ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහභාගි වන ලෙසට කැඳවීමක් කළහොත් ඊට තමා අනිවාර්යයෙන්ම සහභාගි වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන මා මධ්‍යම කාරක සභාවට පත්කර ඇත්තේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවෙන් බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී. ල.නි.ප. මන්ත්‍රීවරු 16 දෙනා විපක්ෂයට එන බව ප්‍රකාශ කර තිබෙන බවත්, විපක්ෂයට ආවොත් ඔවුන් ආදරයෙන් පිළිගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...