1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම මඟින් අපට රටත්, රාජ්‍යයත්, රජුත් අහිමි විය. මේ රටේ පුරවැසියන් අනාදිමත් කාලයක පටන් තමන්ගේ ඇහැට කනට දකින්න අහන්න පුළුවන් වූ රජකෙනෙකුට මෙන්ම පාලකයෙකුට ගරු කරනු ලැබූවා සේම ඔහු තමන්ගේම ලේ නෑයෙකු වූත්, තමන්ගේම මිනිහෙක් වූත්, නිසා තමන්ගේ දුක්ගැනවිලි රජුට කියන්න පුළුවන් කියන විශ්වාසය මෙරට ස්වදේශිකයන්ට තිබූ ගැඹුරුතම විශ්වාසයයි. එහෙත් මේ ගිවිසුම මඟින් මෙරට මිනිසුන්ගේ රජතුමාත්, පාලකයාත් වූයේ කරදිය වළල්ලෙන් ගව් ගාණක් එහා තමන් කිසිදාක නොදුටු තමන්ගේ භාෂාවෙන් කතා නොකරන අපේකම ගෑවිලාවත් නොතිබුණු සියයට දහස් වාරයක් වෙනස් වූ මහා බි‍්‍රතාන්‍යයේ III වන ජෝර්ජ් රජ්ජුරුවන්ය. මෙකී හේතු ඇතුළු තවත් බරපතළ හේතු ගණනාවක් නිසාමත් මෙරට උඩරට නිලමේවරුන්ට මෙන්ම ස්වදේශික ජනතාවට ඉංග‍්‍රීසි පාලකයන් පිළිබඳව වූ විශ්වාසයත්, ඔවුන් සිදුකරනු ලබන මෙරට මේ තාක් පැවතුණ සමාජමය, ආර්ථිකමය, දේශපාලනිකමය, ආගමික, සංස්කෘතිකමය විනාශයන් නිසාමත් බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යයට එරෙහිව නැගී සිටිමින් තම උපන් බිම ඉංග‍්‍රීසි ජාතිකයන්ගෙන් මුදා ගැනීම වෙනුවෙන් වූ සමාජ පෙළගැස්මක් මහා සංඝරත්නය ඇතුළු උඩරට නිලමේවරුන්ගේද බිම් මට්ටමින්ද ප‍්‍රාදේශීය නායකයන්ගේද සිත්තුළ ජනිත විය.
මේ අතරතුර ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග්ගේ නායකත්වයෙන් මුළු රටම පාලනය වීමත් සමඟ කන්ද උඩරට එවකට තිබූ රාජ්‍ය පාලන ක‍්‍රමයට නිලධාරීන් හා දිසාපතිවරුන් පත් කිරීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදය පසෙකලා බි‍්‍රතාන්‍ය පාලකයන්ට අවශ්‍ය ආකාරයේ සියලූ පත් කිරීම් සිදු කරනු ලැබූ අතර උඩරට නේවාසික පාලක නියෝජිතයා වූයේ ජෝන් ඩොයිලිය. ඔහුගේ වුවමනා එපාකම් මත ඔවුන්ට අවශ්‍ය නිලධාරීන් පත් කිරීම් කටයුතුවලට සෘජු මැදිහත්වීමක් ජෝන් ඩොයිලි විසින් සිදු කරන ලද අතර 1817 දී ඌව වෙල්ලස්ස ප‍්‍රදේශයේ බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ සෘජු නිලධාරියෙක් ලෙස හජ්ජි මුහන්දිරම් යන අයද පත්කිරීමත් සමඟ යටත්ව තිබූ අධිරාජ්‍යවාදී ජනතා විරෝධය එළිපත්තට පැමිණ ඔහුව ඝාතනය කරමින් ඇරඹි නිදහස් අරගලය බදුල්ලේ ඒජන්ත වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් ඇතුළු පිරිස් 1817 ඔක්තෝබර් 16 වන දින ඊතණවත්තේදී බූටෑවේ රටේ රාළ නායකත්වය දුන් කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේ ගෙදර මොහොට්ටාල, කුඩා බදුලූගමේ රටේරාල යන අයවලූන්ගෙන් සමන්විත 600ක් පමණ සිංහල සටන්කාමීන් විසින් ඝාතනය කිරීමත් සමඟ ඌව වෙල්ලස්ස නම් වූ විමුක්ති සටන ජයග‍්‍රාහී ලීලාවෙන් ආරම්භ විය. ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් විමුක්ති අරගලයේ පළමු හී සර ඌව වෙල්ලස්සේ ඇරඹුණු අතර එය නිකුත් කළ පළමු රණවිරුවා වූයේ මිගපාපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේලාගේ රටේ රාළය. එම හී පහරින් මරා දැමුණු බදුල්ල දිසාපති විල්පන්ගේ සිරුර ඊතණවත්ත දේවාලය අසල එල්ලා තබන ලද බව සැලයි.
