විදේශ පුවත්

වයස අවුරුදු ‍ෙදාළහට අඩු ළමයින් දූෂණය කිරීමේ වරදට වරදකරුවන් වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය රජය එරට අපරාධ නීතිය සංශෝධනය කිරීමෙනි.

සංශෝධනය අනුව වයස අවුරුදු දහසයට අඩු ගැහැනු ළමයකු අපයෝජනයට ලක්කර වරදකරුවකු වන්නකු හට මෙතෙක් ලබාදුන් වසර දහයක සිරදඬුවම වසර විස්ස දක්වා දීර්ඝ කර ඇති අතර දහසයට ඉහළ සීමාවේ සිටින කාන්තාවක දූෂණය කර වැරැදිකරුවකු වන පුද්ගලයකු හට ලබා දී තිබූ වසර හතක සිරදඬුවම වසර දහය දක්වා දීර්ඝ කර ඇත.

ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාවේ පාලිත කාශ්මීර් ප්‍රදේශයෙහි කනවු දිස්ත්‍රික්කයේ අට හැවිරිදි මුස්ලිම් දැරියක හින්දු පුද්ගලයන් කිහිපදෙනකු විසින් සමූහ දූෂණයට ලක්කර මරා දැමීමත් සමඟ එරට පුරා ඇතිවූ උද්ඝෝෂණ රැල්ල, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ දහසය හැවිරිදි ගැහැනු ළමයකු දූෂණය කිරීමට භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු ක්‍රියා කර ඇතැයි යන්න චෝදනා ලැබීමත් සමඟ තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම දැඩි තීරණය ගෙන ඇතැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉන්දියාවේ ළමා හා කාන්තා අපචාර පිළිබඳ නීතිය මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට දේශීය සහ ජාත්‍යන්තර චෝදනා එල්ල වූයේ වසර 2012 දී දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කර මරාදැමීමත් සමඟිනි.

ඉන්දීය වාර්තාවන්ට අනුව සෑම පැයකට වරක් අවම වශයෙන් කාන්තාවන් හතර දෙනකු අපයෝජනයට ලක්වන අතර දිනකට කාන්තාවන් පනස් දෙනකු පමණ අපයෝජනයට ලක්වන නමුත් ඒ පිළිබඳ එරට නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා එල්ලවී ඇත. වසර 2016දී පමණක් එරට තුළ වාර්තා වී ඇති කාන්තා අපයෝජන ප්‍රමාණය හතළිස් දහසක් බව පෙන්වා දෙන එම වාර්තා තවදුරටත් සඳහන් කරනුයේ එම ප්‍රමාණය එයට සමාන අගයකින් වර්තමානයේද ක්‍රියාත්මක වන බවයි.

එම අපයෝජනයන්ගෙන් සියයට හතළිහක් කුඩා දරුවන් බව පෙන්වා දෙන අතර එයින් දැඩි ලිංගික අපයෝජනයන්ට ලක්වූ ළමයින්ගේ ප්‍රමාණය සියයට විසි අටයි දශම දෙකක් බවද වාර්තා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More