දේශීය පුවත්

වත්මන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමට නියමිත මැයි 8 වැනිදා යහපාලන ආණ්‌ඩුවට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතරයක්‌ අනිවාර්යෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා බව හිටපු ඇමැති එස්‌. බී. දිසානානයක මහතා පැවැසීය.

එදිනට පසුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ පිරිස පහකට හෝ හයකට සීමා වනු ඇතැයිද පැවසූ හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපි මැයි අට වැනිදා සතුටින් විපක්‍ෂයේ අසුන් ගන්නවා. අපිට පැහැදිලි දේශපාලන ගමනක්‌ තිබෙනවා. කවදාවත් යූඑන්පියට ගියේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට භාරදුන්නට පසුවයි අපි එතැනට ගියේ. මම එදා චන්ද්‍රිකා ජනාධිපතිතුමිය සමඟ තරහවෙලා යූඑන්පියට ගිය එකට තවමත් දුක්‌වෙනවා.

අපිට තව දේශපාලනය කරන්න වැඩි කාලයක්‌ නැහැ. දේශපාලනයෙන් විශ්‍රාම ගන්න කාලය ඇවිල්ලා. අපිට දේශපාලන ගමනක්‌ තියෙන්න ඕනෑ. ඒ නිසා හරි තැනට යන්න ඕනෑ. මැයි අටවැනිදා ශ්‍රීලනිපයේ 16 දෙනාට අමතරව බොහෝ පිරිසක්‌ විපක්‍ෂයේ අසුන් ගනීවි. එතකොට මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් පහ හෝ හයකට සීමා වෙයි. ඒත් නිදහස පක්‍ෂයේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්වරු එම ධුරයෙන් ඉවත් කරන්න අපි හිතන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමා කළ යුතු වැඩක්‌.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More