දේශීය පුවත්

ත්‍රී රෝද රථ ගාස්තු සදහා ස්ථාවර මිලක් හදුන්වා දිය යුතු අවස්ථාවක මීටර් සවිකිරීම හා බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය කර නීති සෑදීම හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමකි. මගියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සැබෑ උවමනාවක් රජයට ඇත්නම් පළමුව කල යුත්තේ ත්‍රී රෝද රථ ගාස්තු සදහා ස්ථාවර මිලක් හදුන්වා දීම වන අතර මේ වන විට ත්‍රී රථ රියදුරන් විවිධ මිලගණන් අය කරමින් මගියාගේ මුදල් මංකොල්ලකමින් සිටී.

සමහර ත්‍රී රථ කිලෝමීටරයට රුපියල් 30 ක් අයකරද්දී තවත් ත්‍රී රෝද කිලෝමීටරයට රුපියල් 40 ක් අයකරයි. පළාත් මට්ටමින් ස්ථාවර ගාස්තුවක් නියම කළ යුතු බව අප සංවිධානයේ අදහසයි.

ත්‍රී රෝද රථ නියාමනය කිරීමට කිසිසේත්ම අදාල නැති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවට ත්‍රී රෝද රථ නියාමනය බාරකලේ ඇයිද? යන්න අපට ගැටලුවක් වනවා පමණක් නොව එය නරියාට කුකුලන් භාරදුන් බව පෙනී යන්නේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපතිවරයාට එරෙහිව ත්‍රීරෝද රථ සංගම් කරන චෝදනා පිළිබදව අවධානය යොමු කිරීමේදීය.

මීටර් නිෂ්පාදන සමාගම් පෝෂණය කිරීම අරමුණු කොට නීති සැදීම වහා නවතා දමන ලෙසත් මගියාට සාධාරණය ඉටු කිරීම සදහා ත්‍රී රෝද රථ ගාස්තු සදහා ස්ථාවර මිලක් නියම කිරීමට නීති සාදන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More