හජ්ජි මුහන්දිරම්, සිල්වෙස්ටර් ඩග්ලස්, තෝල්ක මුදලි යන අය ඌව වෙල්ලස්සේදී මරා දැමීමත් සමඟ අධිරාජ්‍ය්‍යට එරෙහිව ඇති වූ කැරැල්ල මැඬපවත්වා කැරළිකරුවන් (ඔවුන්ගේ අර්ථයෙන් මෙය කැරැල්ලක් හා කැරලිකරුවන් ලෙස හැඳින්වුවද මෙය නිදහස් විමුක්ති අරගලයක් මෙන්ම විමුක්තිකාමීන් ලෙස හැඳින්විය යුතුමය.) අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග‍්‍රීසි හමුදා අනුකණ්ඩ පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගත්තේය. මුල් අදියරේම 1818 ඔක්තෝබර් 18 දින 19 වෙනි රෙජිමේන්තුවේ ලෙක්ටිනන්ට් ටේලර් සෙබළුන් 25 දෙනකු සමඟ බින්තැන්නටද 1818 ඔක්තෝබර් 21 ලෙෆ්ටිනන්ට් ෆෙප‍්‍රසර් ඇතුළු සෙබළුන් 64 දෙනෙකුන් වෙල්ලස්සටද කපිතාන් ජෝර්ජ් යටතේ මඩකලපුවේ සිට වෙල්ලස්සටද ඔක්තෝබර් 25 දින මේජර් මැක්ඩොනල්ඞ් වෙල්ලස්සටද, කපිතාන් රිජ් යටතේද සේනා යැවුණු අතර, මේ අතර ඇති වූ සටනින් පසුව මේජර් මැක්ඩොනල්ඞ් විසින් කිවුලේ ගෙදර මොහොට්ටාලගේ නිවස ගිනිබත් කරන ලදි. නොවැම්බර් 03 කර්නල් කෙලී යටතේ ඉංග‍්‍රීසි සෙබළුන් 600ක් ද දේශීය සෙබළු 1200 ක් ද සමඟ බදුල්ලට පිටත් කර යැවීමට ආණ්ඩුකාර නියෝග නිකුත් කරයි. එසේ වුවද ඔවුන් හඳුන්වන පරිදි කිසිදු කැරලිකාර නායකයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවා සේ ම නිදහස් සටනද ඌව වෙල්ලස්ස ගම් බිම් පුරා ව්‍යාප්ත වෙමින් පැවතිණ.
මේ අතරතුර වෙල්ලස්සට පැමිණ ඉංග‍්‍රීසි හමුදාවන්ට උලක ගසන ලද විල්සන් ඒජන්තගේ තෝල්ක මුදලිගේ සිරුර හමුවූ අතර ඒ අසල රෙදි කැබැල්ලක ලියන ලද නිවේදනයක්ද විය. එහි ‘‘මින් මතුවට රාජ්‍යයේ රජු වීර වික‍්‍රම ශ‍්‍රී කීර්ති මහවාසල නම් වන අතර, මාගේ නියමයෙන් හැම සුදු මිනිහෙක්ම මරණ ලෙස වැසියන්ට නියම කරමි‘‘ …. මෙම මහජන ප‍්‍රකාශය දැකීමත් සමඟ කැරලිකරුවන්ගේ කැරැල්ලේ තත්ත්වය වඩාත් භයානක බව ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග්ට දන්වා යවන ලදි. මේ අතර මේජර් මැක්ඩොනල්ඞ් විසින් විමුක්තිකාමීන් හා ජනතාව බිය වැද්දීම සඳහා නිවෙස් ගිනි තබමින් කෙත්වතු ගිනි තබමින් සියලූ දේපළ පැහැර ගනිමින්, ස්ත‍්‍රී දූෂණය කරමින් සැහැසි මර්දන ක‍්‍රියාමාර්ගයකට යොමු විය.
