දේශීය පුවත්

පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බව ප්‍රකාශ වුවද මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නොමැති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන බවට කාවිනද ජයවර්ධන, නලින් බණ්ඩාර, තුෂාර ඉදුනිල් අමරසේන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු කණ්ඩායමක් තමන්ට පොරොන්දු වූ බවත් එම පිරිස එම පොරොන්දුව ඉටුකරනවාද නැත්නම් මරාගෙන මැරෙනවාද කියා බලාගෙන සිටින බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයත් සමග පක්ෂයේ ජනතාව අතරට ගෙනයාම සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පත්කර තිබෙන දහදෙනාගේ කණ්ඩායමට තමා බාරදුන් බවත් එම වාර්තාවට වඩා යහපත් වාර්තාවක් තිබෙනවානම් එය ක්‍රියාත්මක කළාට තමාට ගැටළුවක් නොමැති බවද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සදහන් කරයි.

නමුත් දසදෙනාගේ මතය නොව පාක්ෂිකයාගේ ඉල්ලීම අනුව ප්‍රතිසංවිධාන කටයුතු සිදුවියයුතු බවත් එම කමිටුවේ කාර්යභාරය දෙන දෙයක් කා වෙනදෙයක් බලාගැනීම නොවන බවත් පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අප්‍රේල් 30 වැනිදා වන විට තමාට පොරොන්දු වූ පරිදි එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බවත් නොඑසේනම් මෙම ප්‍රතිසංවිධානය වෙනුවෙන් දැඩිව පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයේ 50 කට ආසන්න පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිස අනිවාරයෙන්ම දැඩි තීන්දුවක් ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More