පුරවැසි කොලම

අමීර්:- ශ්‍රිනිවාසන් මහත්තයා මට හිතා ගන්නත් බෑ ඔබතුමා සත්තුන්ව වැඩට යොදා ගන්නව කිව්වම?
ශ්‍රිනිවාසන්:- ඇත්තටම සත්තුන්ට තරම් හොඳට මේ ක්‍රියාවන් වෙන කාටවත් කරන්න බෑ, ඒක නිසා සත්තුන්ව යොදා ගන්නවා..
අමීර්:– ඒ කොහොමද?
ශ්‍රි නිවාසන්:- දැන් බලන්න අපිට එළදෙන්නුන්ගෙන් කිරි ගන්න පුළුවන්, හැබැයි පැටව් හතර පස් දෙනෙක් ලැබුනට පස්සෙ අපි එළදෙනගෙන් කිරි ගන්න බෑ. එහෙම උනාම ගොවියො හිතනව දැන් මේ වැස්සිගෙන් වැඩක් නෑ කියලා. ඒ වගෙ කසල ගැනත් මිනිස්සු එහෙම හිතනව. “සෘණ” සහ “සෘණ” ගුණ උනාම “ධන” වෙනව. ඉතිං අපිට මේ දෙක එකතු කරන්න වෙනව… ඒක නිසා සෑම පැය 4කට පාරක්ම එළවළු මාර්කට් එකෙන් ඉවත දාන එළවළූ අපි එකතු කරන් එනව. හැම දේකටම නියමිත වෙලාවක් තියෙනව අන්න ඒ වෙලාව අපි හරියටම ප්‍රයෝජනයට ගත්තා නම් කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ. අන්න ඒක නිසා අපි අපේ ක්‍රියාවලියට ගවයන් එකතු කර ගන්නව. අපි එකතු කරන් ආපු ඉවතලන එළවලු කාලා ගොම ලබා දීම තමයි ගවයන්ගෙ ජොබ් එක. ඊට පස්සෙ ගවයන් නිදහසෙ පාඩුවෙ විශ්‍රාම සුවයෙන් ඉන්නව.
හරියටම පැය අටකින් අර සියළුම එළවලු කොටස් ගොම බවට පත් වෙලා. ඒ ගොමවල වැඩිපුර තියෙන්නෙ මීතෙන් වයුව නිපදවිය හැකි මූළ ද්‍රව්‍යය. මේ ගොම අපි ක්ෂණයෙන් “බයෝ ඩයජස්ටර්” එකකට දානව. එතනින් මීතෙන් වායුව අරගෙන ඉතිරි වෙන කොටස ඉක්මනින්ම ගැඩවිල්ලන්ගෙ අහාර බවට පත් කරනව. ගැඩිවිල්ලන් කෑමෙන් පස්සෙ පිට කරන අපද්‍රව්‍යය වලට කියනව “වර්මිකාස්ට්” කියලා. කෙත් වතුවලට මේ තරම් වැදගත් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නෑ, හරියට රත්තරං වගෙ. මේ ක්‍රියාවළිය කෘතිමව කරන්න ගියානං (බැක්ටීරියාවන් මගින්) දවස් 45ක් ගත වෙනව.
දැං හිතන්න සඳුදා උදේ 6ට එළවළු මාකට් එකේ වීසි කරන එළවළු කොටස් 9 වෙද්දි ගෙනැල්ලා 10.30 වෙද්දි අපි හරක්ට කන්න දානව. හවස 6 වෙද්දි අපිට හරක් එකතු වෙලා ගොම දෙනව. ඒවා “බයෝ ඩයජස්ට” එකෙන් මීතෙන් වායු අරගෙන ඉතිරිය ගැඩිවිල්ලන්ට කන්න දානව. තුනවෙනි දවසෙ උදේ වෙද්දි පැය 72කට කලින් ගෙඩිවිල්ලා අපිට “වර්මිකාස්ට්” ලබා දෙනව. කිසිම යන්ත්‍රයක ආධාරයක් නැතුව මේ ක්‍රියාව සම්පුර්ණ වෙනව, විදුළියවත් නැතිව.