ඌව වෙල්ලස්ස ජනතාවම ඉංග‍්‍රීසින්ට එරෙහිව සටනට එකතු විය. මේ අතර මෙම ඉංග‍්‍රීසින්ට විරුද්ධව සටන මැඬ පැවැත්වීමේ ප‍්‍රධාන වගකීම රොබට් බ‍්‍රවුන්රිග් විසින් එවකට දිසාපති වූ මොණරවිල කැප්පෙටිපොලට පැවරූ අතර ඉංග‍්‍රීසි යුද සෙබළුන් සමඟ ඌව වෙල්ලස්සට 1817 නොවැම්බර් මසදී පැමිණීමෙන් අනතුරුව ඌව වෙල්ලස්ස නිදහස් අරගලයටත්, නායකත්වය ගෙන කටයුතු කළ විමුක්තිකාමීන්ටත් නව ජවයක් ලැබිණ. මොණරවිල කැප්පෙටිපොලගේ නායකත්වයෙන් ඌව වෙල්ලස්සේ නිදහස් අරගලය මර්දනය කිරීමට ඉංග‍්‍රීසි සේනාව පැමිණියේ රණබෙර වයමින් රණබෙර මැද්දේය. මේ අතරතුර සිදු වූ අපූර්වතම සිදුවීමක් වූයේ රණබෙර වැයූ රණබෙර කණ්ඩායම සිය රණබෙර වාදනය කරනු ලැබුවේ ඉතාමත්ම ශෝකාකූල ලෙසිනි. හරියට මළබෙර වයනවා වැනිය. මේ පිළිබඳව කුකුසක් හා කලකිරුණු සිත් ඇතිව කැප්පෙටිපොල විසින් රණබෙර කණ්ඩායමේ නායකයාගෙන් ‘‘උඹලා මොකක්ද අද මේ රණබෙර වාදනය හරිම ශෝකාකූල අයුරින් වාදනය කරන්නේ‘‘ යැයි විමසීය. එවිට රණබෙරකරු අයුරු උත්තරයක් දුන්නේත් සංවේග සිතිනි.
‘‘හාමුදුරුවනේ, අපේ පරම්පරාව හැමදාම රණබෙර ගැහුවේ මගේ මව්බිමේ සතුරන් පරාජය කරලන්නට යන වීරෝදාර පෙරමුණු සටන් වලදියි. මගේ පින්බිම විදෙස් සතුරන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් කළ සටන් වලදී. ඒත් අද මමත් මගේ ගෝලයනුත් රණබෙර වයන්නේ මගේ ජාතියත් මගේ ආගමත් මගේ මාතෘභූමියත් පර සුද්දන්ගෙන් බේරාගන්නට සටන් වදින මගේම ජාතියේ මිනිසුන්ට එරෙහිවයි. එය මා කෙසේ මහා උස් හඬින් සන්තෝෂ ලීලාවෙන් වයම් ද ? රණබෙර වෙනුවට මළබෙර ගැසිය යුතු මොහොතක් මේ හාමුදුරුවනේ..‘‘ මෙය කැප්පෙටිපොලගේ මනස ව්‍යාකූල කරවන ලද ප‍්‍රබල සිද්ධියක් වූවාටද කිසිදු සැකයක් නැත. ඌව වෙල්ලස්සට පැමිණි මොණරවිල කැප්පෙටිපොල තම සටන් පෙරමුණු අතරමඟ කඳවුරු ලා තමන් තනිවම ආරක්ෂාවට කිසිදු අවි ආයුධයක් නොමැතිව අලූපොත කඳවුරු ලා සිටින සිංහල විමුක්තිකාමීන්ගේ දිශාවට ගමන් කළ බවත්, ඒ අනුව කැප්පෙටිපොල හා සිංහල සටන් පෙරමුණු නායකයන් සමඟ සාකච්ඡාවකින් අනතුරුව කැප්පෙටිපොල ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය වෙනුවෙන් සිය