පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් ඉදිරිපත්නො වුණොත්…එය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ අවස්ථාවක් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි බවත් එය භාරගැනීමට මේ දක්වා කිසිවකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා කැබිනට් අමාත්‍ය ධුර. රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරුවොත් එජාප අමාත්‍ය ධුරයක් දරද්දී නියෝජ්‍ය කතානායක ධුරයද දැරීමට නොහැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම නිසා අමාත්‍ය ධුර නොදරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් එම තනතුර භාරගත යුතුව ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අද (24දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...