ශ්‍රී ලංකා නිදහස් පක්ධය උඩු යිකුරුකරවන ප්රතිසංවිධාන ක්‍රියාවලියක් මැයි 08 වැනිදායින් පසුව දින 45 ක් අැතුළතදී ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය් මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් එම කාලය තුළදී පක්ෂෙය් ජාතික අාණ්ඩුෙවන් ඉවත්වීම සම්බන්ධෙයන් තීරණයක් ගැනීමට කටුයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය ප්‍රකාශක හිටපු මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ජාතික ආණ්ඩුවේ සිටින කාලය සම්බන්ධයෙන් එහිදි තීරණය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
එම ප්රතිසංවිධාන ක්‍රියාවලිය සදහා මැයි 08 වැනිදායින් පසුව කමිටුවක් පත්කිරීමට තීරණය කළ බවත් පක්ෂයේ ප්‍රබල තනතුරු රැසක් එහිදී අනිවාරයෙන්ම වෙනස් වන බවද ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයින් 16දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග විපක්ෂයෙන් අසුන්ගැනීමට තීරණය කළ බවද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මෙම තීරණ ගන්නා ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රධානයෙන් ඊයේ(24 ) දින රාත්‍රි ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.
රාත්‍රි 7.30 සිට 11.30 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...