නොමසුරු දායකත්වයත් නායකත්වයත් දීමේ අදිටනින් පසුව ඉංග‍්‍රීසීන් සතු තුවක්කු ඇතුළු යුද්ධෝපකරණත්, සමඟ පැමිණි ඉංග‍්‍රීසී සෙබළුන්ද ආපසු පිටත් කර හැරියේ ඉංග‍්‍රීසී නායකත්වය වෙතින් තමන් තම මව්බිම පරසුද්දන්ගෙන් බේරා ගැනීමේ ඌව වෙල්ලස්ස සටනට එකතු වූ බවද සතුටින් දන්වා යවමිනි. මෙම කැප්පෙටිපොලගේ එකතුව ඌව වෙල්ලස්ස නිදහස් සටනට නව ජීවයක් සේම මව්බිමේ නිදහස පිළිබඳව වූ ජයග‍්‍රහණයක් විය. ඉංග‍්‍රීසීන්ට එරෙහිව සටන මුළු උඩරට රාජධානිය පුරාම පැතිරෙන්නට විය. ඒ අනුව මෙතෙක් ඌව වෙල්ලස්සට පමණක් සීමා වූ නිදහස් සටන දුම්බර, හේවා හැට, සත් කෝරලය, හාරිස්පත්තුව, මාතලේ, වලපනේ, නුවර කලාවිය හා සබරගමුව දක්වා පැතිර ගියේය. මේ අතරතුර සිංහල නායකයෙකු වූ සබරගමුව දිසාවේ මොල්ලිගොඩ අදිකාරම් මෙන්ම එක්නැලිගොඩද ඉංග‍්‍රීසීන් සමඟ එකතු වී ඌව වෙල්ලස්ස විමුක්ති සටන මර්දනය කිරීමට කටයුතු සැලැස්වීය. මේ අතරතුර 1818 පෙබරවාරි මස 21 වෙනි දින මුළු ඌව වෙල්ලස්සම විනාශ කිරීම වෙනුවෙන් ‘‘බිම් පාළු නීතිය‘‘ ප‍්‍රකාශයට පත් කරමින් පස් වැදෑරුම් මර්දන ක‍්‍රමවේදයක් දියත් කළේය. එහිදී,
1. ඵල දරන සියලූ ගස් කපා දැමීම.
2. වයස අවුරුදු 18ට වැඩි පිරිමි මරා දැමීම.
3. කෙත්වතු ගිනි තැබීම හා සියලූ නිවෙස් ගිනි තැබීම.
4. වැව් හා වාරිමාර්ග සියල්ල විනාශ කිරීම.
5. ගව මහීෂාදී සතුන්ද මරා අවශ්‍ය ප‍්‍රමාණය ආහාරයට ගැනීම.
1818 පළමු නිදහස් අරගලයට නායකත්වය දුන් උඩරට රදළයන් අතර සුවිශේෂීම විරුවාණන් වූයේ 18 වන සියවසේ මුල භාගයේ බත්වඩන නිලමේ, දියවඩන නිලමේ, මාතලේ හා පන්කෝරලයේ දිසාවේ තනතුරු හෙබවූ රාජපක්ෂ වික‍්‍රමසේකර සතර කෝරලයේ කැප්පෙටිපොල සිට පැමිණ මාතලේ උඩුගොඩ මොණරවිල වාස භූමිය කරගත් නිසාවෙනි. මොණරවිල යන නාමය කැප්පෙටිපොල පරපුරට එකතුවෙන අතර, මොහු මොණරවිල කැප්පෙටිපොලගේ මුත්තාය. ඔහුගේ මුණුපුරා වූ මොණරවිල කැප්පෙටිපොල උඩරට ගිවිසුමට අත්සන් කළද බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ මෙරට මුදවා ගැනීම සඳහා වූ පළමු නිදහස් අරගලයට නායකත්වය දෙනු ලබන්නේ ‘‘ අඳුරේ තියෙන මව්බිම ආලෝකවත් කිරීමේ අදිටනින්‘‘ ය.
