කුලී ත්‍රිරෝද රථ සඳහා ගෙන ආ නව නීතිය මීටර් සමාගම් පොහොසත් කර බලධාරීන්ට කොමිස් මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් මිස මගී ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ගෙන ආ වැඩපිළිවෙළක් නොවන බව සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්. ජී. දිසානායක මහතා පැවසීය.
එහෙයින් මෙම නීතියට තම සංගමය දැඩි විරෝධතාව දක්‌වන බවත්, එම නීතිය පිළිපැදීමට කිසිසේත් සූදානම් නැති බවත් හෙතෙම පැවසීය.
මගීන්ගේ සුබසිද්ධිය ගැන සිතන්නේනම් බලධාරීන්ට මීට වඩා කළ යුතු දැ බොහෝ තිබෙන බවත් කොමිස් අපේක්‍ෂාවෙන් නීති සකසද්දී ඔවුන්ට මගී ජනතාව හෝ කුලී රියෑදුරන්ව නොපෙනෙන බවත් දිසානායක මහතා කියා සිටියේය.
මගියාට බිල්පතක් නිකුත් කළ හැකිවන ආකාරයෙන් ත්‍රිරෝද රථ සඳහා මීටරයක් සවිකිරීම ඊයේ (20 වැනිදා) සිට අනිවාර්ය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...