දේශීය පුවත්

ගෝලීය සංසදය බිහිකළේ ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් පරගැති බලවේග පරාජය කිරීමට බව කුවේට් රාජ්‍යෙයේ ගෝලීය සංසදයේ සභාපතිනී මාරි විලියම් මහත්මිය පැවසීය. ඊයේ (24) කොළඹ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසූවාය.

ගෝලීය ශ්‍රී ලාංකකික සංසදය කියන්නෙ ශ්‍රී ලංකාවෙන් පිටත විදේශගතව ජීවත්වන ලක්ෂ 15ක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මව් සංවිධානයයි. අපි දෙමළ ගෝලීය සංසදය ට විරුද්ධව සිංහල ගෝලීය සංසදයක් හැදුවේ නැත්තේ සිංහල, දෙමළ ,මුස්ලිම් සියලු ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන්නයි. ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශාඛා කිහිපයක් පිහිටා තිබෙනවා.

අපි ගෝලීය සංසදය පිහිටුවන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන විදේශීය සහ දේශීය පරගැති බලවේග වලට විරුද්ධව කටයුතු කරන්න. විශේෂයෙන්ම රට බේරා ගත් වීරෝධාර රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලින් ගල්වා ගැනීම්ට සහ රට බෙදන ව්‍යවස්ථා සංශෝ සංශෝධන ක්‍රියා ක්‍රියාවලිය පරාජය කරන්න.පසු ගියවසර තුනක කාලය තුළ අප ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ රණවිරුවන් චෝදනාවලින් නිදහස් කරන්න ‘‘විත්තිවාචකය‘‘ සහ ඊට අදාළ පෙත්සම් ගණනාවක් අප ඉදිරිපත් කළා සභාව තුළ දෙමළ ඩයස්පෝරාවෙ මතය පරාජය කරන්න අප කටයුතු කළා.

රට බෙදන ව්‍යවස්ථා සංශෝධනයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන ව්‍යාජ ලේබලය යටතේ 20 වන සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙලා. අපි ඒ මහා පාවාදීම තරයේ හෙලා දකිනවා. අපි කියනවා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා නොකළ යුතුයි කියලා 20 වැනි සංශෝධනය කියන්නේ බෙදුම්වාදී සතුටු කරන වැඩක්.

අපි දන්නවා කරන්න හදන දේ මොකක්ද කියල. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි. ඒ නිසා ඒක අනන්තයට කල් යනවා. ඒක ඉස්ක ඉස්සරහට දාලා ගෙනෙන බෙදුම්වාදීන්ට ඕන සංශෝධන සම්මත කරනවා මේක තමයි උගුල. අපි කියනවා අවධාරණයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ උගුල්ට පය තබන්න එපා කියලා මේකට අත ඔසවන්න සියලු දෙනා කරගන්නෙ මහා ඓතිහාසික පාපකර්මයක්.

අපිට සතුටුයි මේ රට බෙදන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්න ඊට තුනෙන් දෙකේ විශේෂ බහුතර කැමැත්ත හිමි කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන් දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට එනවා. ඒක දේශප්‍රේමී දේශහිතෛශී ක්‍රියාවක් කියලා අපි හිතනවා. අපි ඔවුන්ට මල්මාලා දමා හිස නමා, ආචාර කොට පිළිගන්නවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් ආණ්ඩුවේ සිටින දේශප්‍රේමී මන්ත්‍රීවරුන් විපක්ෂට රැගෙන එන්න කියලා. අපි ඒ අයවත් හිස නමා ආචාර පිළිගන්නවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More