ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය යටතේ යහපාලන ආණ්ඩුව පැවති සමයේ ශ්‍රී ලංකාව ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඵක්‍ක් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අර ඇදීමෙන් පැහැදිලි වේ. එකී පසුබිම තුළ ඇමරිකාව මෙරට අභ්‍යන්තර දේශපාලන සන්දර්භයට අනිසි ලෙස අතපෙවීම් කිරීමට කටයුතු කළ ආකාරය කා හටත් මනාව පසක් කර ගත හැකිය. මෙරට යහපාලන රජයට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ ඇමරිකන් විරෝධී, චීනයට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එකල ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සිදුකළ කාල පරිච්ෙඡ්දයකි.
ඇමරිකානු දේශපාලන සන්දර්භය තුළ සිදුවන චලනයන්, බල තුලනය, ගෝලීය වශයෙන් සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කරයි. දේශපාලනික, ආර්ථීක, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් එම බලපෑම් විවිධ වේ. එම බලපෑම් හුදෙක්ම එරට බලයට පත්වන පාලකයන්ගේ ප්‍රතිපත්ති අනුව වෙනස් වේ. සමස්තයක් වශයෙන් ගත් කල එදා මෙදා තුර මෙරට අභ්‍යන්තර දේශපාලනික කටයුතුවලට ඇමරිකානු දේශපාලනික බල අධිකාරියේ අතපෙවීම් විටින් විට සිදු විය. ශ්‍රී ලංකාව සමඟ චීනය පවත්වන දේශපාලනික, ආර්ථීක සහ සංස්කෘතික සම්බන්ධතා සඳහා ඇති බලපෑම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. අතීතයේ සිට අද දක්වාම භූ දේශපාලනික වශයෙන්, කලාපීය වශයෙන් විවිධ සන්දර්භයන් තුළ ශ්‍රී ලාංකේය අභ්‍යන්තර දේශපාලනයට අත පෙවීම් සිදු කරන අවස්ථා බොහෝය. ඉකුත් නොවැම්බර් මස 03 වැනි දින පැවති ඇමරිකාවේ 59 වැනි ජනාධිපතිවරණයෙන් ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් මෙතෙක් ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ පරිදි අතිවිශාල ඡුන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් ලෝක බලවතා බවට පත් විය. 2009 – 2017 ඔහු බැරැුක් ඔබාමාගේ උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. මෙම ලිපියෙන් අප සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන්නේ ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන සන්දර්භයට කෙලෙස බලපාන්නේද යන්න විමසා බැලීමටයි.
ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ ආසියානු කලාපීය රටවල් සමඟ දේශපාලනික, ආර්ථීක, ආරක්ෂක සහ සංස්කෘතික වශයෙන් සමීප සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව සඳහන් කොට ඇත. එමෙන්ම චීනය සමඟ ඇති බල තරගයේදී ඉතා උපක්රමශීලීව කටයුතු කරමින් චීනයෙන් එල්ල වන අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දීමට තම රජය කටයුතු කරන බව ද ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ සඳහන් වේ. එමෙන්ම චීනය විසින් හොංකොං සහ තායිවානයට ඇති කරන අර්බුදයන් විස\ ගැනීමටත්, සාමකාමීව එ් සඳහා මැදිහත් වීමටත්, එහි පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇමරිකාව පෙනී සිටින බවත් එම ප්රතිපත්තිවල සඳහන් වෙයි. ඇමරිකාව සහ චීනය අතර ඇති එදිරිවාදිකම් ගෝලීය ස්ථාවරත්වය බිඳ වැටීම අවදානමට ලක් නොකිරීම, ජපානය, දකුණු කොරියාව, ඕස්ටේ්රලියාව, තායිලන්තය ඇතුළු රාජ්‍යයන් සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනඟා ගැනීම, උතුරු කොරියාව සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගනිමින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල, එහි යුදමය තර්ජන සීමා කිරීමට කටයුතු කිරීම, උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නැවැත්වීමට පාලන තන්ත්රයට බලපෑම් කිරීම, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය වැනි කලාපීය බහු පාර්ශ්වික ආයතන සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගනිමින් පැසිෆික් සාගර කලාපය තුළ ආර්ථික වර්ධනය සඳහා කටයුතු කිරීම, ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදය හිමි, විශාල විවිධත්වයක් ඇති රටක් සහ වැඩෙන ආසියා – පැසිෆික් බලවතකු වන ඉන්දියාව සමඟ ඇමරිකාව පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දිගටම පවත්වාගෙන යෑම ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන වශයෙන් අවධාරණය කොට ඇති කරුණු කාරණා වෙයි. එමෙන්ම ඉදිරි වසර හතරක පමණ කාලය තුළදී ඇමරිකාවේ ඩිමොක්රටික් පාක්ෂික බලවතුන් යටතේ ලෝක දේශපාලනය තුළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගනිමින් ගෝලීය අර්බුදයන් වන ත්‍රස්තවාදය පරාජය කිරීම, දේශගුණික විපර්යාස අවම කිරීම, සෞඛ්‍ය තර්ජන, ආහාර අර්බුද යන අර්බුදයන් සඳහා තිරසාර විසඳුම් ලබා දීමට අවශ්‍ය සම්මුතීන් සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සූදානම් බව ජෝ බයිඩන්ගේ ප්රතිපත්තිවල සඳහන් වේ. ජෝ බයිඩන්ගේ විදේශ ප්රතිපත්තිවල සඳහන් වන ඉහත කරුණු අධ්‍යනයේදී ඔහුගේ ප්‍රතිපත්ති සමස්ත ලෝක දේශපාලනයම වෙනස් මඟකට යොමු වීමට ඉඩ ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.
ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට කෙලෙස බලපායිද?
ගෝලීය වශයෙන් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ සිදුවීම් සමස්ත ලෝකයටම මෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලනික, ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය චලනයට බඳුන් කිරීමට ද සමත් විය. යටත්විජිතවාදය, ලෝක ආර්ථික අවපාතය, පළමු සහ දෙවන ලෝක යුද්ධය, සීතල යුද සමය යන අතීත සිදුවීම් මෙන්ම වර්තමානයේ අප මුහුණදෙන ගෝලීය කොරෝනා වසංගතය, ආර්ථික බිඳ වැටීම්, ජනවාර්ගික අර්බුද, ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලංකාව ප්‍රධාන මර්මස්ථානයක් බවට පත් වීම (2019 සහරාන්ගේ ප්‍රහාරය) යන ගෝලීය තත්ත්වයන් ශ්‍රී ලංකාවට බලපාන අයුරින්ම ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ලෝක ඉතිහාසයටම බලපාන තීරණාත්මක ජයග්‍රහණයකි. ඇතැම් දේශපාලන විචාරකයන් සඳහන් කරනුයේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය මහජන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ මහජන විප්ලවයක් හෙවත් මහජන නැඟිටීමක් බවයි. එ් අනුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සැබෑ අරගලයක ප්රතිඵලයකි.
ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය යටතේ යහපාලන ආණ්ඩුව පැවති සමයේ ශ්‍රී ලංකාව ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අර ඇදීමෙන් පැහැදිලි වේ. එකී පසුබිම තුළ ඇමරිකාව මෙරට අභ්‍යන්තර දේශපාලන සන්දර්භයට අනිසි ලෙස අතපෙවීම් කිරීමට කටයුතු කළ ආකාරය කා හටත් මනාව පසක් කර ගත හැකිය. මෙරට යහපාලන රජයට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ ඇමරිකන් විරෝධී, චීනයට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එකල ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සිදුකළ කාල පරිච්ෙඡ්දයකි. පශ්චාත් යුද සමය තුළ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව විටින් විට ශ්‍රී ලංකා රජයට චෝදනා කළේය. ඉතිහාසය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ පාලකයන් හා රජයන් යටතේ ශ්‍රී ලංකාවට අනිසි බලපෑම් එල්ල වී ඇති පසුබිමක ඇතැම් දේශපාලන විචාරකයන් පවසනු ලබන්නේ ජෝ බයිඩන්ගේ නව විදේශ ප්‍රතිපත්තිය තුළ වත්මන් ශ්‍රී ලාංකේය රජයට ප්‍රබල බලපෑම් එල්ල විය හැකි බවයි. දේශපාලන විචාරකයන් පෙන්වා දෙනු ලබන ආකාරයට ඊට ප්‍රධානතම හේතුව වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සමස්ත රාජපක්ෂවරු රිපබ්ලිකන් පක්ෂයට ගැති පිරිසක් වීමයි.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට කෙලෙස බලපාන්නේද යන්න විමසීමේදී ජෝ බයිඩන්ගේ ක්‍රියාකලාපය පමණක් නොව ඔහුගේ උප ජනාධිපතිවරිය වන කමලා හැරිස් සහ ඇයගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෝහිණී ලක්ෂ්මී කොසොග්ලූ යන අයගේ ක්‍රියාකලාපය තුළ ගනු ලබන තීරණ ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බව අපට අනුමාන කළ හැකිය. කමලා හැරිස් යනු ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපතිවරියයි. ඇය ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක් වෙයි. කමලා හැරිස්ගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාවට කෙලෙස බලපෑම් කරාවිද? මේ පිළිබඳව විමසීමේදී වැදගත් වන්නේ ඇයගේ ඉන්දීය සම්භවයයි. කමලා හැරිස්ගේ මව ඉන්දියාවේ උපන් හින්දු භක්තික කාන්තාවකි. කමලා යනු ඉන්දීය සහ ජැමෙයිකානු සම්භවයක් සහිත 55 හැවිරිදි නීතීඥවරියකි. පුද්ගල සාධකයක් වශයෙන් ගතහොත් ඇයගේ ඉන්දීය හින්දු සම්භවය, රෝහිණී ලක්ෂ්මීගේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ සම්භවය හේතු කොටගෙන සිංහල – දමිළ ජනවාර්ගික අර්බුදය පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය අභියෝගයට ලක් කිරීමටත්, චෝදනා එල්ල කිරීමටත් ඉඩ ඇත. ඇමරිකාව මෙන්ම ඉන්දියාවද දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ සිංහල – දමිළ ජනවාර්ගික අර්බුදයේදී දෙමළ ඩයස්පෝරාව සමඟ කටයුතු කරමින් එල්. ටී. ටී. ඊ. සංවිධානයට, කොටි හිතවාදීන් සමඟ එක්ව ශ්‍රී ලංකාව යුද්ධයේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා කළේය.
මෙහිදී අප අවධානයට බඳුන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ රෝහිණී ලක්ෂ්මී කොසොග්ලූ යනු 1983 දී ශ්‍රී ලංකාවේ ජාතිවාදී කෝලාහල ඇති වීම නිසා මෙරට හැර ගිය ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව ඇමරිකාවේ උපත ලැබූ තරුණ නීතිවේදිනියකි. මෙකී පසුබිම තුළ ජෝ බයිඩන් ජනාධිපතිවරයා පමණක් නොව ඔහුගේ පක්ෂය නියෝජනය කරන ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ ක්‍රියාකලාපය ද ඉදිරියේදී තීරණාත්මක අයුරින් ශ්‍රී ලාංකේය දේශපාලන සන්දර්භයට අනිසි අයුරින් බලපෑ හැකි බවට අනුමාන කළ හැකිය. විශේෂයෙන්ම උප ජනාධිපතිවරිය වන කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෝහිණී ලක්ෂ්මී ඇයගේ දෙමව්පියන් මෙරට අතහැර යෑමට හේතු සාධක වූ අතීත සිදුවීම් ඔස්සේ ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීමට හැකියාවක් පවතින අතර ඇතැම්විට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට රෝහිණී ලක්ෂ්මීගේ සහයෝගය ලැබීමට ඉඩ ප්‍රස්ථාව තිබේ.
ජෝ බයිඩන්ගේ විදේශ කටයුතු අමාත්‍යවරිය වශයෙන් බොහෝ දුරට සමන්තා පවර් තෝරා පත් කර ගැනීමට ඉඩ ඇත. ඇය 2003 – 2017 යන වසර 14 කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කළ අතර එම කාල පරිච්ෙඡ්දය තුළ ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමයේදී ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය හමුදාව මානව හිමිකම් කඩ කොට ඇති බව සඳහන් කරමින් අන්තර්ජාතික වශයෙන් මෙරටට විශාල බලපෑමක් කිරීමට කටයුතු කළාය. ශ්‍රී ලාංකේය (එවකට සිටි) රජය සහ හමුදාව යුද ගැටුම්වලදී, යුද්ධය ජයග්‍රහණය කරන ලද්දේ යුද නීති උල්ලංඝනය කරමින්, මානව අයිතිවාසිකම් කඩකරමින් බවට අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම් මත ඇය මෙරට හමුදාව යුද අපරාධ සිදු කළ බවට චෝදනා කළාය. විශේෂයෙන්ම ජෝ බයිඩන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රබල තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට ඇතැම් විචාරකයන් පෙන්වා දෙයි.
