රටේ පවතින ආර්ථික තත්ත්වයත්් සමග මින් ඉදිරියට විදේශ ණය නොගැනීමට රජය සහ ඇමැති මණ්ඩලය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බව සම කැබිනට් ප‍්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ණය ලබා ගැනීමෙන් වැළැකී බී ඕටී හෙවත් යම් ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමෙන් පසුව කි‍්‍රයාත්මක කර රජයට භාරදීම, බී ඕ ඕ හෙවත් නිර්මාණයෙන් පසුව කි‍්‍රයාත්මක කර අයිතිය ලබාදීම සහ පීපීපී හෙවත් රජයත් ව්‍යවසායකනුත් අතර ඇතිකර ගන්නා එක`ගතාව මත කටයුතු කිරීම සහ විදේශ ආයෝජන ළ`ගා කර ගැනීම ඉදිරියේදී රජයේ ප‍්‍රතිපත්තිය වනු ඇතැයිද ඇමැතිවරයා ස`දහන් කළේය.
ඉකුත් 2015 වසරේ යහපාලනයට රට භාර දෙන විට දළ දේශීය නිෂ්පාදනයට අනුව මෙරට ණය බර ටි‍්‍රලියන 7.43 ක්ව තිබුණු අතර යහපාලනය සමයේ තවත් ටි‍්‍රලියන 5.5 ක ප‍්‍රමාණයක් ලබා ගැනීමත් සම`ග එය සියයට 87 දක්වා ඉහළ ගිය බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
එම තත්ත්වය මෙවර අයවැය වන විට සියයට 92 දක්වා ඉහළ ගොස් ඇති බැවින් තවදුරටත් ණය ලබාගතහොත් රටේ ණය බර දළ දේශීය නිෂ්පාදන ඉක්මවා යන තත්ත්වයක් ඇතිවන බවද හෙතෙම පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අන්තර්ජාල මාර්ගගත ක‍්‍රමයට ඊයේ (01දා* පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ස`දහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...