ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අනුර කුමාර කණ්ඩායම හා ලාල් කාන්ත කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකකට බෙදී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසයි.
ලංකා ඉතිහාසයේ වෙච්ච මහ මංකොල්ලයේ මංකොල්ලකරුවා විශ්වාසභංගය දිනු වෙලාවේ පාරට බැහැලා රතිඤ්ඤා දැන්ම කැපුවත් කොළ කියන මිනිස්සුන්ව අපි දැක්කා. අපිට ඔවුන්ට කියන්න තියෙන්නේ විශ්වාසභංගය කියන්නේ බොම්බයක් නෙවෙයි. එය පොකුරු බොම්බයක් බව අපි මතක් කරන්නට කැමතියි.
විශ්වාස භංගයෙන් පාර්ලිමේන්තුවේ මහ ලොකුවට උදම් අනපු තුනෙන් දෙක ඔවුන්ට නැති වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සෑම මැතිවරණයකටම පස්සේ බුර බුරා නැගෙන රනිල් විරෝධි කැරැල්ලට සධාරණ නව ජවයක් ලැබී ඇති බව අමතක කරන්නට එපා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියේ පිපිරීම ඒ පොකුරු බොම්බයේ තවත් එක් බොම්බ පාර්ශවයක් බව අමතක කරන්න එපා.
සමාජයට, මාධ්‍ය ඉස්සරහට ඇවිත් තොත්ත බබලා වගේ හැසිරෙන ජනතා විමුක්ති පෙරමුණ තුලත් මේ විශ්වාසභංගය නිසා දෙකට බෙදීමක් ඇතිවුන බව. අනුර කුමාර සහ ලාල් කාන්ත යනුවෙන් පිල් දෙකක් බෙදුනු බවට සමාන්‍ය මහජනතාව නොදන්නවා වුණාට දේශපාලනයතුල එය රහසක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණත් අපි දන්වනවා. ඒ පොකුරු බොම්බය පුපුරා ගිය තවත් එක් කදවුරක් බව මතක තියා ගන්න.
දෙමළ මිනිසුන්ගේ ඓතිහාසික නායකයා ලෙස පෙනී ඉන්න ත්‍රස්තවාදීන් සමග උරෙන් උර ගෑටි ඔවුන් විසින් බිහිකරපු TNA නම් සංවිධානයේ සම්බන්දන් විපක්ෂ නායකයා නොව රනිල් වික්‍රමසිංහගේ කුක්කෙක් බව ජනතාවට මේ විශ්වාස භංගය නිසා එත්තු ගියා.
ඒ වගේම අපි හැමදාම වගේ කියන සිංහ නාද බලුකෙදිරි පාච රණවක නම් වූ සිංහල ජාතිය වෙනුවෙන් ඓතිහාසික තිරණ ගත් දොන් ජුවන් ධර්මපාලට විරුද්ධව සිංහල සංකේත මැවු මිනිසාත් දොන් ජුවන් ධර්මපාල රකින්නට බිහිවෙච්ච තවත් එක් බලු කුක්කෙක් බවට විශ්වාස භංග යෝජනාවේදී පත්වුනා.
මේ පොකුරු බොම්බය තවමත් පිපිරි හමාර නැති බවත් අපි මතක් කරන්නට කැමතියි.
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...