දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය යළි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීමට අදාළ යෝජනා දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණයවී තිබෙන බව වාර්තා වේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා මේ ගැන දීර්ඝ වශයෙන් සාක්ච්ඡා වී තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ශක්තිමත්ව ගෙනයාමටනම් මෙම යෝජනා දෙක ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ මතයවී ඇත.

මේ ගැන සාකච්ඡා කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද නියමිත බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉවත්කර ඒ වෙනුවට සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කිරීමට අදාළ යෝජනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීලඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කාන්තා බෞද්ධ සංගම් ඇතුළු සියලු සංගම්ද ප්‍රතිසංවිධානය කොට පක්ෂ ජයග්‍රාහි මාවතකට ගෙන ඒමට අදාළ යෝජනා කිහිපයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More