ඔයාගෙ මොබයිල් එක බලන්න චාර්ජ් නොකරා නම් වැඩකට නැති දෙයක් විතරයි. හැබැයි හරක් මොනව කෑවත් ශක්තියක් නිපදවලා අපිට දෙනව. අපිට චාර්ජ් කරන්න උවමනාවකුත් නෑ.
අමීර්:- එතකොට අනිත් සත්තු කොහොමද පාවිච්චි කරන්නෙ, කුකුල්ලු එහෙම.
ශ්‍රිනිවාසන් :- හරක්ගෙන් ඉවත් වෙලා ආපු අවසන කොටස කොම්පෝස්ට් විදියට පැත්තකට කරනව. අන්න ඒ කොම්පෝස්ට් වල හැදෙනව පණුවෝ…ඒ පණුවො කන්න කුකුල්ලු හරිම කැමතියි…. පණුවො හොය හොය කන කුකුල්ලු ඊළඟ දවසෙ උදේට අපිට ඉතාම හොඳ බිත්තර ලබා දෙනව. පණුවො දැකලා අහක බලා ගත්ත අයම අර බිත්තරවලින් රසට හදං ඔම්ලට් කනව…
අමීර් :– ලෝකේ කොහෙවත් මෙහෙම තාක්ෂණයක් මැෂිමක් නැතුව ඇති.
ශ්‍රිනිවාසන්:- ලෝකේ කිසිම මැෂිමක් නෑ පණුවෙක් කාලා බිත්තරයක් දෙන්න පුළුවන්. කුකුල්ලුන්ගෙ පොඩි පොඩි කරදර නම් නැතුවම නොවෙයි. ඒත් සත්තු ස්ට්‍රයික් නෑ, හරතාල් නෑ, පඩි ඉල්ලන්නෑ ඉතිං හරිම වාසියි.
අමීර් :- මට කියනවද මේ තාරාවො මොකද කරන්නෙ කියලා.
ශ්‍රිනිවාසන් :- තාරාවො වැඩිපුරම කැමති මාළු කන්න, මාළු මාකට් එකෙන් ඉවත් කරන මාළු කොටස් බැහැර කිරිම සම්බන්ධව ලොකු ප්‍රශ්ණයක් තියෙනව. ඒක රජයට පවා හිස රදයක් වෙලා. හැබැයි මේ තාරාවන්ට ඒ මාළු කොටස් කියන් මගුළ් ගෙදරක ගියා වගෙ තමයි. ඒවා කාලා ඊළඟ දවසෙ උදේට බිත්තර දෙනව. තාරාවො සාමාන්‍ය විදියට හිටියොත් මාසෙකටම දෙන්නෙ බිත්තර 8ක් 10ක් හැබැයි මාළු අපද්‍රව්‍ය සහ වෙනත් මාංශ කොටස් දෙනකොට මාසෙට බිත්තර 24ක් විතර දෙනව මේ තාරාවො. අපි තාරාවියො 11ට එක තාරාවෙක් බැගින් තියලා තියෙනව.
අමීර්:- ඇයි 11ට එකක් විතරක්
ශ්‍රිනිවාසන්:- අපේ උවමනාව බිත්තර ගැනිමනේ එක පිරිමි සතෙක් හිටියම ඇති.
****
ඉන්දියාවේ හැකියාවන් ඇති මිනිස්සු සොයාගෙන යන්නෙ එහෙමයි. රූපවාහිණිය ඒ අයට ඉඩ හදලා දෙනවා….. ඒත් අපේ රටේ මාධ්‍ය?
(මෙය උපුටාගැනීමකි.මෙහි මුල් හිමිකරුට ස්තූතියි)

සුමනා විජේරත්නගේ මුහුණු පොතෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More