මෙම පසුබිම තුළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරට නීතියේ ආධිපත්‍යය, ප්රජාතන්ත්රවාදය තර්ජනයකට ලක් වී ඇති අතර අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරය වැනි හේතු සාධක නිසා ජෝ බයිඩන්ගේ පාලන ප්‍රතිපත්ති මෙරට රජයට අවාසි සහගත ලෙස බලපෑ හැකිය. චීන ඉන්දියා, චීන ඇමරිකා අරගලය නිසා ලංකාව සහ චීනය අතර ඇති විදේශීය සබඳතාවට ද ඇමරිකාවේ නව ප්‍රතිපත්ති බලපෑම් එල්ල කිරීමට ඉඩ තිබේ. එමෙන්ම ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තියේ අන්තර්ගත ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී එ් තුළ ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල වීමට ඇති හැකියාව අවම වන බවත්, නමුත් ඇමරිකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා වෙනස් වෙමින් අන්තර්ජාතික සම්මුතීන් සහ සංවිධාන ශක්තිමත් වෙමින් නව සබඳතා ගොඩනැඟිය හැකි බවට ඇතැමුන් සිය අදහස් දක්වයිx
එමෙන්ම ඇමරිකානු – චීන අර්බුදයේදීද ඇමරිකාව සහ නැඟීඑන ආසියානු බලවතා වන ඉන්දියාව අතර ඇති විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ ඇති වැදගත්කම නිසා ඇමරිකාව ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය යොමු කිරීමට ඉඩ ඇත. එමනිසා අනාගතයේදී දේශපාලනික සහ මිලිටරි සාධකයක් වශයෙන් ඇමරිකානු බලවතාට සිය ආසියානු විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාව වැදගත් විය හැකිය. තවත් දෘෂ්ටියකින් මේ පිළිබඳව විමසීමේදී රාජපක්ෂවරුන් ඇමරිකානු පුරවැසියන් වීම යන සාධකය තුළ සහ රෝහිණී ලක්ෂ්මීගේ ශ්‍රී ලාංකික සම්භවය හේතුවෙන් ශ්‍රී ලංකාවට හිතකර විදේශ ප්‍රතිපත්තියක් ඇමරිකාව විසින් අනුගමනය කරන්නට ද ඉඩ තිබේ. මෙම පුද්ගල සාධක පදනම් කර ගනිමින් ඇතැම් දේශපාලන විද්වතුන් සඳහන් කරනු ලබනුයේ ජෝ බයිඩන්ගේ පාලන කාලය තුළ අයහපත් ආකාරයෙන් ශ්‍රී ලංකාවට එතරම් බලපෑමක් සිදු නොවන බවයි.
ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් එල්ල වූයේ නැත. ජෝ බයිඩන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සිටින රෝහිණී ලක්ෂ්මී වැනි උදවිය ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ඉඩ ඇති බැවින් ඇමරිකානු නව රජය සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව දිගු කාලීන සැලැස්මකට එළඹීම ඉතාම වැදගත්ය. මෙහිදී අපට අනුමාන කළ හැකි තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති මිත්‍ර සබඳතාවට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය තුළ කුමන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරයිද යන්නය. එමෙන්ම ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සිටින ඩිමොක්රටික් පක්ෂ හිතවාදීන්ට, දේශපාලනඥයන්ට සිය කටයුතුවල නියැලීමේදී වාසි සහගත වීමට ඉඩ ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය, විදේශ සබඳතා පවත්වන ආකාරය තුළ ද ඇමරිකාවෙන් ඇති වන බලපෑම කෙබඳු එකක් ද යන්න තීරණය වේ. ඩිමොක්රටික් පාක්ෂිකයන් යනු දැඩි ලෙස ප්රජාතන්ත්රවාදය අගයන පාර්ශ්වයක් බැවින් මෙරට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඔවුන්ගේ ආකල්පය අනුව ද මෙරටට ඇති වන බලපෑම අවිනිශ්චිතය.
ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය ඉතා බලපෑම් සහගත ආකාරයෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ජගත් දේශපාලනික ඉතිහාසයම වෙනතකට යොමු කරනු ඇත. එමෙන්ම මෙතෙක් කාලයක් ඇමරිකාව, චීනය, රුසියාව, මැද පෙරදිග, ඉන්දියාව, උතුරු සහ දකුණු කොරියාව යන ලෝක බලවතුන් අතර පැවති බල තරගය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙමින් ගෝලීය වශයෙන් ඉස්මතු වන යහපත් සහ අයහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකේය දේශපාලන, සමාජ, ආර්ථික සන්දර්භයට වාසි සහ අවාසි සහගත අයුරින් බලපෑ හැකිය.
හර්ෂණී එරන්දිකා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...