දේශීය පුවත්

රත්රන් ආනයන තීරු බද්ද 15%ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ රත්රන් මිල 15% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඊළඟට පිහිටුවන ආණ්ඩුව යටතේ රත්රන් ආනයන බද්ද පෙර තිබූ ප්‍රමාණයටම ගෙන එන බව ද මන්ත්‍රිවරයා පැවැසුවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ ද කීය.
ඊයේ රාත්‍රියේ සිට රජය ගැසට් නිවේදනයක් මඟින් මෙරටට ආනයනය කරන රත්රන් සඳහා 15%ක තීරු බද්දක් පනවලා තිබෙනවා. මේ තීරුබද්ද නිසා ක්‍ෂණිකව ඇතිවන ප්‍රතිඵලය තමයි ආනයනය කරන රත්රන්වල මිල ලක්‍ෂයක් වන විට රුපියල් 150,000ක් රජය ආනයන බදු වශයෙන් අය කරනවා. රත්රන්වල මිල රක්‍ෂණයට හා ගාල් කුලියට 15%ක් සෘජුවම එකතු වෙනවා. එම නිසා මෙහි ක්‍ෂණික ප්‍රතිඵලය වන්නේ දේශීය වෙළෙඳපොළ තුළ රත්රන් මිල 15%ට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑමයි.

රත්රන් වෙළෙඳපොළේ ප්‍රකාශකයන් සඳහන් කරන පරිදි වර්තමානයේ අපේ රටේ රත්රන් පවුමක මිල රුපියල් 55,000ක් වෙනවා. දැන් මේ 15% තීරු බද්දත් සමඟ රුපියල් 8000ක ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 63000ක් දක්වා රත්රන් පවුමක මිල වැඩිවෙනවා. මොකද ආනයන තීරු බද්දට අමතරව තවත් බදු මේ සඳහා එකතු වෙනවා. රජය සඳහන් කරන්නේ ප්‍රධාන අරමුණ ලෙස ලංකාවේ රත්රන් නිෂ්පාදනය කරන්නේ නැහැ. ආනයනය කරන රත්රන් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලට ජාවාරම්කාර ලෙස යැවීම වැළැක්වීම සඳහා නව බදු නැංවීම සිදු කළ බවයි. මෙය කිසිසේත්ම සාධාරණ සහ යුක්ති සහගත තර්කයක් නොවෙයි.

රත්රන් ආනයනයට සීමා කිරීම් බාධා කිරීම් වැඩි වෙන විට විවිධ අක්‍රමිකතා දූෂණ, වංචා ඉතිහාසය පුරාම සිදුවෙලා තිබෙනවා. මෙවැනි නීතිරීති දැඩිව තිබුණ යුගවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රත්රන් පොලු සහ බිස්කට් ගෙනැවිත් ගුවන්තොටුපොළේදී හසුවෙලා මන්ත්‍රිධුර අහෝසි වුණ අවස්ථා පවා තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව රත්රන් ආනයනය සම්බන්ධයෙන් තිබුණු නීතිරීති සහ බදු විශාල වශයෙන් අඩු කළා. දේශීය මැණික් හා ස්වර්ණාභරණ සඳහා යොදා ගන්නා රත්රන් ලාභදායි මිලට ගන්න පුළුවන්කම තිබෙන්න ඕන දේශීය කර්මාන්තකරුවන්ට. එහෙම වුණොත් විතරයි විදේශ වෙළෙඳපොළේ මැණික් හා ස්වර්ණාභරණ ලාභදායි මිලට අලෙවි කරගන්න පුළුවන් වෙන්නේ.

අපි රත්රන් සලකන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් හැටියට නොවෙයි. සංස්කෘතික භාණ්ඩයක් හැටියටයි. ඒ වගේම රත්රන් කියන්නේ අනාගත ආයෝජනය සඳහා යොදා ගන්නා ආයෝජන භාණ්ඩයක්. රත්රන් හොර මාර්ගවලින් ආනයනය කරනවා නම් කරන්න තියෙන්නේ ඒවා නැවැත්වීම මිස බදු පැනවීම නොවෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ඊළඟට පිහිටුවන ආණ්ඩුව මඟින් රත්රන් ආනයන බද්ද කලින් තිබූ ප්‍රමාණයටම ගෙන එන බවට ප්‍රතිඥාවක් ලබාදෙන්න පුළුවන්.

මේ ආකාරයට බදු පැනවීම මඟින් හොර මාර්ගවලින් රත්රන් ආනයනය කිරීම පමණයි සිදුවන්නේ. ඒ වගේම මෙලෙස බදු පැනවීම මඟින් රත්රන් කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට මුහුණ දෙනවා. නිශ්චිත බදු ප්‍රතිපත්තියක් නැතිවීම ආයෝජනවලට සෘජුවම බලපානවා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More