ජී. එස්. පී. සහනය ලැබීම නිසා මත්ස්‍ය අපනයනයේදී සියයට පහළොවක බදු සහනයක් ලැබී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමගින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමටත් අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමටත් හැකි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ඉකුත් වසරේ විදේශයන්ට මසුන් මෙටි්‍රක් ටොන් 18262 ක් අපනයනය කර ඇති අතර එමගින් රටට ලැබුණු ආදායම රුපියල් මිලියන 28,685 කි. ඒ අතරින් යුරෝපා හවුලට අයත් රටවලට මසුන් මෙටි්‍රක් ටොන් 4012 ක් අපනයනය කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
දැනට මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට විසිහතක් පමණ මිලදී ගනු ලබන්නේ ඇමරිකාව වන අතර ඉදිරියේදී ජීඑස්‌පී සහනය ලැබීම නිසා අනිකුත් රටවලට වැඩි මසුන් ප්‍රමාණයක් විකිණීමට හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...