කැප්පෙටිපොල අරගලයට එකතුවීම නිසාවෙන් ඔහුට අයත්ව තිබූ දේපළ රාජසන්තක කර ඔහු අල්ලා දෙන්නන්ට තාරකා පගෝදි 2000 ක් දෙන බවටද ප‍්‍රකාශයට පත් කරනු ලබනවා. ඔහුගේ වීරත්වය හා ඔහු දුන් නායකත්වය හමාර වන්නේ 1818 ඔක්තෝබර් 28 ලූතිනන් ඔනීල් ඇතුළු පිරිස ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. නොවැම්බර් 13 මහනුවර අණ දෙන නිලධාරී කෙලීගේ සහභාපතීත්වයෙන් පැවැත්වූ යුද්ධාධිකරණය මඟින් කැප්පෙටිපොල හා මඩුගල්ලේට මරණ දණ්ඩනය නියම කරනු ලැබූ අතර එසේම රදළ නායකයන් 40 කටත්, දරණ දඬුවම නියම කරනු ලබනවා. මරණ දඬුවම නියමව තුබූ නොවැම්බර් 26 අලූයම දළදා මාලිගාවට ගොස් වන්දනා මාන කරන අතර මෙම අවස්ථාවට ඔහුගේ හිතවතෙක් වූ ඌව ඒජන්ත සෝවර්ස් ද සහභාගි වෙන අතර එළිපත්තෙහි සිට දළදා වහන්සේ වන්දනා මාන කරගැනීමෙන් අනතුරුව ඉනේ ඔතාගෙන සිටි තුම්පොට්ටිය ගලවා දළදාවට පූජා කරමින් සතුටු සිතින් සෝවර්ස්ට අතට අත දී සමුගෙන වධක පිටියට ගොස් අභීතව මරණයට මුහුණ දෙන ලදි. මරණය හමුවේ කැප්පෙටිපොල නිලමේ දැක්වූ එඩිතර බව නිසා ඔහුගේ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කළද, පසුව 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා විසින් හිස්කබල මෙරටට ගෙන ඒමෙන් අනතුරුව ටික කලක් කොළඹ කෞතුකාගාරයේ තබා 1954 නොවැම්බර් 26 ඥාතීන්ගේ වගේම මහජනතාවගේ විරෝධය මැද මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ස්මාරකයක් තනා ඒ තුළ නැත්පත් කරනු ලබනවා.
පළමු නිදහස් අරගලයට දුන් වීරත්වය නිසාම අදටත් කැප්පෙටිපොල උඩ දුම්බර නිම්නයේ මොණරවිල අලූත් දෙවියන් ලෙස දේවත්වයේ සලකන්නේ එවන් වීරෝදාර මිනිසෙකුගේ උත්තුංග වීරත්වය යළි යළිදු මෙබිමේ උස් නිදහසට අවශ්‍ය බව හැෙඟන නිසාය.
එදත් අදත් කැප්පෙටිපොල යනු ජාතික නිදහස සාක්ෂාත් කරගැනීම උදෙසා වන අධිරාජ්‍යවාදයට එරෙහි වූ වීරත්වයේ සංකේතයයි. වසර දෙසීයද අභිබවන මේ මොහොතේ මව්බිම පත්ව ඇති මහා ඛේදවාචකයන් අභිමුවේ එම ඛේදවාචකයන් පරාජය කරලන්නට කැප්පෙටිපොල වන් අභීත වීරත්වය මුහු ප‍්‍රතාපවත් ජාතික පෞරුෂත්වයක් අවැසිය.
‘‘අදින් පසු මව්බිමේ නිදහස පතාජීවිතයම පුදන්නෙමි….!
රුදුරු අදිරද දෙපා මුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා රටට වින කළ හතුරු කැළ පිටුවල් කෙරුමට යුද වදින්නෙමි….”
ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ වීරයෙකුට ගැනීමට සිදුවන්නේ වඩාත් දුෂ්කර හා අපහසු එමෙන්ම බොහෝ දෙනකුට ගත නොහැකි තීන්දු තීරණයන්ය. එය මව්බිමේ උස් නිදහස පිණිස වීම වඩාත්ම වීරත්වයයි.
අනුරාධ තෙන්නකෝන්
සභාපති, ජාතික ගොවිජන එකමුතුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...