දේශපාලන ස්ථාවරයට භාධාවක් කර නොගනී. මේ වනවිට ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් කොටසක් කැඞී ගොස් ‘‘චීන පිල’’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් මෙරට ආරම්භ කර තිබූ අතර රෝහණ විජේවීරයන්ද සොවියට් දේශයේ සිටිමින්ම මෙම චීන පිලේ දේශපාලන කටයුතු වලට සහයෝගය දක්වන්නට විය.නමුත් එහි ප‍්‍රතිඵලය වූයේ කෙටි නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට පැමිණි විජේවීරයන්ට යළි අධ්‍යාපන කටයුතු ස`දහා සොවියට් දේශයට යාමට වීසා නොලැබීමයි. නැවත වීසා ස`දහා ඉල්ලීම් කළද තානාපති කාර්යාලයේ ප‍්‍රතිචාර වූයේ වීසා ලබාදීමටනම් දේශපාලන ස්ථාවරය වෙනස් කර ‘‘සෝවියට් පිල’’ නිවැරදි බවට පිළිගත යුතු බවයි.
මෙතැනදී තම දේශපාලන නිවැරදි භාවය වෙනුවෙන් වෛද්‍ය උපාධිය අතහරින විජේවීරයන් ලංකාවේ නතරවී චීන පිලේ පූර්ණකාලීනව දේශපාලනය කිරීම තෝරා ගනී. චීන පිලේ ක‍්‍රියාකාරිකයකු ලෙස කලක් කටයුතු කරනු ලබන විජේවීරයන් 1965 වසරේදී නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගීමට නායකත්වය දෙයි. එතැන් සිට 1989 නොවැම්බර් 13 වන දින සිදුවන ඔහුගේ නීතිවිරෝධී ඝාතනය දක්වා ඔහු අවුරුදු විසි හතරක් ජනතා විමුක්ති පෙරමුණට නායකත්වයත් මගපෙන්වීමත් ලබා දෙයි.
මෙම වසර විසි හතරක කාලය තුළ ඔහු එක් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර තම පක්ෂය අතුරු මැතිවරනයකට, මහා මැතිවරනයකට, සංවර්ධන සභා මැතිවරණයට, ජනමත විචාරණයකට මෙහෙයවනු ලබයි. එමෙන්ම පක්ෂය සන්නද්ධ නැගිටීම් දෙකකට හා දැවැන්ත මර්ධනයන් දෙකකට මුහුන දෙන විට ඊට නොසැලෙන නායකත්වයක් ලබා දෙයි.1965 වසරේ එදා වයසින් අවුරුදු විසි දෙකක තරුණයෙක් වූ පටබැ`දිගේ දොන් නන්දසිරි විිිජේවීර හෙවත් රෝහණ විජේවීරයන් නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විිමුක්ති පෙරමුණ බිහි කිරීමේදී මෙවන් අත්දැකීම් සමුදායකට තමන්ට අනාගතයේදී මුහුන දීමට සිදුවන බව, තමන් ඉදිරියේ පවතින්නේ අතිශය බරපතල වගකීමක් බව දැන නොසිටියේද ?ඒ විසි දෙහැවිරිදි තරුණයා සැබවින්ම තම වගකීම සරල නොවන බවත්, එහි එක් තැනක කුමන හෝ මොහොතක තම අකල් මරණය පවා සිදුවිය හැකි බව මැණවින් දැන සිටියේය. ඒ බවට ඔහුගේ මරණ මොහොතේ ඔහු අසල සිටියවුන් සාක්ෂි දෙනු ඇත. ‘‘මම මේක ඕනෑම මොහොතක බලාපොරොත්තුවෙන් සිටියා’’ යනුවෙන් මරණය ඉදිරියේ ඔහු ප‍්‍රකාශ කළ බව සුප‍්‍රසිද්ධ රහසකි.
