ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් සිදු කරන ප්‍රධාන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම්වලින් පහළ හෙළීමට පසුගියදා කටයුතු කරනු ලැබ ඇත.
සියලු ආණ්ඩු ලබාගෙන ඇති දේශීය ණය පංගුවෙහි වැඩිම කොටස ලබා ගෙන ඇත්තේ ලංකා බැංකුවෙන් බව පැවසෙන අතර; ජාත්‍යන්තරව ගනුදෙනු කරනු ලබන මෙරට කුඩා බැංකු බොහොමයක් සහ ව්‍යාපාරික ආයතන විදෙස් ගණුදෙනු සඳහා ණයවර ලිපි ( LC ) විවෘත කරන්නේ ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ලංකා බැංකුව හරහාය.
ඔවුන් වෙනුවෙන් ඇපකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ලංකා බැංකුවයි. ඒ අනුව ලංකා බැංකුව හරහා ඇප තැන්පත් කිරීමකින් තොරවම ( 0% Margin ) ණයවර ලිපි විවෘත කිරීමේ අවස්ථාව මේ දක්වා හිමිව තිබිණි.
නමුත් ලංකා බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමත් සමඟ ජාත්‍යන්තරව ගනුදෙනු කරනු ලබන සමාගම් හා බැංකුවලට 100%ක් ඇප තැන්පත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංස් (Fitch Ratings) ආයතනය ද පසුගිය 08 වන දින ලංකා බැංකුවේ විදෙස් ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ දැමීමට පියවර ගෙන තිබුණි.
ජාතියේ මහා පහන් ටැඹ ලෙස හඳුන්වන ලංකා බැංකුව විදෙස් ණය ශ්‍රේණිගත කිරීමවලින් පහළ හෙළීමත් සමඟ එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයකට දිගුකාලීනව දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසයි.
එහි බලපෑම මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදුකරන ප්‍රධානතම පෞද්ගලික බැංකුවලටද ඉදිරියේදී බලපානු ඇතැයිද ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...