දේශීය පුවත්

සිරිකොතේ වැඩ තුනට බෙදයි

April 23, 2018 9:22 am | Lanka Lead News

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ප්‍රධාන ක්‍ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යක්‍ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්‌ඩලයකට බලය පැවරීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්‌ටමින් ක්‍රියාවට නැංවීම වැනි වැඩකටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනකුට බලය පැවරෙන අතර ඔවුන්ට සහාය දැක්‌වීමට විෂය භාර නව ලේකම්වරුන් තිදෙනකු පත් කෙරෙනු ඇත.

පක්‍ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්‌ටමේ සිට ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාටත්, ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යැම ඒ සඳහා පත් කරන ප්‍රධානියාටත් වගකීම් පැවරෙන අතර පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙය වීමේ කටයුතු මහලේකම්වරයා වෙත පැවරේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සිදු කරනු ලබන නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්‍ෂය ශක්‌තිමත් කිරීම සඳහා පියවර රැසක්‌ මේ වන විට ගෙන තිබෙන අතර පක්‍ෂ මූලස්‌ථානය අංශ තුනකට වෙන් කර නිලධාරි මණ්‌ඩලයකට බලය පැවරීම එහි තවත් පියවරකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More