මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20 වැනිදා) රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අවස්‌ථා තුනකදීම වරෙන්තු නිකුත් කෙරිණි.
එසේ වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳ කරුණු දක්‌වමින් මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය මගින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදනය නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවෝ දැනට අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
බැඳුම්කර නඩු විභාගය ආරම්භ වීමටත් පෙර ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන කාලයේ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරට සිට සිංගප්පූරුවට ගියේ ය.
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව මෙසේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ඔහු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...