ජනතාව මත අධික ලෙස බදුබර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ඊයේ(24) රත්‍රී පැවති සාකච්ඡාවකදී බදුබර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ක්‍රියා කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.අප්‍රේල් 01 වැනිදා සිට කුලී බදු වශයෙන් 10%ක බද්දක් අය කරගැනීම සහ රත්‍රං සඳහා 15% ක බද්දක් අය කරගැනීම නිසා ජනතාව මහත් පීඩාවට පත්ව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇත.මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රෑළියේ ප්‍රධාන තේමාවක් වශයෙන්ද ජනතාව මත අධික ලෙස බදුබර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හඳුන්වාදීමටද මෙහිදී තීරණය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...