දේශීය පුවත්

ශ්‍රි ලංකාවට පැමිණි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පුමුඛ විශේෂ පාර්ලිමේන්තු ධුත පිරිස කථානායක කරු ජයසුරිය මහතා සහ ශ්‍රී ලංකා ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරු සමඟ නිල හමුවීම අද දින (2018.04.19) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉරාන කථානායකවරයා ප්‍රමුඛ ධුත පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම අසලදී උනුසුම් ලෙස කථානායක කරු ජයසුරිය මහතා විසින් පිලිගැනුනු අතර,මෙම විශේෂ රාජ්‍යත්‍රන්ත්‍රික ධූත පිරිස වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිනි.

ඉරාන කාථානායකවරයා සහ ශ්‍රී ලංකා කථානායකවරයා අතර විශේෂ ද්විපාර්ෂවික සාකච්ඡාවක් ද පැවති අතර, මෙහිදී දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිමේ හැකියාව , ඉරානය හා ශ්‍රි ලංකාව අතර බහුලව සිදුවන තේ,පොහොර පෙට්‍රොලියම් ආදී වෙළද කටයුතු, ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ඉරාන ශ්‍රි ලංකා අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරිම ආදිය පිළිබඳව ද අවධානය යොමු විය.

එලඹෙන මැයි මාසයේ සිදුවිමට නියමිත ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉරාන සංචාරයේදී එම කරුණු පිළිබඳව තීරණයන්ට එලඹීම සඳහා වැදගත් ප්‍රවේශයක් මෙම සාකච්ඡාව තුලින් ඇති කරගන්නට හැකි වූ බව දෙපාර්ශවයේම අදහස විය.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන තේ ගැණුම්කරුවෙකු ලෙස තේ මිලදී ගැනීමේදී පවත්වන ලබන විශ්වාසනීය සබඳතා අගය කල කථානායක කරු ජයසුරිය මහතා එහිදී තවදුරටත් ශ්‍රී ලංකාවට විශේෂ පහසුකම් සැපඉමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට ඉරාන ආයෝජකයන් දක්වන උනන්දුව පිළිබඳව ඉරාන කථානායකවරයා සඳහන් කල අතර, ඒ පිළිබඳව අදාල අමාත්‍යාංශයන්හි අවධානය යොමු කරවන බවද ශ්‍රී ලංකා කථානායකවරයා පවසීය.

මෙම අවස්ථාවට කථානායක කරු ජයසුරිය මහතාට අමතරව ශ්‍රී ලංකා ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නියෝජනය කරමින් ඒ.එච්.එම්.ෆවුසි, රංජිත් අළුවිහාරේ, සන්දිත් සමරසිංහ, ෆයිසාල් කාසීම් යන මැති ඇමතිවරුන්ද එක් වූහ.

ඉරාන කථානායක අලි ලරිජානි මහතාගේ නායකත්වයෙන් යුත් ඉරාන ධුත පිරිසට ඉස්ලාමිය ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් වන. මොහොමඩ් අසුආරී මාසනි, මොහොමඩ් එම් ශානිසින්,නසාර් අප්සාලි,සෙයිලාජේලොඩාසෙඩි, මොහොමඩ් ජේප්රි. යන අය ඇතුළු ඉරානයේ ඉහලපෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිහු පිරිසක් ද එක් වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More