විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එතරම් ගනන් ගතයුතු දෙයක්වත් කලබලයට පත්වියයුතු දෙයක්වත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මේ ආකාරයෙන් පෞද්ගලික මන්ත්‍රි යෝජනා ඕනෑතරම් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වන බවත් එවැනි යෝජනා ගැන කිසිදු ආකාරයකින් අනවශ්‍ය කලබල ඇතිකරගැනීම ප්‍රයෝජනවත් දෙයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙවැනි පෞද්ගලික මන්ත්‍රියෝජනා විවාදකොට පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එය යළි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිට ලක්වියයුතු බවත් ඊට අමතරව ජනමත විචාරණයකට ලක්වීම ඇතුළු නීතිමය කරුණු ගණනාවක් සපුරාලිය යුතු බවත් රංජිත්ද සොයිසා මහතා පෙන්වා දෙයි.
මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බලතල වැඩිකිරීමට එක්සත් ජාතික පකෂයේ ජනතා විපුක්ති පෙරමුනේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු කොටි හිතවාදී හා රටට හතුරුකම් කරන ඇතැම් එන්. ජී. ඕ.(NGO) නඩ ගනු ලබන සෑම උත්සාහයක්ම පරාජය කිරිමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගන්නා බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපතිධුරය අහෝසිකරනවානම් එය කළ යුත්තේ රටේ භෞමික අඛන්ඩතාවය ජාතික ආරක්ෂාවය කිසිදු ආකාරයකින් හානියක් සිදුනොවන අයුරින් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් 13 වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත පළාත් සභා අහෝසි කළයුතු බවත් ශක්තිමත් අෘන්ඩුවක් පිහිටුවීමට හැකිආකාරයෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය වීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බවත් වැඩිදුරටත් අදහස් දැක්වු ඒකාබද්ද විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...