ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට තර්ජනයක් එල්ල කරමින් පැතිර යමින් පවතින ගින්න යම්කිසි පුද්ගලයකු විසින් සිතාමතා සිදුකරන ලද ගිනි තැබීමක් විය හැකිදැයි පොලිසිය සැක පළකරයි.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගින්නෙන් හෙක්‌ටයාර් 2500 ක් පමණ කලාපයක් මේවනවිට විනාශ වී ඇත.
ගින්නෙන් ඇතිවිය හැකි ජීවිත හානි පිළිබඳ ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා ඇතත්, ගිනි නිවන භටයන් පවසන්නේ ගින්න සාර්ථකව මැඩ පවත්වා ඇති බවය.
“මෙම ගින්න ඉතා සැක සහිතයි” නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගිනි නිවන හමුදාව ප්‍රකාශ කර ඇත.
“යම් කිසි පුද්ගලයකු විසින් සිතා මතා මේ ගිනි තැබීම සිදුකර ඇත්නම්, ඔහු අපේ ගිනි නිවන භටයින් වගේම ප්‍රදේශවාසීන් බරපතල අනතුරකට හෙළා තිබෙනවා” ගිනි නිවන හමුදාවේ කොමසාරිස් ෂේන් µsට්‌ස්‌සිමොන්ස් පවසයි.
ගින්න පැතිරෙමින් ඇති ප්‍රදේශවල පුද්ගලයන් සිය නිවෙස්‌වලින් ඉවත් කොට ආරක්‍ෂක ස්‌ථාන කරා යොමුකර ඇති අතර, තවත් පිරිසකට ඔවුන්ගේ නිවෙස් වලින් බැහැර වීම අනාරක්‍ෂිත බවට අනතුරු අඟවා ඇත.
පසුගිය කාලය තුළ ඕස්‌ටේ්‍රලියාවේ ගිනිකොන ප්‍රදේශයෙන් ඉතා උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වුණ අතර දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරීම වේගවත් වී ඇත.
නමුත් මේ වන විට දැඩි සුළං තත්ත්වය පහව ගොස් ඇති හෙයින් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු පහසුවී ඇතැයි අදාල නිලධාරීහු පැවැසූහ.
“මිනිසුන්ගේ ගෙවල් පිටුපසට වෙන තෙක් ගින්න පැතිරී තිබුණත්, කිසිම නිවාසයක් විනාශ වුණේ නැහැ. අවදානම් තත්ත්වය පාලනය කර තිබුණත් ප්‍රදේශවාසීන්ට තවදුරටත් අවදානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. අද දින ඇතුළත අපට තව බොහෝ වැඩකටයුතු ඉටුකිරීමට තිබෙනවා” යෑයි µsට්‌ස්‌සිමොන්ස් පැවැසීය.
ගින්න මැඩපැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉස ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...