ඔහුගේ ඝාතනයෙන් අවුරුදු තිස් එකකට පසුව අපට අද වැදගත් වනුයේ මෙම විසි දෙහැවිරිදි තරුණයා එදා මේ බිමට නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේදී ඔහුගේ අභිලාෂයන්, තම ව්‍යාපාරය මේ බිමතුළ පැලකර, මේ බිමට ජයග‍්‍රහනයන් ලබා දීමේ ඔහුගේ උපායමාර්ගය, උපක‍්‍රම මොනවාද යන්න සොයා බැලීමයි. ශ‍්‍රී ලාංකීය පොදු ජනතාවට සමාන අයිතිවාසිකම් හා සමාන අවස්ථා ඔහුගේ දේශපාලනයේ පළමු තේරීම විය. ඒ ස`දහා මෙරට සංවර්ධනයේ මාවත තුළ ගෙනයාම ඔහුගේ අවශ්‍යතාව විය. ඒ වෙනුවෙන් භාධාකරන සමාජ ආර්ථික සංස්කෘතික සියලූ පවුරු පදනම් ජයග‍්‍රහණය කිරීම ඔහුගේ කි‍්‍රයාමාර්ගය විය. පෙරද මෙම සටහනේ සලකුණු කල පරිදි 1971 මහ නඩුවේ ඔහුට එල්ලවූ චෝදනාව වූයේ මහ රැුජිනගේ ආන්ඩුව පෙරලීමට සටන් කිරීමයි. ඒ හරහාම ඔප්පුවන්නේ ඔහු කියූ පරිදිම 1948 මෙරට ලද නිදහස නාමික නිදහසක් බවයි. එසේනම් අධිරාජ්‍යවාදයට, එය ක‍්‍රියාත්මක වන වර්ථමාන ස්වරූපය වන නව යටත්විජිත වාදයට එරෙහි වීම ඔහුගේ දේශපාලනය වීම අහම්බයක් නොවේ. ප‍්‍රථමව රටට සැබෑ නිදහස දිනාගය යුතුව ඇත.ඔහු ඉතා දැඩි මාක්ස් ලෙනින් වාදියකු වූවද ඔහුගේ දේශපාලනය වූයේ සම්භාව්‍ය මාක්ස්වාදය නොවේ. ඒ වනවිට ඇකඩමි තුළ සූත‍්‍රගතකර මහාචාර්ය වරුන් ලබාදුන් මාක්ස්වාදය වෙනුවට ඔහු ප‍්‍රායෝගික හා දාර්ශනික මාක්ස්වාදියකු වීය.
ඔහුගේ නීති කටයුතු වලට කලක් මැදිහත් වූ වෘත්තිය සමිති ව්‍යාපාරයේ දැවැන්ත නායකයකු වූ අභාවප‍්‍රාප්ත බාලා තම්පෝ සහෝදරයා එක් වරෙක ලියුම්කරු සමග කළ සාකච්ඡුාවකදී පැවසුවේ ‘‘විජේවීර ඉතින් කතා කෙරුවෙ නිර්ධන පන්තිය කියල එකක් ගැනනෙ. අපි කතාකරන්නෙ කම්කරු පන්තිය ගැන, කම්කරු පන්තිය තමයි සංවිධානය කරන්න ඕනෙ’’ යනුවෙනි.මෙම හැදින්විම තුළම විජේවීරයන් පිළිබ`ද දේශපාලනික ඇත්තක් අඩංගුව තිබේ. විජේවීරයන් යනු මෙරට පීඩිත පන්තිය පළිබ`ද නිවැරදිම කියවීම සහිත දේශපාලන නායකයකු වීය. එවක සම්ප‍්‍රධායික වාමාංශය යුරෝපයේ මෙන් කාර්මික නිර්ධන පන්තියක් ප‍්‍රාර්ථනා කරමින් සිටින විට ඔහු අ`ද ගොවියන් ඇතුලූ ග‍්‍රාමීය පීඩිතයන් සොයා යන්නට විය. නාගරික කම්කරු පන්තිය අතර වැඩ කිරීමෙන් නොනැවතී හේ ගම් දනව් සිසාරමින් සැබෑ පීඩිතයන් හට පීඩාවේ හරයන් ස්පර්ශ කිරීමට අධ්‍යාපනය ලබා දීමට යුහුසුළු වීය. මෙරට මිනිසාගේ සංස්කෘතික ජීවිතය ගැන මනා වැටහීමක් ඔහු තුළ වීය. යුරෝපයේ අධ්‍යාපනය ලැබූ රෝහණ විජේවීරයන්ට මෙරට ගැමියාට ලංවීමට යුරෝපයේ ගතකල ජීවිතය කිසිවිටෙක භාධාවක් නොවීට. ගැමියන්ට ඔහු ඔවුන්ගේම සහෝදර ගැමියකු විය. නාගරිකයින්ට ඔහු භාෂා කිහිපයක් නිපුන, දියුණු තියුණු බුද්ධිමතකු වීය.
