එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සුදුස්සා එහි වත්මන් නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් බව අරලියගහ මන්දිරයේදී පැවැති අලුත් අවුරුදු කෑම මේසයට සහභාගි වූවන් රැසක්ම පවසා ඇත.
මහ ලේකම් ධුරය සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මේ වනවිටත් යෝජනා වී ඇතැයිද ජේයෂ්ඨ සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් එජාපයත් වත්මන් යහපාලන රජයත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යායුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන එහිදී කීවේය.
පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ වසර තුනක කෙටි කාලයකදී මෙරට අධ්‍යාපනයේ උන්නතියට දැවැන්ත කාර්යයක් ඉටුකළ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයා එජාප මහ ලේකම් තනතුරට පත්වුවහොත් වගකීම නිවැරැදිව ඉටුකරනු ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක එහිදී පැවැසුවාය.
එජාපයේ ප්‍රබල තනතුරු රැසක් තරුණ අදහස් හඳුනන දීර්ඝ කාලයකදී පක්ෂයේ ක්‍රියාකාරීව කටයුතු කරන තරුණ කණ්ඩායමක් අතට පත්වනු ඇති බවට අදහස් පළ කළේ එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු සාමාජික අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...