සැබවින්ම ඔහු ලෝකයේ තතු හො`දින් පිරිසි`ද සිටියද මුල් සි`ද නොගත් බුද්ධිමතකු වීය. ඔහු ජනතාව සංවිධාන කිරීමේදී සංස්කෘතිය තුළ වන ශඛ්‍යතාවන් හො`දින් හදුනාගෙන සිටියේය. වාමාංශික අරගලය තුළට දේශපේ‍්‍රමී අරගලය ඔහු මුසු කරන්නේ මෙම දැක්ම අනුව යමිනි. 1970 අගෝස්තු 26 වනදා කොළඹ හයිඞ්පාක්හිදී පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ පළමු ප‍්‍රසිද්ධ රැුලියේ වේදිකාවේ වූ මාක්ස් ලෙනින් එංගල්ස් ඡුායාරූප අතරට වීර මොනරවිල කැප්පෙටිපොලගේ රූපයක්ද එක් වන්නේ මෙම දැක්ම නිසාවෙනි.ඔහු 1977 බිහිවූ බටහිර ගැති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ දේශපාලනය සමස්තයක් ලෙස ‘‘යැංකි ඩිකී’’ ලෙස වචන දෙකකට හකුලන්නේ ඒ දැක්ම නිසාවෙනි. එක්සත් රාජධානියේ තැචර්, එක්සත් ජනපදයේ රේගන් ප‍්‍රමුඛ නඩය එවක නායකත්වය දෙමින් ක‍්‍රියාත්මක කරමින් සිටි නව ලිබරල්වාදී ආර්ථික මොඩලය ඉස් මුදුනින්ගෙන මෙරට ස්ථාපිත කිරීමට සියලූ වැර වෑයම් යොදමින් සිටි ජේ.ආර්. ජයවර්ධන හැදින්වීමට ඊටත් වඩා ගැලපෙන පර්යාය පදයක් නොමැති බව සහතිකය.
එසේ වූ ජේ. ආර්. 1987 දී අන්ශක එකසිය අසූවක් ආපිට කැරකී ඉන්දු ලංකා ගිවිසුමට සිය අත්සන තැබීය. මේ වනවිට ඉන්දියාව සිටියේ සෝවියට් දේශයට හිතවත් දේශපාලනයක බව අප අමතක කළ යුතු නැත. රෝහණ විජේවීරයන්ට සිය දේශපාලනයේදී වන්දනීය ක`දවුරු නොවීය. එම මොහොතට අදාල රටට සතුරු දේශපාලනය කුමක්ද යන්න හො`දින් හදුනා ගැනීමට හා ඊට ප‍්‍රතිපක්ෂව දේශපාලන සටන්බිම මෙහෙයවීමට අවශ්‍ය දැක්මත්, සෘජු භාවයත් ඔහු සතු විය. 1960 ගණන් වලදීම ඉන්දීය ව්‍යාප්තවාදය පිළිබද අදහස ඔහු කර්කාණුකූලව ගෙන එන්නේත්, 1987 ඉන්දු ලංකා ගිවිසුමටත් එහා බැදුන දේශපාලනයත් නිවැරදිව කියවා ගන්නේත් ඒ අනුව යමිනි.ඔහුගේ සමස්ත දේශපාලන ජීවිතය යනු අධිරාජ්‍යවාදයේ උපාය උපක‍්‍රම නිවැරදිව කියවා ගත් ඒ ඒ අවධිවල ඔවුනගේ උපාය උපක‍්‍රමයන්ට ප‍්‍රතිපක්ෂව සිය දේශපාලනය මෙහෙයවූවා වූත් නිර්මාණශීලී දේශපාලන භාවිතයකි.ඔහු තවමත් අප කිසිවෙක් පරිපූර්ණව කියවාගෙන නැති මේ බිම බිහිකල දාර්ශණිකම දේශපාලඥයාය.
ජයන්ත සමරවීර
ගුදම් පහසුකම්, බහාලූම් අංගන පහසුකම්, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...